(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ඩුබායි සිට මෙරට රැගෙන ආ ශිරාන් බාසික් නැමැත්තාගේ පියා අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

ශිරාන් බාසික් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරයෙන් උපයා ගත් බව කියන මුදලින් ගම්පහ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි තුනක් පමණ වටිනා නිවසක් මිලදීගෙන ඇති අතර එය ඔහුගේ පියා වන අබ්දූල් රසාක් මොහොමඩ් බාසික් නමින් මිලදි ගෙන ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධ කරන පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා ශිරාන් බාසික් ගේ පියා හට  මධ්‍යම විමර්ශන කාර්යාංශයට පැමිණ ලෙස දැනුම් දී තිබිණි.