
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්කර ගෙන ඇති සුවිශේෂී සහ ඓතිහාසික ජයග්‍රහණ දෙකක් අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ.
ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී ආචාර්ය නිලේෂ් බුද්ධා මහතාගේ අත්සනින් යුතු එම නිල ඇගයීම් සහතිකය පිරිනමනු ලැබූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතා විසිනි.
මෙහිදී ශ්‍රී ලංකාව ඇගයීමට ලක්වූ ප්‍රධාන ක්ෂේත්‍ර ද්විත්වය වූයේ මැලේරියාවෙන් තොර රටක් ලෙස වසර 10ක් සපිරීම සහ මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කර වසර 10ක් සපිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd