අල් ෂදාදී හමුදා කඳවුර සිරියානු හමුදාව අතට ඊසානදිග සිරියාවේ, ඇමෙරිකන් හමුදා යටතේ පැවැති අල් ෂදාදී හමුදා කඳවුර සිරියානු අරාබි හමුදාව අතට පත් විය. ඒ, ඇමෙරිකන් හමුදා එම කඳවුර අතහැර යෑමෙන් පසුවය. 16 February 2026
ලෙබනන් ජිහාද් නායකයා ගුවන් ප්‍රහාරයෙන් මරුට සිරියානු ලෙබනන් දේශසීමාවේ ධාවනය වෙමින් තිබූ කැබ් රියක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් කැබ් රියේ සිටි සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 16 February 2026
තිස්සේ පාසල්වෑන් 29කින් 26ක්ම ලඩි තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ සහ වෑන් රථ අතුරින් ධාවනයට නුසුදුසු පාසල් බස්රථ 23ක් හා වෑන් රථ 3කට තහනම් නියෝග ලබා දුන් බව තිස්සමහරාම පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති කේ.ඩී.ආර් නිසාන්ත මහතා සඳහන් කළේය. 16 February 2026
“දිට්වා කුණාටුවෙන් දින 82 පසු යළි දුම්රිය පුත්තලමට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නැවති තිබු පුත්තලම දුම්රිය යළි අද(16 ) උදෑසන සිට ආරම්භ වු බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 16 February 2026
ජාත්‍යන්තර ක්‍රිඩා තරඟාවලියකින් ශ්‍රී ලංකාවට පදක්කම් 80ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති පළමු වැනි ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 80 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 16 February 2026
කෝටි 16ක කුෂ් ගුවන්තොටින් මාට්ටු රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 16 February 2026
පළාත් කීපයකට අද වැසි වාර කීපයක් මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 16 February 2026
ජී.එස්.පී ප්ලස් ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක් ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු නව රෙගුලාසි සම්බන්ධයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කළ බව යුරෝපා සංගමය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ. 16 February 2026
ඉන්දු- පකිස්ථාන ක්‍රිකට් සටන බලන්න ජනපති යයි විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරඟය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණියේය. 15 February 2026
චීනයෙන් අප්‍රිකා රටවල් 53 කට ශුන්‍ය තීරු බදු චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වනු ලබන අප්‍රිකා රටවල් 53 ක් සඳහා ලබන මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ’ශුන්‍ය තීරුබදු’ සහනය ලබාදීමට චීන රජය තීරණය කර තිබේ. 15 February 2026
ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලට බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසෙහි පෙනීම ඉතා දුර්වල බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද දැඩි ලෙස පිරිහීමට ලක්වී ඇති බවත් අධිකරණය විසින් පත් කරන ලද නීතිඥවරයකු පවසා ඇති අතර, පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගත් බවය. 15 February 2026
කාසියේ වාසිය පකිස්තානයට විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොකයේම අවදානය ලක් වූ තරගය වන ඉන්දු - පාකිස්තාන තරගයේ කාසියේ වාසිය පාකිස්තානය දිනා ගත්තේය. 15 February 2026
ආණ්ඩුව ගැන ජන අනුමැතිය ඉහළ ගිහින් වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. 15 February 2026
නීතිඥයෝ හෙට සේවයෙන් බැහැරට බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනය තුළ වෘත්තිය කටයුතුවලින් බැහැරව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කළේය. 15 February 2026
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා හෙට දිවයිනට දිට්වා සුළි කුණාටුව මෙරටට කළ හානිය සියැසින් දැක බලා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හෙට (16) නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව එම අරමුදල ප්‍රකාශ කළේය. 15 February 2026
මහනුවර රෑ කඩ යළි කරලියට මහනුවර නගරය සංචාරක ආකර්ෂණ වැඩි වශයෙන් දිනා ගත් නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව මහනුවර රාත්‍රී වෙළඳ ප්‍රදර්ශණය සහ වෙළඳපොළ නැවත ආරම්භ කරනු ලැබීය. 15 February 2026
නීතිඥයාට - බිරියට වෙඩි තැබූ අය ගැන වැදගත් තොරතරු අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණවී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය. 15 February 2026
ලංකාව චිකාගෝවක් වෙලා අධි ආරක්ෂිත කලාප වල පවා චිකාගෝ ක්‍රමයට සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 February 2026
ජනාධිපති ගෙදර ඉස්සරහත් වෙඩි පත්තු වෙන්න පටන් අරන් දවසේ වෙඩිල්ල නැවැත්තුවා යැයි කිව්වත් දැන් ජනාධිපතිගෙ ගෙදර ළඟත් ඝාතන සිදුවෙන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 15 February 2026
විපක්ෂ නායකවරයා පැමිණි රැස්වීමක කලබලයක් සූරියවැව අන්දරවැව ධර්මදූත ආශ්රමයේ මීට සුළු මොහොතකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ රැස්වීමකට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා එම රැස්වීම උණුසුම් තත්ත්වයක් ගනු ලැබීය. 15 February 2026
නීති පිළිසරණ පතා එන කාටත් එකම හැන්දෙන් බෙදන්න නීතියේ පිළිසරණ අපේක්ෂාවෙන් පැමිණෙන සියලු දෙනාට එකම ආකාරයට සැලකීම නීති නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 15 February 2026
ඇඟලුම් ව්‍යවසායන්ට යොවුන් සේනාංකයෙන් තල්ලුවක් ඇඟලුම් කර්මාන්තයට නව ව්‍යවසායකයින් නිර්මාණය කිරීම වෙනුවෙන් යොවුන් සේනාංකයෙන් නව මැහුම් පාඨමාලාවක් ආරම්භ කළේය. 15 February 2026
කෝටි 6ක ගංජා සමඟ අයෙක් කොටුවෙයි රුපියල් කෝටි 06 ක් පමණ වටිනා කේරලා ගංජා තොගයක්සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 15 February 2026
රිය අනතුරින් දෙන්නෙක් මරුට හිඟුරාණ දමන ප්‍රධාන මාර්ගයේ පැරණිගම වංගුවෙදි ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මිය ගොස් ඇතිබව දමන පොලීසිය කියයි. 15 February 2026
මෙම වසරේ වෙඩි තැබීම් 09 ක් මෙම වසරේ මේ දක්වා දින 45 ක් තුලදි සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකළ වෙඩි තැබීම්වලින් ද්විත්ව ඝාතනයක් ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 15 February 2026
තැන තැන වෙඩි තබන යුගය ඉවර කරන වේගය වැඩි කරන්න නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරවරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ රජයේ වෑයම තවත් වැඩි කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 February 2026
තෘතීයික සත්කාර රෝහල් සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට තෘතීයික සත්කාර සේවා සපයන මෙරට රෝහල් සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තබා ගැනීමට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 15 February 2026
මත් සැකකරුවෝ 744 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 744 ක් ඊයේ (14) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 15 February 2026
ගල්අඟුරු විවාදය 20 වැනිදා ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා සිකුරාදා පැවැත්වීමට තීරණය කර ඇත. 15 February 2026
වාඩියමංකඩ වෙඩි තැබීමේ සිද්ධියයේ යතුරුපැදිය හමුවෙයි කළුතර වාඩිය මංකඩ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිය බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හංදිය ආසන්නයේ වෙල්යායක් අසල දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමු වූ බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. 15 February 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026