
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ වයඹ පළාත් මහ ඇමති ධූර අපේක්ෂක ලෙස තරග වැදීමට තමා සූදානම් බව කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර ජයමහ මහතා ලංකාදීපයට පැවසීය.
පක්ෂයේ සියලු දෙනාගේ සහාය ඇතිව තමා ඊට තරඟ වදින බවද ඔහු ප්රකාශ කළේය.
මැතිවරණයක් ප්රකාශයට පත් කරන්නේ නම් එදින සිට පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට දිවුරුම් ප්රකාශයක් වුව ලබාදීමට සූදානම් යැයි මන්ත්රීවරයා පැවසීය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් නායකයා සහ එම දිස්ත්රික්කයේ වැඩිම මනාප ගත් පුද්ගලයා ලෙස මහ ඇමැති පුටුව වෙනුවෙන් තරඟ වැදීමට ඉහළම සුදුසුකම තමාට ඇති බව නලින් බණ්ඩාර ජයමහ මහතා ප්රකාශ කළේය.
මැතිවරණයට බිය නොවන ලෙසත් නියමිත දිනයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත් ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd