
(රෝෂන් තුෂාර)
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට අගතියක් වන "මඩ පෝස්ටරයක්" මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලේ නීතිපති උපදෙස් පෙබරවාරි 05 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින සැකකරුවන් අධිකරණය පෙනී සිටීමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක , මඩපාත පදිංචි මනෝජ් මධුශංක, උපාධිධාරියෙකු වන ලක්මාල් වික්‍රමසිංහ , එස්. බී.එච්. එම්.මධුශංක , සහ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන තිලංග දක්ෂිත සුමතිපාල සහ මුද්රණනාලය හිමිකරු වන දසුන් තරංග බණ්ඩාර හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුවන්ගේ දුරකථන රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බවය. තුන්වන සැකකරුගේ දුරකථනයේ අගුල විවෘත කිරීමට අපහසු බැවින් සැකකරුට රජය රස පරීක්ෂක කාර්යාලයේ පෙනී සිටීමට නියෝගයක් නිකුත් කරන ලෙසටද ඉල්ලා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා උදෘතය නීතිපතිවරයාට යොමු කර ඇති බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd