
(රෝෂන් තුෂාර)
රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ ඩොලර් සංචිත මෙරටින් පිට කිරීමේ මහා ජාවාරමට මෙරට වාණිජ බැංකුවක නිලධාරියකු සෘජුවම සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය පැවසීය.
ව්‍යාජ සමාගම් 26 ක් මෙහෙයමින් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් රටින් පිටකලේ යැයි අත්අඩංගුවට ගත් මොහොම මුසාම්මිල් මොහොමඩ් ඉන් පාස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් එසේ පැවසීය.
කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශ ගත කළේ යැයි කියන ජෙෆ්රි මොහොමඩ් හා බැංකු නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහි පැමිණිල්ලේ හයවන සැකකරු ලෙස නම්කර ඉන්පාස් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
රහස් පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මෙරටින් ඩොලර් පිට කිරීමට කටයුතු කළේ යැයි කියන ව්‍යාජ සමාගම් 89 ක් පිළිබඳව විමර්ශනය කිරීමේදී මෙම සැකකරු පිළිබඳව අනාවරණය ව අත්අඩංගුවට ගත් බවය.
ව්‍යාජසමාගම් 89 න් 36 පැමිණිල්ලේ ප්‍රධාන සැකකාර ජෙෆ්රි මොහොමඩ් මෙහෙයවා ඇති අතර මෙම සැකකරු තවත් සමාගම් 26ක හිමිකරු ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වන බවද පැවසීය.
මෙතෙක් හඳුනාගත් එම ව්‍යාජ සමාගම්වල සභාපති හා ලේකම් යන ප්‍රධාන තනතුරුවල කටයුතු කර ඇත්තේ පුද්ගලයින් 55 දෙනෙකු බවත් , ඔවුන්ගේ නම් උඩ යට මාරු කරමින් සමාගම් ලියාපදිංචි කර ඇති බවත් පැවසීය.
සැකකරුවන්ට සෘජුවම සහාය දැක්වූයේ යැයි කියන බැංකු නිලධාරියකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවද ,ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද පැවසීය.
භාණ්ඩ ආනයනය සඳහා ඉන්වොයිසර් විවෘත කිරීමෙන් පසුව දින 180ක් ඇතුළත භාණ්ඩ ආනයනය කිරීමේ ක්‍රමවේදයන් නිසි ලෙස අනුගමනය කර නොමැති බවටද කරුණු අනාවරණය වී ඇතැයිද පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිතව බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd