විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය සමු දෙයි ප්රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්රවීණ කලාශිල්පිනී, ජ්යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්රාප්ත වූවාය. 14 September 2026
දිස්ත්රික් හතරකට මිලියන 7148ක සෞඛ්ය ගොඩනැගිලි ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් අනුරාධපුර, ත්රිකුණාමලය, මුලතිව් හා මන්නාරම රෝහල්වල අංග සම්පූර්ණ හෘද රෝග පුුතිකාර සංකීර්ණ දෙකක් සහ සෞඛ්ය ප්රතිකාර සංකීරණ ඒකකයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 14 September 2026
පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ. 14 September 2026
මුදල් නාස්ති රැස්වීම් කරන අයට අපේ රජයකදී උත්තර දෙන්න වේවි රටේ මුදල් නාස්ති කරමින් කරන රැස්වීම්වලට සම්බන්ධ වන සියලු දෙනාට තම රජයක් යටතේ නිදහසට කරුණු දැක්වීමට අනිවාර්්යයෙන්ම සිදුවනු ඇතැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ප්රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 14 September 2026
චූලා පත්මේන්ද්රන් කිරුළ ගැලවූ නඩුවෙන් නිදොස් කොට නිදහස් ශ්රී ලංකා විවාහක රූ රැජින තේරීමේ 2020 තරගාවලියේදී ජයග්රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලද හිටපු විවාහක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්රන් (මියගිය ) විත්තිකාරියන් අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද තීන්දු කළේය. 14 September 2026
ඉදිකිරීම් වැඩට නව බලකායක් පුහුණු කරයි ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ. 14 September 2026
බාල සිවුරු වික්කැයි ලක්ෂයක දඩයක් පාරිභෝගිකයන්ට අලෙවි කරන පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන් නිසි තොරතුරු සඳහන් නොකර ඇසුරුම් කරන ලද තායි සිවුරු අලෙවි කළ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 14 September 2026
ශ්රීලනිප කුරුණෑගල නායකත්වය හිටපු ඇමති ජයරත්න හේරත්ට හිටපු අමාත්ය ජයරත්න හේරත් මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික් නායකයා ලෙස පත්කර තිබේ. 14 September 2026
රනින් දිනූ සරසවි සිසු දෙදෙනා දිවයිනට ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්යාල සිසුන් දෙදෙනකු ජාත්යන්තර ක්රීඩා තරගාවලියකට සහභාගී වී පදක්කම් තුනක් දිනා අද අලුයම දිවයිනට පැමිණියහ. 14 September 2026
රතු මුහුදු වෙරළ තීරය හූතිවරුන්ගේ ග්රහණයට යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට, ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්ය පවසයි. 14 September 2026
කරාපිටියේ පාසලක සිසුවියක් පාසලේ උස ගොඩනැගිල්ලකින් බිමට වැටිලා ගාල්ල විදුහලක සිසුවියක පාසලේ සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ වරාය පොලිසිය පවසයි. 14 September 2026
අරාබි ගල්ෆ් රටවල් ඉරානය ගැන සාකච්ඡා ඇමෙරිකාවේ කෙණහිලිකම් මැද ඉරාන විසින් අවහිර කරනු ලැබූ හෝමූස් සමුද්ර සන්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඕමානයේ දී පැවැත්විණි. ඒ, ඉරාකය සහ ගල්ෆ් රටවල සහභාගීත්වයෙනි. මෙම සාකච්ඡාව පැවැත්වීම සිදුවූයේ ඉරානයේ දැඩි ඉල්ලීම මත යැයි ද පැවැසෙයි. 14 September 2026
රතු මුහුදු වෙරළ තීරය හූතිවරුන්ගේ ග්රහණයට යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට, ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්ය පවසයි. 14 September 2026
පෝලන්තයේ ඒ.අයි. රොබෝලා විරෝධතාවක කෘත්රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය දිනෙන් දින වේගයෙන් වර්ධනය වෙද්දී, රැකියා සුරක්ෂිත කිරීමට දැඩි නීතිරීති පනවන්නැයි බලධාරීන්ට බල කරමින්, පෝලන්තයේ වෝර්සෝ නුවර විරෝධතාවක් පැවැත්විණි. 14 September 2026
ආරක්ෂක ප්රධානීන් ඩ්රෝන ප්රහාරයකින් නූලෙන් බේරෙති රාජ්ය තාන්ත්රිතයන් සහ ආරක්ෂක අංශ ප්රධානීන් පිරිසක් යුක්රේනයේ දී රුසියන් හමුදා ඩ්රෝන ප්රහාරයකින් ‘අනූ නවයෙන්’ දිවි ගලවා ගත් බව විදෙස් මාධ්ය පවසයි. 14 September 2026
මහ ඇමති විජේ සුපිරි නළු අජිත් කුමාර් සමග තරග බිමට මහා බ්රිතාන්යයේ පැවැත්වෙන ප්රකට ‘සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරගය’ නැරැඹීමට තමිල්නාඩු මහ ඇමැති මෙන්ම ජනප්රිය දෙමළ නළුවකු ද වන විජේ ද එක් විය. 14 September 2026
22 වැනි සංශෝධනයට එරෙහිව 24 කොළඹදී විරෝධයක් 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වැනිදා කොළඹදී කැඳවන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 14 September 2026
වයඹ මහ සටනට සජබෙන් නලින් සමගි ජන බලවේගයේ වයඹ පළාත් මහ ඇමති ධූර අපේක්ෂක ලෙස තරග වැදීමට තමා සූදානම් බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර ජයමහ මහතා ලංකාදීපයට පැවසීය. 14 September 2026
බල්ලන් ලියාපදිංචිය අනිවාර්යයි : නොකළොත් 2,000ක දඩයක් සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශය ගැසට් කර අුැත 13 September 2026
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්රික කණ්ඩායමක් අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය. 13 September 2026
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්රම්ප් සිහිපත් කරයි තමන්ට පහර නොදෙන ලෙස ඉරානයේ සහාය ලැබෙන යේමනයේ හූති සටන්කාමීන් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළ බව ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා ප්රකාශ කළේය. 13 September 2026
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී ව්යාපාරිකයකු විසින් පමුණුගම වහටියගම ඒපාමුල්ල වෙරළතීරයේ මීටර් 226 පමණවු දුරක බැදගෙන යමින් තිබු ආරක්ෂක ගේබියෙන් බැම්ම (කලුගල් බැම්ම) සදහා නිකුත් කරතිබු CCCRM/13065 දරණ බලපත්රය තාවකාලිකව අත් හිටවීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.ටර්නි පෙරේරා විසින් ලිඛිතව නියෝග කර ඇත. 13 September 2026
ඉරාක ප්රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි ඉරාකයේ සිට එල්ල වූ ඩ්රෝන ප්රහාරයත් සමග සෞදි අරාබිය පසුගිය 11 වැනිදා සිය ප්රධාන තෙල් නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය. 13 September 2026
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට කිසිසේත් යටත් වන්නේ හෝ බිය වන්නේ නැතැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැළියට සංදේශයක් එවමින් සඳහන් කරයි. 13 September 2026
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්රණ අංශයේ වැඩට සිර දඬුවම් නියම කෙරුණු හිටපු අමාත්ය පියංකර ජයරත්න මහතා බන්ධනාගාරයේ මුද්රණ අංශයේ වැඩට යොදවා ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 13 September 2026
නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැලණි නදියේ පා කරයි හෙළයේ අග්රගණ්ය ගායනවේදනී අභාවප්රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය. 13 September 2026
22 අධිකරණ මතය 22 වැනි දා මැතිසබයට විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 13 September 2026
චීනය සහ ඉන්දියාව ප්රතිවාදීන් නොව හොඳ හවුල්කරුවන් විය යුතුයි චීනය සහ ඉන්දියාව ප්රතිවාදීන් නොව එකිනෙකාට සහයෝගය දක්වන හවුල්කරුවන් විය යුතු බවට දෙරටේ නායකයන් පසුගියදා එකඟතාවයකට පැමිණ ඇත. 13 September 2026
කටුනායක - ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව නවතී මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් Fits Air ගුවන් සමාගම සිය කොළඹ–ඩුබායි ගුවන් ගමන් සේවාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 13 September 2026
දිගු දුර ජෙට් යානයක් හිමි ශ්රී ලංකිකයා දිවයිනට පැමිණෙයි පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 13 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026