
(ප්රසාද් රුක්මල් )
බදුල්ල මහියංගන ප්රධාන මාර්ගයේ දුන්හිද මැඩිතලේ රයිටර් වංගුව අසලදි සිසිල් බීම ප්රවාහනය කරමින් තිබු ලොරියක් අද (12) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක පමණ ප්රපාතයකින් පහල මාර්ග සංවර්ධන අධිකාරියේ නිළ නිවසක් මතට පෙරලීයාමෙන් ලොරියේ රියැදුරු,රියසහයක ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ ලොරියේ රියැදුරු රිය සහයක මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නිළ නිවසේ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයකු සහ ඔහුගේ පුතා බවත් පොලිසිය කීය.
මහරගම ප්රදේශයේ මෙම ලොරිය කඩුවෙල බියගම ප්රදේශයේ සිට සිසිල් බීම තොගයක් පටවා ගෙන පස්සර නගරයට ගොස් සිසිල් බීම කොටසක් බා ඉතිරිය නැවත බදුල්ල හරහා මහියංගනයට යද්දී මෙම අනතුර සිදුව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd