ජාතික මලල ක්රීඩා උළෙලේ නව තරඟ වාර්තා පහක් 104 වන ජාතික මලල ක්රීඩා ශූරතා තරඟාවලියේදී නව තරඟ වාර්තා පහක් පිහිටුවා තිබේ. දියගම, මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී 104 වන ජාතික මලල ක්රීඩා ශූරතාවලිය පැවැත්විණි. 07 September 2026
අල්ලස් ගත් විදුහල්පති අල්ලස් දැලේ ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්රසිද්ධ විද්යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ගත්තේ යැයි කියන විදුහල්පතිවරයෙකු අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගැනිණි. 07 September 2026
හිටපු ඇමැති කුමාර ජයකොඩිට එරෙහි නඩුව විභාගෙට ලංකා පොහොර සමාගමේ ගබඩා පරිශ්රයේ කාපට් ඇතිරීමේ කටයුත්තට අනුමැතිය දීමේදී ප්රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් ප්රසම්පාදන ක්රියාවලිය නිසි අන්දමින් අනුගමනය කළ බව තමන්ට ඉදිරිපත් වූ ලේඛණ පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වූවත් කොන්ත්රාත්තුව ගත් සමාගම කාපට් ඇතිරීමක් නොකළ බව ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහේවා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ සාක්කි දෙමින් අද (07) පැවසීය. 07 September 2026
අම්පිටියේ සුමනරතන හිමි රිමාන්ඩ් මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ලබන 08 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්රාත් ඩී.අන්නතුරෙයි මහතා නියෝග කළේය. 07 September 2026
බොරතෙල් බැරලයක් ඩොලර් 100ට ළං වෙයි ඇමෙරිකාව සහ ඉරානය අනෙක් පාර්ශවයේ නෞකාවලට ප්රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ආසන්නයට නැවතත් පැමිණ ඇත. 07 September 2026
මැදි ආදායම් බවට වාර්ග කිරීම නිසා නොමිලේ එන්නත් නොලැබෙන හැඩ ශ්රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ආරංචි මාර්ග ප්රකාශ කළේය. 07 September 2026
නියඟයට අසුව කඩොලාන මැරිලා මදුරන්කුලිය හරහා ගලා බසින හැමිල්ටන් ඇල ආසන්නයේ වගුරු බිමක අවුරුදු දෙකකට පෙර හිටවූ කඩොලාන පැල 2000 කට ආසන්න සංඛ්යාවක් නියඟයට හසුව වියළී ගොස් ඇති අයුර දැක ගත හැකිය. 07 September 2026
බස් ලලියා වමාරයි : ගිනි අවි, උණ්ඩ කනත්තෙන් මතු වේ පුද්ගල ඝාතන සහ කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බස් ලලියා නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු හංවැල්ල දිද්දෙණියේ සූසාන භූමියක සඟවා තිබූ ගිනි අවි කීපයක් සොයා ගැනීමට හැකිවූූ බව නාරාහේන්පිට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 07 September 2026
එල්නිනෝ බලපෑමෙන් මුහුදු ක්ෂීරපායීන්ට බලපෑම් එල්නිනෝ බලපෑම් හමුවේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් මුහුදු ක්ෂීරපායින් යැපෙන පෝෂණ ප්රදේශවලට බලපෑම් ඇතිවනු ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේය. 07 September 2026
විද්යුත් වාහනවලට ‘කොළ’ පැහැති අංක තහඩුවක් සියලුම විද්යුත් වාහන සඳහා ‘කොළ’ පැහැති අංක තහඩුවක් නිකුත් කරන බවත් එම අංක තහඩුවේ පසුබිම ‘කොළ’ පැහැය පමණක් සෙසු වාහනවල අංක තහඩුවෙන් වෙනස් වන බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා පැවසීය. 07 September 2026
වියළි කාලගුණයෙන් ජලාශ සිඳෙයි: ධාරිතාව 47% දක්වා පහතට ප්රධාන ජලාශවල පවතින ජල ධාරිතාව සියයට 47.3 දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තව පවසයි. 07 September 2026
’’සඳ අයිති ඇමෙරිකාවට’’ – ට්රම්ප් කියයි සඳ අයිති ඇමෙරිකාවට බව පවසමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ පසුගියදා ඡායාරූප සටහනක් තැබුවේය. ජනපති ට්රම්ප් පසුගියදා කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ සඳෙහි ඡායාරූපයක් සිය ටෘත් සෝෂල් ගිණුමේ පළකර තිබූ අතර එහි සඳ අයිති අපට ලෙස පාඨයක් සටහන් වී තිබිණි. 07 September 2026
එල්නිනෝ බලපෑමෙන් පුද්ගලයින් ලක්ෂය ඉක්මවා පීඩාවට එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 35149 කට අයත් පුද්ගලයින් 115,534කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. 07 September 2026
මේ රටට සංස්කෘතික මිනිහෙක් ඕනෑ සමාජ මාධ්යයේ භාවිත වන ඇතැම් ප්රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකුගේ අවශ්යතාව මැනවින් පැහැදිලි වෙන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 07 September 2026
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නව සේවකයෝ 100ක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා නව සේවකයෝ සිය දෙනෙක් අද පත්වීම් ලබාගත්හ. 07 September 2026
ඕවකන්ද දුම්රිය හරස් මාර්ගයේදී බසයක් දුම්රිය ගැටේ රත්ගම ඕවකන්ද දුම්රිය හරස් මාර්ගයේදී අද (7) පස්වරුවේදී දුම්රියක මගී පවාහන බස් රථයක් ගැටී එම බස් රථයට බරපතල අලාභහානි සිදුව ඇතැයි රත්ගම පොලීසිය කියයි. 07 September 2026
අනවසරයෙන් වැවක් හදා වගා කළැයි අම්පිටියේ හිමි අත්අඩංගුවට මඩකලපුව භූ විද්යා කාර්යාලයේ නිලධාරියකු සිදුකළ පැමිණිල්ලකට මත මඩකලපුව ශ්රි මංගලාරාමාධිපති ය අම්පිටියේ සුමනරතන නාහිමියෝ අද සවස මඩකලපුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 07 September 2026
වාසනාට පෙරහර සීමාවක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ දෙවියන් වැඩම විම සිදු කරන වාසනා හස්තියා මින් ඉදිරියට මහනුවර වැනි ඓතිහාසික සිද්ධස්ථාන වෙත හැර වෙනත් පෙරහරවලට ලබා නෙදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මදුසංක මහතා සදහන් කළේය. 07 September 2026
දිලන්ත මාලගමුව ඇතුළු 4 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි කොළඹ 07 බාන්ස් ප්රදේශේ ඉඩමකට හොර ඔප්පු සාදා කුනු කොල්ලයට විකුණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශ ලබා ගත යුතු හෙයින් මෝටර් රථ දහවන ශූර දිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) ඉල්ලා සිටියේය. 07 September 2026
නාමල් බලන්න ශිරන්ති - රෝහිත වැලිකඩට මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා බැලීමට ඔහුගේ මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් කීපදෙනකු අද (7) පැමිණියාය. 07 September 2026
මෙහෙයුමකදී පොලිසිය නැවතූ මෝටර් රථයේ මත් කුඩු පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල පිවිසුමේදී රියැදුරන් පරික්ෂා කිරීම සඳහා නැවතු මෝටර් රථයක රියදුරු මෝටර් රථය දමා පලා ගොස් ඇති අතර දමා ගිය මෝර් රථයේ තිබී මත්ද්රවය තොගයක් සොයාගත් බව අධිවේගී මර්ග පොලිසිය කියයි. 07 September 2026
හඳ අයිති අපට - ට්රම්ප් සඳ අයිති ඇමෙරිකාවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. ට්රම්ප් මෙසේ පැවැසුවේ, සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිනි. 07 September 2026
මේ සතියේ මැතිසබයේ කටයුතු මෙහෙමයි පාර්ලිමේන්තුව හෙට 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 07 September 2026
ලෝක සෞඛ්ය සංවිධානයේ කලාප සැසිය ඇරැඹෙයි ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 අද (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය ටෙඩ්රොස් අධානොම් ගෙබ්රියේසස් මහතාගේ ප්රධානත්වයෙන් න ආරම්භ විය. 07 September 2026
යුද විරුවාට උපහාර පුදන්න හමුදාපති යයි රට වෙනුවෙන් දිවි පිදූ 4 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා හේවාදිවෙල, දුල්මුණේ පිහිටි ඔහුගේ නිවස වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා ගියේය. 07 September 2026
ජර්මන් මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශිකයන්ට ජය ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එයින් ජයග්රහණය කළේ ප්රධාන විපක්ෂය ලෙස කටයුතු කරන අන්ත දකුණාංශික ‘ජර්මනිය සඳහා විකල්පය’ දේශපාලන පක්ෂයයි. මැතිවරණය පැවැත්වූයේ ජර්මනියේ නැගෙනහිර සැක්සනි-අන්හාල්ට් ප්රාන්තයේය. 07 September 2026
13 හැවිරිදි දරුවා මා ඔයට බිලි මා ඔයේ යකා බැඳි ඇල්ල අසල දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් දරුවකු දියේ ගිලී මියගොස්, ඔහු බේරා ගැනීමට උත්සාහ කළ පියා ද අනතුරට පත්වීමෙන් පසු දඹදෙනිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාල්ල පොලීසිය පවසයි. 07 September 2026
මුලතිව් වෙරළට මියගිය මත්ස්යයින් ලක්ෂ ගණනක් ගොඩ ගසයි මුලතිව් වෙරළ ප්රදේශයට මේ දින වල විශාල වශයෙන් මිය ගිය මසුන් ගොඩ ගසා ඇති අයුරු දක්නට ඇති බව එම ප්රදේශ වල ප්රදේශෙවාසිහු සදහන් කරති. 07 September 2026
බෙසෝස්ගේ හිටපු බිරිඳ අංක එකේ දානපතිනියක් ලෝ ප්රකට ඇමසන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට් ලොව අංක එකේ දානපතිනියක බව විදෙස් මාධ්ය පවසයි. 07 September 2026
ඉන්දුනීසියා කන්ද පිපිරී ගුවන් ගමන් අඩාල වෙයි ඉන්දුනීසියාවේ අනැක් ක්රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑම සහ අහසට නැගුණු දුම්වලා හේතුවෙන්, ජකාර්තා අගනුවර සුකර්නෝ ජාත්යන්තර ගුවන් තොටුපොළ ද ඇතුළු එරට ගුවන් තොටුපොළ 6 ක කටයුතු තාවකාලිකව අත්හිටුවා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. 07 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026