
(ටී.කේ.ජී.කපිල )
මාළදිවයිනේ පැවති " ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය - 2026 "( Food And Hospitality Asia , Maldives Culinary Competition - 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගෙන ඔවුන් දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 15 කට අධික සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් , ඉකුත් 07 වැනි දින සිට 09 දින දක්වා , කාණ්ඩ අංශ 21 ක් යටතේ මාළදිවයින , හුලුමාළේ නුවර දී තරග පවත්වා තිබුණි .
නාශික් නජිලා සූපවේදිනිය " ආර්ටිස්ටික් ෂෝපීසස් ( Artistic Showpiece ) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබුණි .
මීට අමතරව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම උසස් මට්ටමේ කේක් සහ පේස්ට්‍රි නිර්මාණ , ගුණාත්මක ඉදිරිපත් කිරීම් , නිරවද්‍ය සැරසිලි සහ ව්‍යුහාත්මක නිර්මාණ සදහා රන් පදක්කම් - 05 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වූහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd