
(ප්‍රසාද් රුක්මල් )
එල්නිනෝ බලපෑම නිසාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පවුල් 6653ක පුද්ගලයන් 25413ක් උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පවසයි .
මේ අනුව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 480ක පුද්ගලයන් 1728ක්, රිදීමලියද්ද පවුල් 62ක පුද්ගලයන්175ක්,මහියංගන පවුල් 3173ක පුද්ගලයන් 12866ක්, මීගහකිවුල පවුල් 912ක පුද්ගලයන් 3659ක්, කන්දකැටිය පවුල් 180ක පුද්ගලයන් 550ක්, හල්දුම්මුල්ල පවුල් 96ක පුද්ගලයන් 401ක්, පස්සර පවුල් 44ක පුද්ගලයන්140ක්, බදුල්ල පවුල් 738ක පුද්ගලයන් 2932ක්, හපුතලේ පවුල් 840ක පුද්ගලයන් 2622ක් සහ බණ්ඩාරවෙල පවුල් 128ක පුද්ගලයන් 320ක් මෙසේ පානිය ජල ගැටලුවක මුහුණ පා සිටින බවත් හෙතෙම කීය .
මෙසේ පානිය ජල ගැටලුවකට මුහුණ පා සිටින බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් සදහා ප්‍රාදේශීය සභා, නගර සභා, යුධ හමුදා ,පොලිසිය මෙන්ම ජල සම්පත් මණ්ඩලයේ සහ වෙනත් ජල බවුසර්, ජල ටැංකි යොදා ගනිමින් බදුල්ල දිස්ත්‍රික් ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ නිළධාරින් විසින් එම අසරන ජනතාවට පානිය ජලය බෙදාහැරීමේ කටයුතු දැනට අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල සිදුකරගෙන යන බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා වැඩිදුරටත් සදහන් කලේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd