
(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවට අදාළ නඩු භාන්ඩ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් මඟින් අධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය රජයේ රස පරීක්‍ෂවරයාට අද (08) නියම කළාය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු බාරයේ ඇති නඩුවට අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝග කරන ලෙස පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥවරිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.
නඩුව කැඳවු අවස්ථාවේදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්ණ කරන විත්තිකාර ශිරාන් බාසික් නමැත්තා පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලඅ අතර නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා මත ශිරාන් බාසික්” පිලිපීන ජාතිකයකු ඇතු`ථ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.
නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ආරම්භ කෙරුණු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටින ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණය අමතමින් නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති හෙයින් එම නඩු භාන්ඩ අධිකරණයට ගෙන ඒම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.
විත්තිකාර ශිරාන් බාසික් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් නඩුවට අදාළ ඇතැම් ලේඛණ සහ සී.සී.ටී.වී. දර්ශන මෙතෙක් තමන්ට ලැබී නොමැති හෙයින් එම ලේඛණ තමන්ට ලබාදෙන ලෙස පැමිණීල්ලට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්ති පාර්ශවය ඉල්ලා සිටින ලේඛණ ඉදිරි නඩු දිනයට පෙර ඔවුන්ට ලබා දීමට පියවර ගන්නා ලෙස පැමිණීල්ලට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එක් විත්තිකරුවකුවකු පිලිපීන ජාතිකයෙකු හෙයින් මීළග නඩු දිනයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු ඉදිරිපත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළාය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති නඩු භාණ්ඩ අධිකරණයට රැගෙන ඒම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියම කළ විනිසුරුවරිය නඩුව ඔක්තෝබර් 02 වැනිදා යළි කැඳවන ලෙස නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd