(යොහාන් භාසුර)
මැගසින් බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්‍ෂ මහතා බැලීමට ඔහුගේ මෑණියන් වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් කීපදෙනකු අද (7) පැමිණියාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයෝ රැඳවියන්ට අමුත්තන් පෙන්වන සාමාන්‍ය ක්‍රමවේදය අනුව නාමල් රාජපක්‍ෂ මහතා හමුවී පිටවගියහ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු කීපදෙනෙක් පැමිණ සාමාන්‍ය පරිදි ඔහු හමුවී පිටවගිය බවත්ය.
ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදීගැනීමේදී සිදුවූයේ යැයි කියන අල්ලස් සිද්ධියකට සම්බන්ධ චෝදනාවකට ඒ මහතා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ පසුගිය 4 වැනිදා පෙනී සිටීමෙන් පසුව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව මෙම මස 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd