
(එම්.සුසිල් පියන්ත)
රත්ගම ඕවකන්ද දුම්රිය හරස් මාර්ගයේදී අද (7) පස්වරුවේදී දුම්රියක මගී පවාහන බස් රථයක් ගැටී එම බස් රථයට බරපතල අලාභහානි සිදුව ඇතැයි රත්ගම පොලීසිය කියයි.
බස් රථ රියදුරුගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇත.
ගාල්ල කොළඹ මගී පවාහන සේවයේ යෙදෙන බස් රථයක් සිය ගමන් වාරය නිමවා එහි අලුත්වැඩියා කටයුත්තකට රත්ගම ඕවකන්ද ප්රදේශයේ ගරාජයකට යමින් සිටියදී කොළඹ සිට බෙලිඅත්ත දක්වා ගමන්ගත් දුම්රියක මේ බස් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි
රත්ගම ඕවකන්ද මේ දුම්රිය හරස් මාර්ගය සඳහා ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය නිසි පරිදි කියාත්මක නොවීම නිසා එම දුම්රිය හරස් මාර්ගය කාලයක පටන්ම අනාරක්ෂිත බව රත්ගම ප්රාදේශීය සභා මන්තී හර්ෂ පසාන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd