අයිස් ඇල්ලූ පොලිසියේ අය ගැන පරීක්ෂණ කිරීම ලැජ්ජ නැති වැඩක් කොළඹ වරායේදී අයිස් කිලෝ 472ක් සමග අත්අඩංගුවට ගත් අය ගැන පරීක්ෂණ පවත්වනවා වෙනුවට එම වැටලීම කළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම ලැජ්ජ නැති වැඩක් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. 09 September 2026
යතුරු පැදි දෙකක් ගැටේ,එක් යතුරු පැදි කරුවෙක් බසයකට යට වී මරු දකියි මාතර ගොඩගම ප්රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා හැපීමෙන් පසු එක් යතුරු පැදි කරුවකු බසයක රෝදයකට ද යට වී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 09 September 2026
විෂ මත මඩින්න ජනපති ඉන්දියාවෙන් සහය ඉල්ලයි ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්රව්ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ආරක්ෂක අමාත්ය ශ්රී රාජ්නාත් සිං මහතා හමුවේ පැවසීය 09 September 2026
ඉෂාරා ඉන්දියාවට යැවූ බෝට්ටුකරු රිමාන්ඩ් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට යාපනයේ අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලා යෑම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියදුරා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 09 September 2026
ආණ්ඩුවේ උදවියගේ කතා වලින් රටට අගතියක් වෙනවා පොදුරාජ්ය මණ්ඩල නීතිඥ සංවිධානයට අපහාස වන ලෙස ආණ්ඩුවේ උදවිය කතා කිරීමෙන් රටට අගතියක් සිදුවන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 09 September 2026
වාහන අංක තහඩු ලක්ෂ 3ක් තව දුරටත් ගොඩගැසිලා වාහන අංක තහඩු තුන්ලක්ෂදසදහසක පමණ ප්රමාණයක් මුද්රණය කිරීමට ඇති බවත් ගොඩගැසී ඇති අංක තහඩු මුද්රණයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා අද (9) පැවසීය. 09 September 2026
තම අයිතිවාසිකම් කඩවුණැයි මලල ක්රීඩක ජූලියන් ශ්රේෂ්ඨාධිකරණයට පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට තෝරාගෙන තිබියදී එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඉදිරියේදී එවැනි ක්රියා වැළැක්වීම සඳහා සුදුසු ජාතික මාර්ග උපදේශන වැඩපිළිවෙළක් සකස් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාත්යන්තර මල්ල ක්රීඩකයෙකු වන ජුලියන් විජේසිංහ මහතා විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 11 වැනිදා සලකා බැලීමට ශ්රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුරට මිලියන 8777ක වැය බරක් ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර සඳහා රුපියල් මිලියන 8777ක වැය බරක් දරා තිබෙන බව කොළඹ දිස්ත්රික් මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා:-(ජා.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 September 2026
කොණ්ඩ රංජි රැගෙන එයි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්රව්යය ජාවාරම්කරුවකු වූ දිසානායක මුදියන්සේලාගේ රංජිත් කුමාර නොහොත් ’’ කොණ්ඩ රංජි ’’ නැමැත්තා ඩුබායි හි රැදී සිටියදී අත් අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර අද අලුයම දිවයිනට රැගෙන ආවේ. 09 September 2026
චමින්ද විජේසිරි හිරගේ ඇතුලේ මහ බැංකු හොරා හොයලා තමා වැලිකඩ හිර ගෙදර සති දෙකක් සිටියත් මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා ඒ හිර ගෙදර ඇතුලේ හිටියේ නැතැයි බදුල්ල දිස්ත්රික් මන්ත්රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 September 2026
වාහනයක් අයිතිකරුම ධාවනය කළයුතුයැයි නීතියක් නෑ යතුරුපැදි ඇතුළු මෝටර් වාහනවල අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුම පැදවිය යුතු යැයි නීතියක් පනවා නොමැති බවත් වාහනයක් වෙනත් ආයතනයකට කිසියම් කටයුත්තක් සඳහා පැවරුවේ නම් පමණක් ඒ අවස්ථාවේදී ‘පැවරීමේ රක්ෂණයක්’ තිබිය යුතු යැයි නීතියක් ක්රියාත්මක වන බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා පැවසීය. 09 September 2026
හිටපු ඇමැති සරණට සරණක් වෙන්න ගිය ආරච්චිට වැඩ වරදී වසර 16 ක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව පවතින තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කිරීමට රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ මහාධීකරණ ආරච්චිවරයා ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 09 September 2026
රට පුරා වෙඩි තැබීම්: පාලනයට ආණ්ඩුවට හැකියාවක් නෑ රට පුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනයට රජයට හැකියාවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද චෝදනා කළේය. 09 September 2026
ලෝක සෞඛ්ය සංවිධානයෙන් ලංකාවට ලොකු ඇගයීමක් ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රයේ අත්කර ගෙන ඇති සුවිශේෂී සහ ඓතිහාසික ජයග්රහණ දෙකක් අගයමින් ලෝක සෞඛ්ය සංවිධානය විසින් ශ්රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ. 09 September 2026
අතුරුදන් පලස්තීන ජාතික තරුණයා හමුවේ බම්බලපිටිය ප්රදේශයේ හෝටලයක නවාතැන්ගෙනන සිටියදී හිටි හැටියේ අතුරුදහන් වූ 22 හැවිරිදි පලස්තීන ජාතික තරුණයා පැය 12 කට පමණ පසු සොයා ගත් බව බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි. 09 September 2026
දුම්රිය වෘත්තිය සමිති 24 ක් 17 - 18 වැඩ වර්ජනයක දුම්රිය දෙපාර්තමේන්තු පරිපාලනය වෘත්තීය සමිති නිලධාරීන් මර්ධනය කිරීමට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුවේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මෙම මස 17 සහ 18 දෙදින පැය 48 ක වැඩවර්ජනයක් ක්රියාත්මක කරන බව එම සන්ධානය පැවසීය. 08 September 2026
හබරකඩ වෙඩි තැබීමක් අතුරුගිරිය පරණ හන්දිය, ප්රදේශයේ හෝටලයක සේවකයකුට අද රාත්රී වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 08 September 2026
UN මහකොමසාරිස්ගේ වාර්තාවට ශ්රීලංකාවෙන් පිළිතුරු ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව ශ්රී ලංකාව අද මානව හිමිකම් මහා කොමසාරිස්වරයාගේ වාර්තාවට ප්රතිචාර දක්වමින් පැවැසුවේය. 08 September 2026
ජ‘පුර තාක්ෂණ පීඨය මහාචාර්ය ලසන්ති ජයතුංගට ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ තාක්ෂණ පීඨයේ නව පීඨාධිපති මහාචාර්ය ලසන්ති ජයතුංග මහත්මිය අද වැඩ බාර ගත්තාය. 08 September 2026
ඇමරිකා නාවික කොමිසමේ නියෝජිතයෝ වරාය ඇමති හමුවෙති ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය සහ බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා අතර හමුවක් අමාත්යාංශයේදී පැවැත්විණි. 08 September 2026
කොළඹ වෙරළ තීරයේ ගොඩනැගිලි 19ක් ඉවත් කරයි දෙහිවල සිට බම්බලපිටිය දක්වා වෙරළ තීරණයේ අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිලි 19 ක් මෙම මස 10 වැනිදාට පෙර ඉවත්කරන ලෙස දැනුම්දී ඇති බවත් එදිනට පෙර එම ගොඩනැගිලි ඉවත්නොකළහොත් ඒවා ඉවත්කිරීමට කටයුතු කරන බවත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 08 September 2026
වෙළෙඳ ප්රතිපත්ති උපදේශන කමිටුවක් එයි ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 September 2026
පාසල් ඩිජිටල් උපකරණ නඩත්තු වැඩට ගුරුවරුන්ට ගමන් වියදම් පාසල්වල ඩිජිටල් උපකරණ නඩත්තු කිරීමේ ක්රමවේදය සඳහා කැපවෙන ගුරුවරුන්ගේ ගමන් ව්යදම් ගෙවීමට විධිමත් ක්රමවේදයක් සකස් කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 September 2026
තායිලන්ත වීසා ගැටළුව ගැන ලංකාවෙන් සාකච්ඡා තායිලන්තයට ඇතුළුවීමේදී වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම එළැඹෙන 15 වැනිදා සිට අහෝසි කිරීම සම්බන්ධව තායිලන්ත රජය සමග මෙරට රජය සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්යා විජිත හේරත් මහතා පැවසීය. 08 September 2026
ශිරාන් බාසික්ගේ නඩුවේ නඩු භාණ්ඩ කැඳවයි හෙරොයින් මත්ද්රව්ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවට අදාළ නඩු භාන්ඩ පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශයේ නිලධාරීන් මඟින් අධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්රමසේකර මෙනවිය රජයේ රස පරීක්ෂවරයාට අද (08) නියම කළාය. 08 September 2026
වතුකම්කරු පාරිතෝෂික හිඟ මුදල් බිලියන 4.5ක් ගෙවයි වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරුවන්ගේ EPF/ETF හිඟ මුදල් රුපියල් බිලියන 4.5ක මුදලක් වතු ජනතාව වෙත ලබා දීමට පියවර ගත් බව වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යංශය පවසයි. 08 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ශ්රී ලංකාවට ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං මහතා ශ්රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද (8) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 08 September 2026
ලංකා - තායිලන්ත ශ්රම සහයෝගීතාවක් ශ්රී ලංකාව සහ තායිලන්තය අතර ශ්රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්රී ලාංකික ශ්රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 September 2026
ආපදා සහන ණය ප්රගතිය සොයා බැලයි ආපදා සහන ණය යෝජනා ක්රමය ක්රියාත්මක කිරීමේ ප්රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අවධානය යොමුව ඇත. 08 September 2026
මහ පාරේ හරියට යන අයට සම්මාන මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026ක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 08 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026