
(රෝෂන් තුෂාර)
කොළඹ 07 බාන්ස් ප්‍රදේශේ ඉඩමකට හොර ඔප්පු සාදා කුනු කොල්ලයට විකුණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතු හෙයින් මෝටර් රථ දහවන ශූර දිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) ඉල්ලා සිටියේය.
අදාළ පුද්ගලයින් හොර ඔප්පු සෑදීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වීද යන්න තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, එම පුද්ගලයින් රටින් පිට වුවහොත් විමර්ශනවලට බාධා සිදුවන බැවින් අදාළ විදෙස් ගමන් තහනම නිකුත් කරන ලෙසත් රහස් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ, සමන් ජයවීර සහ දිලන්ත මාලගමුව යන පුද්ගලයින්ට මෙම තහනම් නියෝගය නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
අදාල ඉඩම අලෙවිකර මුදල් බෙදාගෙන ඇති පුද්ගලයින් සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන දාහතරක් (14) ක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්ද මාලගමුව ටවිමර්ශනයක් සිදු කරන බවත් පැවසීය.
කොළඹ 7 ඉඩමක් හොර ඔප්පු සාදා රුපියල් බිලියනයකට විකුණුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිත බන්ධනාගාරගත පන්නිපිටියේ ආරියපාල දිසානායක නමැති අසූ හැවිරිදි සැකකරුවකු ලෙස නම් කර ඇති පැමිණිල්ලට විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.
රහස් පොලිසියේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ නිලන්ත මාලගමුව යන අයට වාහන 14 ක් මගින් මෙසේ මුදල් ගෙවා ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බැවින්, අදාළ පුද්ගලයින් සොයා ගැනීමට නොහැකි බැවින් මෙම තහනම නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නම් ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට පෙර ඔවුන් පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම්කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළේය.
දැනට රක්ෂිත බන්ධනාගාරගත සැකකරු රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ගොනු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
පැමිණිල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු සලකා බැලෙන බැවින් ලබන 10 වැනි දින අදාලා පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කර විදෙස් ගමන් තහනම් ඉල්ලීම එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
කොළඹ බාන්ස් පෙදෙසේ නොම්මර 18 ස්ථානයේ පර්චස් 43 ක ඉඩම ප්‍රසිද්ධ වාහන අලවි සමාගමක් විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd