
(විමුක්ති එස් රුද්‍රිගු)
එල් නිනෝ දේශගුණික තත්වයත් සමග වියළි කලාපයේ නියඟයට මුහුණදී සිටින පවුල්වලට පෝෂ්‍යදායී ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට තිබෙන හැකියාව ලබන ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලයේදී තවත් පිරිහීමේ අවදානමක් පවතින බව ආහාර සුරක්ෂිතතා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය සිය නවතම වාර්තාව මගින් පසුගියදා අනතුරු ඇඟවූවේය.
දැනට සිදුවෙමින් පවතින යල කන්නයේ අස්වැන්න නෙළීම සහ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මගින් සෘතුමය ආහාර ලබාගැනීමේ හැකියාව සහ කෘෂිකාර්මික ආදායම් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර පවතින ආහාර තොග සහ රට තුළ ප්‍රමාණවත් සහල් තොග පැවැතීම මෙරට ආහාර සැපැයුම ස්ථිර කරනු ඇති බවද පැවැසෙයි.
කෙසේ වෙතත් ප්‍රමාණවත් සහල් තොගයක් රටතුළ පැවැතියත් දීර්ඝ කාලයක් වියළි කාළගුණයක් පැවැතීම, අඩුවෙමින් පවතින ජලාශවල ජල මට්ටම සහ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ උෂ්ණත්වය ඇතැම් පවුල්වලට ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට තිබෙන හැකියාවට මෙන්ම එම පවුල්වල ජීවනෝපායටද බලපෑම් එල්ල කළ හැකි බව එම වාර්තාවේ දැක්වේ.
යල කන්නයේ අස්වනු තොග අඩුවෙත්ම මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් වැඩි වශයෙන් කෘෂි කාර්මික ප්‍රදේශවල පවුල්වල වැඩි වශයෙන් වෙළෙඳපොළ මත යැපීම එයට හේතුව බවද එහි දැක්වේ.
මෙම කරුණු නිසාවෙන් වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල දැනට තිබෙන අවම ආහාර අනාරක්ෂිත මට්ටම, පීඩිත මට්ටමක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය ලබන ජනවාරි මාසය දක්වා බලපානු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජල සම්පත් දැඩි ලෙස අඩුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd