පරිවාස දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ළඟදීම සකස් කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය කීවාය. 14 July 2026
ඩෙංගු මර්දන වෘත්තික බඳවා ගැනීම් දෙසතියක් ඇතුළත සෞඛ්‍ය කාර්ය සහායක සහ ඩෙංගු මර්දන සහායක, නිරීක්ෂක (Overseers) වෘත්තිකයින් 1,778 කට පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 14 July 2026
පල්ලෙමලල වී ගබඩාවට වන අලියෙක් පැනල හම්බන්තොට පල්ලෙමලල පිහිටි වි අලෙවි මණ්ඩලයට අයත් වි ගබඩාවට අද අලුයම කඩා වැදුණු වන අලියකු වි ගබඩාව කැඩිමට උත්සහ දරා ඇති බවත්, පසුව වි ගබඩාවෙහි රැකවල්කරු ප්‍රදේශවාසීන් සමග එක්ව එම අලියා පලවා ඇතැයි හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකරු ඩි. ඉන්දික උපේන්ද්‍ර මහතා පැවැසිය. 14 July 2026
වයඹ ප්‍රශ්න පත්‍ර බෙදීම අවුල්:වාර පරික්ෂණ කල් යයි ප්‍රශ්න පත්‍ර බෙදාදීමේ සිදු වූ බව අක්‍රමවත් පිළිවෙත හේතුවෙන්, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 6 සිට 11 ශ්‍රේණි දෙවන වාර පරීක්ෂණය කල් දැමීමට පළාත් අධ්‍යාපන අධ්යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය තීරණය කළාය. 14 July 2026
බිරියගේ නඩු කටයුත්තකට උසාවි ආ සැමියා රෝගී වී මරුට සිය බිරියගේ නමට ඇති නඩු කටයුත්තකට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට සිය බිරිඳ සමග ආ 51 හැවිරිදි සැමියකු අධිකරණ පරිශ්‍රය තුළ දී හදිසියේ රෝගී වී සිහිසුන්ව ඇද වැටී මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවා අග්රාඔයේ සැඟ වේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගිය පාසල් සිසුවකු ළිඳුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික වතුයායක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ ගිලි අතුරුදහන් වී ඇතැයි ළිඳුල පොලිසිය පැවසීය. 14 July 2026
කර්මාන්ත අමාත්‍යාංශයේ පටන් ගත් සියලු වැඩ අවසන් කරන්න උපදෙස් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ වන විට ආරම්භ කර ඇති සියලු ව්‍යාපෘති නිසි කාලයේ අවසන් කිරීමට උපරිමයෙන් කැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 14 July 2026
කුෂ් සමග පිලිපීන කතක් මාට්ටු රුපියල් හය කෝටි දහ අට ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පිලිපීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි . 14 July 2026
විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි 14 July 2026
බන්ධනාගාර ගැටුමට තවත් නිලධාරින් දෙදෙනෙක් මිය යති මීගමුව බන්ධනාගාරයේ දී ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන්ගේ අමානුෂික පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකු මියගිය බව මරදාන පොලිසිය කියයි. 14 July 2026
ලොක්කන් හයක් ගල් අඟුරු කොමිසමට ගෙන්වයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අතිරේක ලේකම්වරයාගෙන් සමාගම් රෙජිස්ට්රාර්වරයාගෙන් සහ ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත. 14 July 2026
ඊසි කෑෂ් හරහා මුදල් බැරවූ සිම් පතක හිමිකරු අල්ලයි මත්ද්‍රවය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන රුපියල් 24,921.537 ඊසි කෑෂ් ක්‍රමයට බැර වූ දුරකථනයක සිම්පතක ලියා පදිංචි හිමිකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 14 July 2026
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 14 July 2026
දෙමළ පක්ෂ හයක නායකයෝ පළාත් ඡන්දයට බලකරති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක් කරති. 14 July 2026
මහගම තොටුපොලේ සැක මරණයක් කිතුල්ගල්විල මහගම ප්‍රදේශයේ පුද්ගලයකු බුලත්සිංහල ඉහළ වෙල්ගම අඹගහවිට සුරජ්ජමුල්ල තොටුපොළ ආසන්නයේ කුඩා ගඟ අසල අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද උදෑසන හමුවී ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. 13 July 2026
මීගමුවේ දී ලොරියක් දුම්රියක ගැටේ මීගමුව , කට්ටුව , ශාන්ත සෙබස්තියන් පාරේ දුම්රිය හරස් මාර්ගයේ දී අද පස්වරු 2.00 ට පමණ ලොරියක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 13 July 2026
දීපා එදිරිසිංහ මන්ත්‍රී ධූරයෙන් අස්වෙයි කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව එම පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (13) පැවසීය. 13 July 2026
කෝටි 17ක කුඩු සහ ආයුද සමග අයෙක් මාට්ටු රුපියල් කෝටි 17 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8 1/2 ක් සහ උණ්ඩ 20 ක් සමග සැකකරුවකු දෙකටන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 13 July 2026
දිට්වා ගෙවල් කුලී දීමනාවේ කාලය දිගු කරයි දිට්වා නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ අයට නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලික ස්ථානයක පදිංචි වීමට දුන් මාසික නිවාස කුලී දීමනාව තවත් මාස තුනක් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 13 July 2026
’’ගුණාත්මක පොදු ප්‍රවාහනයක් රටටම ලබාදෙනවා’’ සෑම පුද්ගලයකුටම ප්රතිලාභ සැලසෙන, ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන ක්ෂේත්රයක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 13 July 2026
ගල්අඟුරු කොමිසම මන්ත්‍රී මුජිබර්ගෙන් ප්‍රශ්න කරයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිසිය සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් අද (13) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 13 July 2026
ඉන්දියාවෙන් දෙනියාය රෝහලට කෝටි 60ක උපකරණ දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ඇති වූ පාරිසරික බලපෑම් හා භූ විද්‍යාත්මක අවදානම් සැලකිල්ලට ගනිමින්, වෙනත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට යෝජිත දෙණියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. 13 July 2026
වී ගැනීමේ අක්‍රමිකතා නවත්වන්න ක්‍රමවේදයක් වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැලැක්වීම සඳහා නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය. 13 July 2026
ට්‍රම්ප් සලිත කරමින් ’’ඩූම්ස් ඩේ’’ ටෙහෙරානයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ’’එයාර් ෆෝස් වන්’’ ගුවන් යානය සමග තරඟ කිරීමට හැකියාව තිබෙන රුසියාවේ ’’ඩූම්ස් ඩේ’’ ගුවන් යානය ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස තිබෙන බව විදෙස් මාධ්‍ය අද (13) නිවේදනය කළේය. 13 July 2026
මරියසෙල්ට අවසන් ගෞරව දැක්වූ විපක්ෂ නායක සංවේදී වෙයි මරියසෙල් ගුණතිලක මහත්මියගේ හදීසි අභාවය සමස්ත සංගීත ක්ෂේත්රයටම සිදු වූ දැවැන්ත පාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද 13) පැවසීය. 13 July 2026
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා බලය සෙලවෙයි? ඉරානයට පහර දීමට ඇමෙරිකානු හමුදාව යොදා ගන්නා භුමිය සහ පහසුකම් මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම ඉරාන හමුදාව පහර දෙනු ඇතිබවත් ඒ හේතුවෙන් ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකානු හමුදාවට සිය සහෝදර රටවල් සහාය ලබා නොදිය යුතු බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (13) අනතුරු ඇඟ වූවේය. 13 July 2026
රනිල්ගෙනුත් මරියසෙල්ට අවසන් ගෞරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායනවේදනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීය. 13 July 2026
කාන්තා නියෝජනය 33%ක් කරන්න යෝජනාවක් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි. 13 July 2026
අධිකරණ අමාත්‍යංශයේදී මතක බණක් මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කර පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණි. 13 July 2026
ගිනි අවියක් සමග ඇල්ලූ සජබ ප්‍රා. මන්ත්‍රි 24 තෙක් යළි රිමාන්ඩ් ගිනි අවියක් ළඟ තබා ගත්තැයි රිමාන්ඩ් බාරයේ සිටි සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ජූලි මස 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් පවිතා සංජීවනී මහත්මිය නියෝග කළාය. 13 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026