
(රෝහණ සමරවීර)
මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක පවුල් එක් දහස් පන්සියයක පමණ ප්‍රමාණයක සාමාජිකයන් දහස් ගණනාවක් උග්‍ර ජල හිගයකට මුහුණ දෙමින් සිටිති.
තෝරකොලයාය, කෝන්කටුව, වලල්ගොඩ හා ජදුර යන ග්‍රාම නිලධාරි වසම් තුළ ජීවත් වන ජනතාව මෙම ජල හිගයට මුහුණ දීමට සිදුවී ඇති අතර කනමැදිආරේ පොඩි වැව සභ මහපැලැස්ස වැව සම්පූර්ණයෙන් සිදී යාම හේතුවෙන් එම ප්‍රදේශයම දැඩි ලෙස වියළී ගොස් ඇත.
එම වැව් දෙක සිදී යාමත් සමග පානීය ජලය පමණක් නොව එයින් පෝෂණ වු ගොඩ ඉඩම් විශාල ප්‍රමාණයක එළවලු වගාවන් මෙන්ම ගම්මිරිස් දෙහි දොඩම් පොල් වැනි ස්ථීර භෝග වගාවන් පවා ක්‍රමයෙන් මැරී යමින් පවතී.
එම ප්‍රදේශ වල නළ ජලයෙන් සුළු පිරිසකගේ ජල අවශ්‍යතාවයන් පිරිමසා ගන්නා නමුත් එම ජලයත් මේ වනවිට සීමා කර තිබීම විශාල ජන සංඛ්‍යාවක් උග්‍ර ජල හිගයකට මුහුණ දෙමින් සිටින බව ප්‍රදේශවාසීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd