(ටී.කේ.ජී.කපිල )

පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා  සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති රොෂ් ජලග්ගේ මහතා , මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර රැසක හිමිකාරත්වය දරන ශ්‍රී ලාංකික බිලියනපතියෙකි .

ඔහු මෙරටට පැමිණි Gulf Stream G - V (ගල්ෆ් ස්ට්‍රීම් ජී - වී ) ගුවන් යානයට කිලෝ මීටර් 12,000 ක දුරක් පියාසර කළ හැකිය .

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික ගුවන් යානය වූ ,  උපාලි විජේවර්ධන මහතා විසින් මිළදී ගෙන තිබූ ලියර් ජෙට් 35 ඒ ( Lear Jer 35 A ) ගුවන් යානයට පියාසර කළ හැකි වූයේ කිලෝ මීටර් 4,000 ක් පමණි.