ඥානසාර හිමිට ජනපති දුන් පොදු සමාව බල රහිත කරයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ගුණසාර හිමියන්ට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලබාදුන් පොදු සමාව බලරහිත බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 10 September 2026
පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද සවස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස පැවැත්වේ. 10 September 2026
ජාතික ආරක්ෂක අරමුදල ගැන විශේෂ විමර්ශනයක් ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව ප්රමාදය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 10 September 2026
හබරණ බස් අනතුරින් 20ක් රෝහලට මැදිරිගිරිය අඹගස්වැව සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද අලුයම 5.00 පමණ හබරණ ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් එහි ගමන් මගීන් 20 දෙනකු තුවාල ලබා හබරණ, මින්නේරිය පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 10 September 2026
කොහුවල නිවෙසකට අත් බෝම්බ ප්රහාරයක් ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොහුවල විමලසිරි පාර ප්රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි කොහුවල පොලිසිය පවසයි. 10 September 2026
සරසවි ක්රීඩා ඉතිහාසය රනින් ලියයි විශ්වවිද්යාල ඉතිහාසයේ වසර 60 ක පමණ ක්රීඩා ඉතිහාසය අලුත් කරමින් ලෝක විශ්වවිද්යාල බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට අවිඳු සස්මික හා නිපුන් ශෙහාර ක්රීඩකයින් සමත්ව තිබේ. 10 September 2026
කඳුරට හින්දු පූජකවරු ජනපති කාර්යාලයට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 10 September 2026
ඉන්දිය ආරක්ෂක ඇමැති සහ විපක්ෂ නායක හමුවක් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්ය ශ්රී රාජ්නාත් සිං මහතා අතර සුවිශේෂ හමුවක් කොළඹ දී සිදුවිය. 10 September 2026
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල ස මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනය කරයි. 10 September 2026
හූති සටන්කාමීන්ට පාකිස්තානයෙන් රතු එළියක් සෞදි අරාබියට ප්රහාරයක් එල්ල වුවහොත් තුර්කිය, සෞදි අරාබිය සහ පාකිස්තානය අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම බලාත්මක විය හැකි බව පකිස්තාන ආරක්ෂක අමාත්ය කවාජා අසිෆ් මහතා පසුගියදා ප්රකාශ කළේය. 10 September 2026
ඉරාන තෙල් නැව් පහකට ඇමෙරිකාවෙන් ප්රහාර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සම්බන්ධ ඉරාන තෙල් නැව් පහකට ඇමෙරිකානු හමුදාව ප්රහාර එල්ල කළ බව ඇමෙරිකානු මධ්යම අණදෙන මූලස්ථානය ප්රකාශ කළේය. 10 September 2026
2009 සිට 2016 දක්වා කාලයේ ගල්අඟුරු පාඩුව කෝටි 414යි ලංකා ගල් අඟුරු සමාගම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016වසර හතක කාලයේ දී ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුවූ අක්රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත. 10 September 2026
තවත් මෙට්රො ඩිපෝවක් අද ඒකල දී වැඩ අරඹයි මෙරට නාගරික පොදු ප්රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද මෙට්රො බස් රථ සේවාවට පහසුකම් සැපයීමට ඉදිකරන ලද තුන්වන ඩිපෝ අංගනය ජා-ඇල, ඒකල දී අද (9) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. 09 September 2026
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්රාම ප්රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. 09 September 2026
මහ කන්නයේ වැඩ ඔක්තෝබර් සිට එල්නිනෝ තත්ත්වයත් සමඟ සිදුවන කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි බැවින් එළැබෙන මහ කන්නයේ වගා කටයුතු ඔක්තොම්බර් මස මුල සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශය තිරණය කර ඇත. 09 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමැති ගංගාරාමයට තෙතින නිල සංචාරයක් සඳහා දිවයින්ට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජා නාද්සිං මහතා අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත විය. 09 September 2026
තලවතුගොඩ රැකියා නියෝජිත ආයතනයේ කොල්ලයේ මහ මොලකරු මාට්ටු තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයක සේවකයන් දණගස්වා රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑ කණ්ඩායමේ මහා මොලකරු කොල්ල කෑ මුදල්වලින් කොටසක් ද සමග මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 09 September 2026
බගවන්තලාවේ තේ වත්තේ තඩි කොටියෙක් බගවන්තලාව තෙරේසියා වත්තේ සිංගාර කොටසේ තේ වත්තේ සැරසරණ කදුකර කොටියා බෝපත්තලාව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කරන්නැයි වතු කම්කරුවෝ පොලිසියෙන් ඉල්ලා සිටිති. 09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී පුටුව අහෝසියි ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන රහිතව සම්මත විය. 09 September 2026
රුසියන් ජනපති ඉන්දියාවට බ්රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරි දිනවලදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවත් මෙම සංචාරයේදී ජනපති පුටින් ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවත් ක්රෙම්ලිනයේ මාධ්ය ප්රකාශක දිමිත්රි පෙස්කොව් පසුගියදා ප්රකාශ කළේය. 09 September 2026
පාන් පස්සේ පාරිභෝගික අධිකාරිය යයි පාන් නියමිත බරින් යුක්තව තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සදහන් කරයි. 09 September 2026
කපිලගේ දුරකථන දත්ත ඉල්ලා ඇපල් සමාගමට ලිපියක් සැකකටයුතු ලෙස මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ ‘ඇපල්’ වර්ගයේ ජංගම දුරකථනයේ අන්තර්ගත දත්ත ලබා දීමට නියම කරමින් නිකුත් කළ අධිකරණ නියෝගය ඊමේල් මගින් ඇපල් සමාගමට දැනුම් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතාට අද (09) දැනුම් දුන්නේය. 09 September 2026
මළ ගෙදර ගිය මවයි පුතායි ලොරි අනතුරින් මරුට අනුරාධපුර, මරදන්කඩවල පොලිස් බලප්රදේශයට අයත් මරදන්කඩවල නගරයේදී අද උදෑසන 10.35 ට පමණ සිදු වූ දරුණු රිය අනතුරකින් මව සහ පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසයි. 09 September 2026
අලුත් චීන තානාපති මහින්ද බලන්න යයි ශ්රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී අද (09) පැවැත්විණි. 09 September 2026
කෝටි 500ක කුඩු ගැන ඔත්තුකරු ඝාතනය තැතට යොදා ගත් ජීප් රිය අල්ලයි රුපියල් කෝටි 500 අධික වටිනා අයිස් මත්ද්රවය තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දුන් ඔත්තුකරු ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරම්කරුවන් යොදාගෙන තිබූ පොලිස් ජීප් රථයට සමාන ජීප් රථය මාස 09 කට පමණ පසු පොලිස් භාරයට ගත් බව පානදුර වළාන මධ්යම දූෂණ මර්ධණ ප්රහාරක ඒකකය කියයි. 09 September 2026
වතු ප්රජාවට ඉඩමක් සමඟ නිවසක් දෙනවා වතු ආශ්රිත ප්රජාව සඳහා පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් සමඟ නිවසක් ලබාදීම රජයේ ප්රතිපත්තිය බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 09 September 2026
කෝටි 5 ’’කුෂ්’’ සමඟ කතුන් දෙකක් කටුනායකදී මාට්ටු රුපියල් පන් කෝටි තිස් හත් ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්රව්ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (09) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ. 09 September 2026
කතකට අතවර කළැයි අධිවේගයේ රියැදුරා-කොන්දොස්තර මාසයකට වැඩ නෑ අධිවේගී මාර්ගයේ ධාවනය වන කඩවත නාවින්න සුඛෝපභෝගී බස් රථයක ගමන් ගත් තරුණියකට අතවර කළැයි කියන එහි රියදුරුගේ හා කොන්දොස්තරවරයාගේ සේවය මාසයකට තහනම් කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය බස් රථයේ ගමන්වාර දින තුනකට අත්හිටුවීමට පියවර ගත්තේය. 09 September 2026
අයිස් ඇල්ලූ පොලිසියේ අය ගැන පරීක්ෂණ කිරීම ලැජ්ජ නැති වැඩක් කොළඹ වරායේදී අයිස් කිලෝ 472ක් සමග අත්අඩංගුවට ගත් අය ගැන පරීක්ෂණ පවත්වනවා වෙනුවට එම වැටලීම කළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම ලැජ්ජ නැති වැඩක් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. 09 September 2026
යතුරු පැදි දෙකක් ගැටේ,එක් යතුරු පැදි කරුවෙක් බසයකට යට වී මරු දකියි මාතර ගොඩගම ප්රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා හැපීමෙන් පසු එක් යතුරු පැදි කරුවකු බසයක රෝදයකට ද යට වී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 09 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026