
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු රේගුවේ උසස් නිලධාරියෙකු විශ්‍රාම යැමෙන් පසු ආණ්ඩුවේ ලොකු පුටුවකට පත්කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළේය.
ආණ්ඩුව වැඩ කරන්නේ යහපාලන ප්‍රතිපත්තියක් අනුව නම් මෙවැනි දේවල් සිදුවිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාදවී ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.
මෙම කාරක සභාවේ විමර්ශන මේ වනවිට අවසන් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම වාර්තාව ප්‍රමාද කිරීම ගැටලු සහගත බවයි.
කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අධිකරණ සහ ජාතික ඒක බද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව භෞතික පරීක්ෂාවකින් තොරව කන්ටේනර් මුදාහැරීමක් සිදුව ඇති බව එහි අවසන් වාර්තාවෙන් තහවුරු කළේය.
මෙම කන්ටේනර් මුදාහැරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd