(නිමල් ජයරත්න සහ වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව භූ විද්‍යා කාර්යාලයේ නිලධාරියකු සිදුකළ පැමිණිල්ලකට මත මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති ය අම්පිටියේ සුමනරතන නාහිමියෝ අද සවස මඩකලපුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සුමනරතන නාහිමියන්  ඉදිකළ වැවක් සදහා අනුමැතිය ලබාගෙන නොමැති බව පවසා මඩකලපුව භූ විද්‍යා කාර්යාලයේ ප්‍රධානියකු මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

අම්පිටියේ සුමනරතන නාහිමියන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව පන්සල්ගල් රාජමහා විහාරස්ථානයට ආසන්නව වැවක් ඉදිකර ප්‍රදේශයේ ගොවිජනතාවගේ වී වගාවට මෙන්ම ගොඩ බෝග වගාවටත්, විහාරස්ථානයේ වගා කටයුතු සඳහාත් ජලය ලබාගැනීමට කටයුතු කර තිබිණි.