
(නිමල කොඩිතුවක්කු)
මෙරටදී නිශ්පාදනය කර චීනයේ නිෂ්පාදනය කළ සඳහන් කළ බවට සටහන් කළ පාවහන් යුගල් 1,000කට ආසන්න ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදනයට සහ එකලස් කිරීම සඳහා යොදාගත් කර්මාන්ත ශාලාවක් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගිකයින්ගේ දැඩි විශ්වාසය දිනාගත් මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් හා විලාසිතා වෙළෙඳසැල් ජාලයකින් මිලදී ගන්නා ලද පාවහන්වල බිල්පත් ඔස්සේ සිදු කළ දීර්ඝ පසු විපරමකින් අනතුරුව මෙම වැටලීම සිදු කළ බවද එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.
නිමි පාවහන් සඳහා අදාළ ආනයන බදු මඟහැරීමේ අරමුණින් පාවහන්වල අඩි සහ අනෙකුත් කොටස් අමුද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර වෙන වෙනම මෙරටට ගෙන්වා එම කොටස් මෙම ආයතනයේදී එකලස් කර සම්පූර්ණ පාවහන් බවට පත්කර ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බවද සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd