(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා වැලිකඩ හිර ගෙදර සති දෙකක් සිටියත් මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා ඒ හිර ගෙදර ඇතුලේ හිටියේ නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

දේශපාලන ඉරණම තීන්දු කරන්නේ රටේ ජනතාව.ඒක අවුරුදු පනහක් ද?සීයක්ද? සදාකල් ද?කියන්න දන්නේ නැහැ.ජනතාව බලය නිර්මාණය කර දෙන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය වැඩ පිළිවෙල නිර්මාණය කිරීම සඳහායි.රැස්වීම් තියලා සෙනඟ ගෙනල්ලා සදාකාලිකව බලයේ ඉන්න හිතාගෙන හිටපු අය ගැන ඕන තරම් උදාහරණ තියෙනවා.

මම වැලිකඩ හිර ගෙදර සති දෙකක් විතර හිටියා.මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා ඒ හිර ගෙදර ඇතුලේ හිටියේ නෑ.උගන්ඩාවේ සල්ලි හිර කරපු හොරා හිටියේ නෑ.සුදු ලූනු, සීනි, පාස්පෝට් වංචා වල හොරු හිර ගෙදර හිටියේ නෑ.ජනාධිපතිතුමා විපක්ෂයේ ඉද්දි පෙන්නපු ෆයිල් හාරසීයේ එක හොරෙක්වත් හිරගෙදර ඇතුලේ දැක්කේ නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.