රේගුවේ අලුත් වැඩක් ගැන අයි.එම්.එෆ් නියෝජිතයන්ට කරුණු කියයි ශ්රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට ක්රියාත්මක කිරීමට නියමිත ’’ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය’’ පිළිබඳ ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පස්වරුවේ පැවැත්විණි. 11 September 2026
සිරිලිය, බැංකුවෙන් කෝටියක් අරන් ළමා රෝහලට දුන් ස්කෑන් යන්ත්රය චීන පරිත්යාගයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්යවශ්යව තිබු ‘සී.ටී ස්කෑන්’ යන්ත්රයක් ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන චීන රජයෙන් ලංකාවට ලබාදුන් ‘සී.ටී ස්කෑන්’ යන්ත්රයක් ඒ වෙනුවෙන් ‘සිරිලිය පදනම’ මගින් ළමා රෝහලට පරිත්යා කරන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ආර්යා ශීරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 11 September 2026
විද්යා - තාක්ෂණ අමාත්යාංශ ලේකම් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය පත් කරනු ලැබ තිබේ. 11 September 2026
එල් නිනෝ දරුණු වීමේ සම්භාවිතාව තවත් වැඩි වේ දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය 1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ දරුණුතම එල්නිනෝව වීමේ සම්භාවිතාව 69% සිට 75% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා කොළඹදී පැවසීය. 11 September 2026
පළාත් සභා කමිටුවෙන් විපක්ෂය අයින් වෙයි පළාත් සභා සඳහා සුදුසු මැතිවරණ ක්රමයක් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්රීවරු එම කමිටුවෙන් අද ඉවත් වූහ. 11 September 2026
ජනපති හෙට- අනිද්දා උතුරු මැද ජනරැළි තුනක ’’වසර දෙකයි රටට සුබයි’’ යන තේමාවෙන් ජාතික ජන බලවේගය රට පුරා සංවිධාන කරන මහජන රැලි මාලාවේ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්රික් රැළි හෙට(12)සහ අනිද්දා (13) පැවැත්වේ. 11 September 2026
කබ්රාල්ගෙන් පෙත්සමක් ග්රීක බැඳුම්කරවල රුපියල් බිලියන 1.8 මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්රීපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගොනුකොට ඇති අභියාචන පෙත්සම ඔක්තෝම්බර් 09 වෙනි දින සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 11 September 2026
ඩෙංගු රෝගීන් 97 දහස පනී වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්යාව 97000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 11 September 2026
ජනපති පොලොන්නරු රැස්වීමට විරෝධය පා පොහොට්ටු මන්ත්රී වහළට නගී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් හෙට (12) පොළොන්නරුවේදි පැවැත්වීමට නියමිත ගොවිජන රැළියට විරෝධය පළ කරමින්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයකු ජාතික කොඩියක් අතැතිව අද දහවල සිට හිඟුරක්ගොඩ වෙළද සංකීර්ණයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත සිටියි. 11 September 2026
ඉදිරි කාර්තුවේ විදුලි බිල වැඩි කිරීමක් නෑ ඉදිරි කාර්තුවේදී විදුලි බිල වැඩි කිරීමට කිසිදු ඉල්ලීමක් නොකරන බව බල ශක්ති අමාත්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 September 2026
ඒ-බී ශ්රේණි මාර්ග දෙපස පැළ ලක්ෂයක් සිටුවන්න යයි ඒ-බී ශ්රේණියේ මාර්ග දෙපස රට පුරා පැළ ලක්ෂයක් රෝපණය කිරීමට රජය තීරණය කර තිබේ. 11 September 2026
මිග් යානා ගනු දෙනුම ගැන ගෝඨාගෙන් පැය හතරක ප්රකාශයක් මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් පැය හතරක ප්රකාශයක් දීමෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය. 11 September 2026
“සෙස්” “පැල්” බදු අයින් කරයි ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු සහ පැල් බදු ඉවත් කර දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් නව තීරු බදු ක්රමයක් හඳුන්වා දෙන බව මුදල් හා ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 September 2026
ඥානසාර හිමි යළි හිරේට? බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා 2019 වසරේදී ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය අවලංගු කර ඇති හෙයින් උන්වහන්සේට එම සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට සිදුවනු ඇතැයි මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාම හේවා මහතා පැවසීය. 11 September 2026
ඇඟලුම් සේවිකාව පැහැරගත් තරුණයෝ දෙකක් මාට්ටු සේවය නිමකර සිය සහෝදරයකු සමග පාගමනින් නිවසකරා යමින් සිටි 21 හැවිරිදි ඇගලුම් සේවිකාවක කන්දකැටිය බදුලුඔය හංදිය අසල දී ත්රිරෝද රථයකින් පැහරගෙන ගියැයි ඇගලුම් කම්හල් සේවකයන් දෙදෙනකු ත්රිරෝදරථයක් සමග රි සැකපිට අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි . 11 September 2026
දරුවන් දෙදෙනකුට මරු කැඳවූ දෙහිවල බෝම්බය අත්වැරදීමක්ද? දෙහිවල ප්රදේශයේ නිවෙසකට බෝම්බ ප්රහාරයක් එල්ල කළ බවට සැකකාර ත්රිරොද රථය පාදුක්ක ප්රදේශයේ දමාගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. 11 September 2026
මීගමුවේ ගැටුමට සැකකාරියන් 25ක් නම් කරයි මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25 දෙනකු නම් කර ඇති බවත් එම සැකකරුවන් 25ම මීගමුව බන්ධනාගාරයයේ කාන්තා රැඳවියන් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්රාත් අධිකරණයට දන්වා සිටියේය. 11 September 2026
දියගොඩ දෙකේම යන වාහනයක් ලංකාවේ හදයි ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික amphibious (උභයජල) යාත්රාවක් නිපදවා යුරෝපයට අපනයනය සිදු කෙරිණි. 11 September 2026
යේමනයේ මොචා වරාය නගරයත් හූති සටන්කාමීන්ට යේමනයේ නගර සහ යේමනයට ඔබ්බෙන් රතු මුහුදේ කුඩා දූපත් එකිනෙක හූති සටන්කාමීන්ගේ ග්රහණයට පත්වෙයි. විදෙස් මාධ්ය වාර්තා කළේ යේමනයේ උපායමාර්ගික වැදගත්කමකින් යුත් මොචා වරාය නගරය ද හූති සටන්කාමීන්ගේ ග්රහණයට නතු වුණු බවය. 11 September 2026
ඇල්ජීරියා - එමිරේට්ස් හොඳහිත පළුදු වෙයි එක්සත් අරාබි එමීර් රාජ්යය සමග සියලු රාජ්ය තාන්ත්රික සබඳතා වහාම අත්හිටුවීමට ඇල්ජීරියානු රජය තීරණය කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්යය අඛණ්ඩව සිදු කරන ප්රකෝපකාරී සහ සතුරු ක්රියාමාර්ග ඊට හේතුව යැයි ඇල්ජීරියා ජනාධිපති අබ්දෙල්මජිඩ් ටෙබුන් පවසයි. 11 September 2026
බ්රික්ස් සමුළුව නවදිල්ලියේ 18 වැනි ‘බ්රික්ස්’ රාජ්ය නායක සමුළුව, හෙට (12) සහ අනිද්දා (13) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙයි. ‘බ්රික්ස්’ යනු බ්රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්රිකාව යන රටවල එකමුතුවය. 11 September 2026
දළදා වහන්සේට අලුත් රන් කරඬුවක් ශ්රී දළදා වහන්සේ වැඩ හිඳුවීම සඳහා ස්වර්ණමය රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව දළදා වහන්සේගේ භාරකාරත්වය දරන මල්වතු- අස්ගිරි මහා නාහිමිවරුන් සහ ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් වරයාට සංදේශයක් යවමින් දැනුම් දී තිබේ. 11 September 2026
ගාල්ල බන්ධනාගාරයෙන් දුරකත 25ක්, සිම් 11ක් හමුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ වාට්ටු පරික්ෂා කිරිමේදි සන්තකය අනාවරණය නොවන ජංගම දුර කතන 25ක් සහ සිම් පත් 11ක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 11 September 2026
ඩොලර් සංචිත පිට කිරීමට බැංකු ලොක්කෙක් කෙලින්ම හවුල් රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ ඩොලර් සංචිත මෙරටින් පිට කිරීමේ මහා ජාවාරමට මෙරට වාණිජ බැංකුවක නිලධාරියකු සෘජුවම සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය පැවසීය. 11 September 2026
දෙහිවල නිවෙසකට බෝම්බ ප්රහාරයක්:දරු දෙනෙක් මරුට දෙහිවල සිරිසඟබෝ පෙදෙස නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්රහාරයකින් කුඩා දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 11 September 2026
‘‘මෙරට හමුදා ධාරිතාව නංවන්න AI තාක්ෂණය දෙනවා‘‘ ශ්රී ලංකා හමුදාවේ ධාරිතාව ගොඩනැගීම සඳහා කෘතීම බුද්ධි තාක්ෂණයෙන් යුතු පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කළේය. 11 September 2026
හින්දු ආගමික නායකයෝ ජනපති හමු වෙති පසුගිය දෙවසර තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතබමින්, සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන ගිය වැඩපිළිවෙළට ආශිර්වාද පළ කරන බව හින්දු පූජකවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ ප්රකාශ කළහ. 10 September 2026
ලොරි ගිලන් රථ අනතුරින් ගිලන් රථ රියැදුරු මරුට අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව කැත්තපහුව ප්රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් මීගලෑව ප්රාදේශීය රෝහලට අයත් ගිලන් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහව මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 10 September 2026
බම්බලපිටිය දුම්රියපොළ අලුත් කර විවෘත කරයි පොදු ප්රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බව ’’සිහින ගමනාන්තය’’ (Dream Destination) ව්යාපෘතිය යටතේ නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය. 10 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026