
(අංජුල මහික වීරරත්න)
වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරුවන්ගේ EPF/ETF හිඟ මුදල් රුපියල් බිලියන 4.5ක මුදලක් වතු ජනතාව වෙත ලබා දීමට පියවර ගත් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි සේවය කර විශ්‍රාම ගිය සහ දැනට සේවයේ නිරත 10,000කට අධික සේවක සංඛ්‍යාවකට වසර 20කට වැඩි කාලයක් පුරා නොගෙවා තිබූ මිලියන 4,500 මෙලෙස ගෙවීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයින් 3000ක් සඳහා රුපියල් මිලියන 1961 කට වඩා වැඩි මුදලක් ද, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයින් 6123 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2024 කට වඩා වැඩි මුදලක් ද, ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයින් 1000ක් සඳහා රුපියල් මිලියන 503 කට අධික මුදලක් ද එනම් ආසන්න වශයෙන් මිලියන 4500 කට අධික මුදලක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍යංශය පවසයි.
ඒ අනුව හිඟ පාරිතෝෂික දීමනා ගෙවීමේ සමාරම්භක අවස්ථාව ලබන 10 වැනිදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd