
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී අද (09) පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින අක්තපත්ර භාර දීමෙන් අනතුරුව වෙයි හුආෂියැන්ග් මහතා ශ්රී ලංකාවේ චීන තානාපති ලෙස රාජකාරී ආරම්භ කළේය.
මෙම හමුවේදී චීන තානාපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට සාම්ප්රදායික චීන සිතුවම් ඇතුලත් ග්රන්ථයක් ද පිරිනමා තිබේ.
එම අවස්ථාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලඟට කෞතුකාගාරෙට යන්න තානාපතිතුමෝ.
චීනයට ගරු කිරීමක් වශයෙන්, මැදමුලන චෞර, නාකි, හරමිටි මයිනා කුරහන් සටකයේ කලර් එකත් වෙනස් කරලා... කුරහන් එක රෙඩ් වෙලා!!! චීනයෙන් දැවැන්ත ගිනි පොලියට ණය අරගෙන, අත යට ලැබුණු ඩොලර් කෝටි ගණන් උගේ ගිණුම්වලට දමා ගැනීමට චීනය පිහිට වුණේ නේ!!! චීනය හොඳ කෘතගුණ දන්න නිසා නේ ඔහොම ආවේ....