
(අංජුල මහික වීරරත්න)
ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා හමුවේ පැවසීය
මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (9) සිදු විය.
දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයකට එක්ව සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ වසර 38කට පසුව වීමද විශේෂත්වයකි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින්, විෂ මත්ද්‍රව්‍ය මැඬලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. විශේෂයෙන්ම දැනට ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
පසුගිය සමයේ ශ්‍රී ලංකාව දුෂ්කරතාවලට මුහුණදුන් සෑම අවස්ථාවකම ඉන්දියාව විසින් ලබා දෙන ලද සහායද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd