යාල ජාතික වනෝද්යානයේ 01 සහ 02 කලාප හෙට සිට වහයි යාල ජාතික වනෝද්යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා හෙට(14) සිට මාසයක කාළයකට තාවකාලිකව වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 13 September 2026
බදුල්ලේ විසිපන්දහසක් උග්ර පානීය ජල ගැටළුවක එල්නිනෝ බලපෑම නිසාවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 6653ක පුද්ගලයන් 25413ක් උග්ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇතයි බදුල්ල දිස්ත්රික් ලේකම් සුනිල් ගලගම මහතා පවසයි . 13 September 2026
හොරට නිෂ්පාදනය කළ පාවාහන් යුගල 1000ක් දෙහිවලින් අල්ලයි මෙරටදී නිශ්පාදනය කර චීනයේ නිෂ්පාදනය කළ සඳහන් කළ බවට සටහන් කළ පාවහන් යුගල් 1,000කට ආසන්න ප්රමාණයක් සහ ඒවා නිෂ්පාදනයට සහ එකලස් කිරීම සඳහා යොදාගත් කර්මාන්ත ශාලාවක් දෙහිවල, කවුඩාන ප්රදේශයේන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 13 September 2026
සරණක් අවැසි නැගෙනහිර සරසවි සිසුන්ට ශිෂ්යාධාර ශාරීරික සීමාවන් තම අධ්යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්රී ලංකාවේ රාජ්ය විශ්වවිද්යාලවල අධ්යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්රියාත්මක කරන ’’සරසවි දිරියෝ අභිමන්’’ සුවිශේෂී ශිෂ්යාධාර වැඩසටහනේ තුන්වන වැඩසටහන අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් නැගෙනහිර විශ්වවිද්යාලයේ ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්යයන ආයතනයේදී පැවැත්විණි. 13 September 2026
ඇඹිලිපිටියේ පිරිසකට උග්ර ජල හිඟයක් මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් ඇඹිලිපිටිය ප්රාදේශීය සභා බල ප්රදේශයේ ග්රාම නිලධාරි වසම් හතරක පවුල් එක් දහස් පන්සියයක පමණ ප්රමාණයක සාමාජිකයන් දහස් ගණනාවක් උග්ර ජල හිගයකට මුහුණ දෙමින් සිටිති. 13 September 2026
ජාතික ආරක්ෂක අරමුදලේ වැඩ: විගණනයක් අරඹයි ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව වර්ෂ ගණනාවකින් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය. 13 September 2026
කෝවිල් වෙන්දේසියේදි අඹයක් ලක්ෂ පහ හමාරකට අලෙවි වේ වවුනියාව වෙප්පන්කුලම් ප්රදේශයේ කෝවිලක පැවති උත්සවයකදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ පහකට අධික මුදලකට වෙන්දේසි වු බව එම කෝවිලේ පුජකවරු සදහන් කරති. 13 September 2026
මුවන් මසට මැරූ ගුවන් සෙබළු පහක් මාට්ටු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ භූමිය තුළ සැරිසරන මුවන් වෙඩි තබා ඝාතනය කොට සිවිල් වැසියන්ට අලෙවි කළ බව කියන මත්තල ගුවන් හමුදා කඳවුරේ නිළධාරියකු ඇතුළු සෙබලුන් පස්දෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තල පොලිසිය කියයි. 13 September 2026
හොර ලයිසන් හැදූ දෙදෙනෙක් මාට්ටු ව්යාජ රියදුරු බරපත්ර සාදා මුදලට අලෙවි කළ සංවිධානාත්මක ජාලයකට අයත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 13 September 2026
වැලිකන්දේ ගොවීන්ට වී වලට මුදල් ලැබී නෑ වී අලෙවි මණ්ඩලයේ වැලිකන්ද ගබඩාවට වී ලබාදී දින දොළහක පමණ කාලයක් ගත වූවද මෙතෙක් මුදල් ලැබී නැතැයි වැලිකන්ද ගොවීහු චෝදනා කරති. 13 September 2026
අණ නොතැකූ වෑන් රියකට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් පසුපස වැලිවේරියේ සිට පන්නා ගොස් ගම්පහ , අස්ගිරිය ප්රදේශයේදී වෙඩි තබා අල්ලා ගත් බව පොලීසිය සදහන් කරයි. 13 September 2026
අනුරාධපුරේ වීසි දැලක් දැම්මා නම් ඔක්කොම එකට අල්ලගන්න තිබුණා වංචා දූෂණ වලට සම්බන්ධ වූ ආච්චිලාගේ සිට අම්මලාට බාප්පලාට ඔක්කොටම නීතිය ක්රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ ගොවි ජනරැළිය අමතමින් අද පැවසීය. 12 September 2026
සිසිල් බීම ලොරිය නිවෙසක් මතට වැටේ බදුල්ල මහියංගන ප්රධාන මාර්ගයේ දුන්හිද මැඩිතලේ රයිටර් වංගුව අසලදි සිසිල් බීම ප්රවාහනය කරමින් තිබු ලොරියක් අද (12) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක පමණ ප්රපාතයකින් පහල මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ නිවසක් මතට පෙරලීයාමෙන් ලොරියේ රියැදුරු,රියසහයක ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 12 September 2026
පොහොට්ටු රැස්වීමට විශාල පිරිසක් පොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අනුරාධපුර නගර සභා නිවාස ක්රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි. 12 September 2026
මැති ඇමතිලාගේ පොතපතට වසර තුනට කෝටි 17ක් ඇමතිවරුන්ට සහ මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවේ සභාගර්භයේ පාවිච්චිය සඳහා පසුගිය වසර තුනේදී දුන් වාර්තා සහ ලේඛන වෙනුවෙන් රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක් වැය කර ඇතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 12 September 2026
ඇමරිකා ඩොලර් 250641 මානුෂීය ආධාර තොගයක් ලංකාවට ශ්රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකා ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයට බාර දුන්නේය. 12 September 2026
‘‘කිසිදු රටකට ස්වාධීන ආර්ථිකයක් නෑ‘‘ චීන මාධ්ය සමූහයේ සිංහල සේවය සංවිධාන කළ ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ශ්රී ලංකාවේ සංවර්ධන ප්රමුඛතා, අවස්ථා සහ අභියෝග පිළිබඳ විද්වත් සංවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී පැවැත්විණ. 12 September 2026
විසි දෙක විවාදය 24-25: සියලු මන්ත්රීලාට රට ගමන් තහනම් විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගන්නා දින දෙකේදී වෙනත් ගමන් බිමන්වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සිය මන්ත්රීවරුන්ට දැනුම් දී ඇත. 12 September 2026
කන්ටේනර් සිද්ධියට චෝදනා ලැබූ ලොක්කෙක් රජයේ ලොකු පුටුවක කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු රේගුවේ උසස් නිලධාරියෙකු විශ්රාම යැමෙන් පසු ආණ්ඩුවේ ලොකු පුටුවකට පත්කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළේය. 12 September 2026
කොන්ක්රීට් ගොඩනැගිලි වලින් විතරක් ජීවිත ලස්සන කරන්න බෑ කොන්ක්රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය. 12 September 2026
සමෘද්ධියේ අරමුදල් අයාලේ ගිහින් සමෘද්ධි ක්ෂුද්ර මූල්ය අංශයේ අරමුදල් පිළිබඳ තොරතුරු වාර්තා විගණනයට ඉදිරිපත් කිරීම කාලයක් තිස්සේ පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 12 September 2026
තැන තැන මිනී මරන වෙඩික්කරුවන්ට මරණ දඬුවම? රට පුරා තැන තැන කරන වෙඩි තැබීම් සහ බෝම්බ ගැසීම්වලට සම්බන්ධ වන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාවකාලිකව මරණ දඬුවම ක්රියාත්මක කරන ලෙසට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. 12 September 2026
එයාර් බස් ගනු දෙනුවේ ප්රධාන සැකකරු නාමල්? ශ්රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස නීතීපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට උපදෙස් දී ඇත. 12 September 2026
විදේශ කටයුතු පරිවර්තන කමිටුව රැස්වෙයි විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතාගේ ප්රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් විය. 12 September 2026
සුප ශාස්ත්රයෙන් රනින් දිනා දිවයිනට මාළදිවයිනේ පැවති ’’ ආහාර සහ උපස්ථාන ජාත්යන්තර සූපශාස්ත්ර තරගාවලිය - 2026 ’’( Food And Hospitality Asia , Maldives Culinary Competition - 2026) සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්රථම ස්ථානය දිනා ගෙන ඔවුන් දිවයිනට පැමිණියහ. 12 September 2026
එල් නිනෝ ගොවියාගේ බත් පතටත් විදී එල් නිනෝ දේශගුණික තත්වයත් සමග වියළි කලාපයේ නියඟයට මුහුණදී සිටින පවුල්වලට පෝෂ්යදායී ප්රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට තිබෙන හැකියාව ලබන ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලයේදී තවත් පිරිහීමේ අවදානමක් පවතින බව ආහාර සුරක්ෂිතතා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සිය නවතම වාර්තාව මගින් පසුගියදා අනතුරු ඇඟවූවේය. 12 September 2026
මන්නාරම මහධිකරණ විනිසුරුට මඩ ගැසූ සිද්ධියේ නීතිපති උපදෙස් අධිකරණය ඉල්ලයි මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට අගතියක් වන ’’මඩ පෝස්ටරයක්’’ මුද්රණය කර ප්රදර්ශනය කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ ශ්රී රංගා ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලේ නීතිපති උපදෙස් පෙබරවාරි 05 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය. 12 September 2026
ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ඩුබායි සිට මෙරට රැගෙන ආ ශිරාන් බාසික් නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගත් බව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 12 September 2026
පේරේ සරසවි සිසුවා ඉහළ මහලෙන් බිමට වැටිලා පේරාදෙණිය විශ්ව විද්යාලයේ ශාස්ත්ර පීඨයේ සිසුවකු නේවාසික ගොඩනැගිල්ලක ඉහළ මහලකින් ඇද වැටි බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම විශ්ව විද්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 12 September 2026
සංවිධානාත්මක අපරාධකල්ලි ගිනි අවිය පසෙකලා බෝම්බ අතට ගනි දෙහිවල සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්රහාරයත් සමගම මෙම වසරේ මේ දක්වා බෝම්බ ප්රහාර පහක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 12 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026