ගාල්ලේ දරුවෙක් කොරෝනාවෙන් මරුට ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාසය එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්යක්ෂ රංග සභාපතිගේ මහතා පවසයි. 02 June 2025
ජා.ජ.බ දැනට පුංචි ආණ්ඩු 151ක් හදයි ජාතික ජනබලවේගය මේ වන විට දිවයිනේ පළාත් පාලන ආයතන 151ක බලය පිහිටුවා තිබේ. 02 June 2025
ඌව පළාතට ක්‍රීඩා සංකීර්ණයක් ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. 02 June 2025
අධිකරණයට අපහස කළැයි නීතිඥවරියගේ නඩුව අවසන් කරයි උසාවියට අපහාස කරන කළැයි කියමින් පුත්තලම මහාධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් පසු අභියෝජනාධිකරණය විසින් නොපමාව මුදා හරිනු ලැබු පුත්තලම මහාධිකරණ කලාපයේ රාජකාරී කරන නීතීඥ එස්.ඒ.පී. උදයංගනී මහත්මිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංයමය ගොනු කොට තිබූ රිට් පෙත්සමේ පාර්ශවකරුවන් අතර ඇතිවු එකඟත්වය මත නඩුව අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (02) තීරණය කළේය. 02 June 2025
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ් රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(02) නියෝග කළාය. 02 June 2025
ජාතික තේරීම් කමිටුව පත් කරයි ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. 02 June 2025
පැන ගිය සෙබළු 2983 ක් අල්ලයි ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සෙබළුන් 2983 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවැසීය. 02 June 2025
සුඛෝභෝගි වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසියෙක් අත්අඩංගුවට ව්‍යාජ ලේඛන සකසා පරිහරණය කළ රුපියල් කෝටි 16 ක් සුඛෝභෝගී වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසි භාවයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කියයි. 02 June 2025
විදුලි සැරෙන් මාරයා එයි කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරිමට ගිය පුද්ගලයකුට විදුලි සැර වැදීමෙන් අද (02) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය . 02 June 2025
’’ මගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම රුපියලක්ම කප්පාදු කළා’’ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ කප්පාදු කළ හැකි හැම ප්‍රමාණයක්ම තමා කප්පාදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 02 June 2025
පුංචි සභා 138 ක් ඇරීම කල්යයි පළාත් පාලන ආයතන339න් එකසිය හැත්තෑ අටක් සභික නම් ලැයිස්තු භාරදීම ප්‍රමාද වීම ප්‍රධානීන් පත් නොකිරීම හා විවිධ නීතිමය ගැටලු හේතුවෙන් අද(2) දිනයේ ස්ථාපනය කිරීම ගැටලුකාරී වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 02 June 2025
මාර ගස් දෙකක් පාසලක් වහයි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රි කාෆෙක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැඩිමේ දැඩි අවදානමක් නිසා පාසල අද (02) හෙට (03) දින දෙක වසා දැමීමට තීරණය කළ බව එම විදුහලේ විදුහල්පති ජේම්ස් වික්ටර් මහතා පැවසීය. 02 June 2025
සූර් වී පුද්ගලයෙකුට පහරදුන් සෙබළු 6ක් අත්අඩංගුවට පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය අසලදී බීමතින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබලු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. 02 June 2025
පානදුර වෙඩිතැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවෙකු විසින් පානදුර වලාන ගැමුණු මාවත ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 June 2025
උදැල්ලකින් පහරදී අයෙක් මරලා හොරණ , රෙමුණ ලී මෝලක සේවකයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව එක්සේවකයෙකු අනෙක් සේවකයාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. 02 June 2025
පුංචි ආණ්ඩුවල අලුත් සභික නාම ලේඛන හෙට ලංකාදීපයේ පළාත් පාලන ආයතන 161 නව සභිකයන්ගේ නම් හෙට ලංකාදීප පුවත්පතේ පළ වේ. පළාත් පාලන ආයතන 339 කට අදාළව මැයි 6 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවූ සභිකයින්ගේ නම් ප්‍රසිද්ධ කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 02 June 2025
පළාත් පාලන ආයතන 161 ක වැඩ අදින් ඇරැඹෙයි පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 02 June 2025
මහින්දානන්ද -නලින් බලන්න පුළුවන් මාසයකට සැරයයි බරපතළ වැඩ සහිත සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2025
දිය තටාකයකට වැටී සිසුවියන් දෙදෙනකු මරුට මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි. 02 June 2025
පළාත් කිහිපයකට තරමක වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 02 June 2025
චීනෙන් ලංකාවට මකර බෝට්ටු පහක් ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත්විණි. 01 June 2025
දියේ ගිලී හතරක් මරුට මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු පොකුණේ සහ උඩුප්පුකුලම් වැවේ ගිලි සිසුවියන් දෙදෙනකු සිසුවකු ඇතුළු සිව් දෙනකු මියගොස් ඇතැයි මුලතිව් පොලිසිය කියයි. 01 June 2025
සෙවනගල වහන්න කිසිඳු අදහසක් නෑ සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක් නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (1) පැවසීය. 01 June 2025
දේශීය ඖෂධ නිෂ්පාදකයාට උපරිම හයිය දෙනවා මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. 01 June 2025
රිය අනතුරින් 4 ක් රෝහලට පානදුර දිබ්බැද්ද හන්දියේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති බව පින්වත්ත පොලිසිය සදහන් කරයි . 01 June 2025
දරුවන් අතරෙ ඩෙංගු- චිකුන් ගුන්යා -ඉන්ෆ්ලූවන්සා වැඩිවෙලා දරුවන් අතර ඉන්ෆ්ලූවන්සා ඩෙංගු සහ චිකුන් ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය 01 June 2025
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (01) උදෑසන සිට විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබිණි. 01 June 2025
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (1) දහවල් සිට යථා තත්ත්වයට පත් කල බව දුම්රිය පාලක මැදිරිය පවසයි . 01 June 2025
කෝටි 7ක හෙරොයින් නයිවලින් සොයාගනී රෙදිපිළි වෙළඳාමක නිරත බවට හඟවමින් මත් කුඩු වෙළඳාමේ යෙදුණු තරුණයෙකු රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ නයිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 01 June 2025
කෝටි දෙකක අයිස් සමඟ යුවළක් මාට්ටු හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ දී කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට විවාහක තරුණ යුවළක් අද (01) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය. 01 June 2025
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය .. 17 August 2026