ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක් ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් අද (17) පත්කළේය. 18 February 2025
මාදැල අදිමින් තිබු ට්රැක්ටරය පෙරැළී රියදුරා මරණයට උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 18 February 2025
එකලස් කළ වාහනයක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සහ පුතා මාට්ටු එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 18 February 2025
ආපනශාලා ආහාර මිල ඉහළ දමයි ආපනශාලා ආහාර මිල අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය. 18 February 2025
මන්නාරමේ ළමා රෝග ලොකු දොස්තර නැතිව දරුවන් අමාරුවේ මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට රාජකාරියට වාර්තා නොකිරීම නිසා අලුත උපන් දරුවන් සහ ගැබිණි මවුවරුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පාලනාධිකාරිය පවසති. 18 February 2025
සූර් පිට පාසලකට ගිය පීසී රිමාන්ඩ් බීමතින් රජයේ පාසැලකට ඇතුල්වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව මල්ලාවි පොලිසිය පවසයි. 18 February 2025
නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකාරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරිමස 59.0 ක දර්ශන අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 18 February 2025
රට පැන්න කොස්තාපල්ට සහය දුන් අය ගැන තොරතුරු එළියට ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 රැගෙන ගොස් එම ගිනි අවිය අපරාධ කල්ලි සාමාජිකයන්ට ලබාදුන් කොස්තාපල්වරයාට ආධාර අනුබල දුන් තවත් පොලිස් නිලධාරීන් කීප දෙනකු පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති බවත් එම නිලධාරීන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 18 February 2025
ක්‍රීඩා දියුණුවට ඇමරිකාවේ සහය ඇමරිකා තානාපතිනි ජූලි චංග් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්ම මහත්මීන් අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 18 February 2025
අපි හැන්ද ගත්තේ මිනිස්සුන්ට බෙදන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව ගත්තේ මිනිස් ජීවිත සුවපත් කරන්න මිසක් අපිට බෙදා ගන්න නොවේ යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 February 2025
පාන් රුපියල් 10කින් අඩු කරයි පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය. 18 February 2025
ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්රවල ජල මට්ටම සීඝ්රයෙන් පහළ බසිමින් පවතින බවත් උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 February 2025
ඉන්ධන බදු ඉක්මනින්ම අඩු කරනවා ඉන්ධන මත පනවා ඇති බදු ඉක්මනින්ම අඩු කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 February 2025
’’අයවැය නරකමත් නෑ’’ අයවැය නරකමත් නැතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.පෙ)පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පැවසීය. 18 February 2025
ගජමුතු සමඟ අයෙක් අත්අඩංගුවට උප්පුවේලී පොලිස් වසමට අයත් ලංගම ඩිපෝව අසලදී ජාවාරම්කරුවෙකු එනතෙක් ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීහු සමත් වූහ . 18 February 2025
වැඩ තහනම් වී නැවත සේවයට එන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණයක් වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් පොලිස් රෝහලේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2025
අපරාධ කල්ලි සමාජිකයෙක් ගිනි අවියක් -උණ්ඩ 14ක් සමඟ අල්ලයි දකුණු පළාතේ ක්‍රියාත්මක ප්‍රබල අපරාධ කල්ලියක සාමාජිකයෙකු විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 14 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 18 February 2025
නාමල්ට අධි චෝදනා බාර දෙයි ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් කෝටි හතක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අද අධි චෝදනා පත්‍ර බාරදුන්නේය. 18 February 2025
කම්කරු නි.ඇමති හර්ෂට ගීයකින් පිළිතුරු දෙයි හර්ෂගෙ පාර්ලිමේන්තු කතාව ඇහුණු විට තමාට පණ්ඩිත් අමරදේවයන්ගේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා යන සින්දුව මතක් වූ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය. 18 February 2025
හර්ෂගෙන් ජනපතිට සුබ පැතුම් ජනතාව ඉල්ලපු දේ දී ගන්න බැරි වූ ජීවිතේ ආණ්ඩුව තමා ඉල්ලන දේ දෙන්නේ කොහොමදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය. 18 February 2025
ඉන්දියානු සරසවි සිසුවා නාන තටාකයේ ඇදවැටී මරුට මැණික්හින්න ,කුණ්ඩසාලේ දම්බරාව ප්‍රදේශයේ නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි ඉන්දියානු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර සිසුවෙකු එහි නාන තටාකයේ ඇද වැටි ඔලුවට බරපතල තුවාල සිදුවීමෙන් අනතුරුව මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය කියයි. 18 February 2025
රිවස්ටන් කැලයේ අතරමං වූ මිත්තණිය-මුණුපුරා දිනකට පසු හමුවෙයි රිවස්ටන් පුංචි ලෝකාන්තය නැරඹීමට පොළොන්නරුවේ සිට පැමිණි පිරිසක් අතර සිටි මිත්තණියක සහ 16 හැවිරිදි ඇයගේ මුණුපුරා කැලයේ අතරමං වී සිටියදී පොලිසිය යුද හමුදාව සහ වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද එක්ව රැයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය කියයි. 18 February 2025
අවුරුදු තුනේ දරුවා- මාමා ළිඳට වැටී මරුට යාපනය සංකරතෙයිහි පිහිටි ළිදකට වැටී කුඩා දරුවෙකු හා ඔහුගේ මාම ජිවිතක්ෂයට පත්ව ඇති බව වඩුක්කොට්ටේ පොලිසිය සදහන් කරයි. 18 February 2025
දුම්වැටි සමඟ සිව් දෙනකු ගුවන්තොටේදී හසුවෙයි රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු සමග ඊයේ සහ අද (18) යන දෙදින පැය 12 ක කාළයක් තුළ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ 18 February 2025
ගිනි අවි-ජීව උණ්ඩ සමඟ අයෙක් අල්ලයි විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමඟ කටුනායක හීනටියන ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 18 February 2025
සූර් පිට පාසලකට ගිය පීසී අත්අඩංගුවට බීමතින් රජයේ පාසලකට ඇතුල්වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව මල්ලාවී පොලිසිය පවසයි. 18 February 2025
හොරෙන් කැනඩා පනින්න ගිය යුවළ කොටුවෙයි කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් ජපානය හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 18 February 2025
දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 February 2025
කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි ඇමෙරිකාවේ සිට කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි මගී ගුවන් යානයක් හිම කුණාටුවට මැදිවීමෙන් අනතුරට ලක්විය. 18 February 2025
රුසියාවට ඇමෙරිකාවට යුක්රේනය ගැන තීරණ ගන්න බෑ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය. 18 February 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026