
(යොහාන් භාසුර)
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සංවිධාන කළ ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා, අවස්ථා සහ අභියෝග පිළිබඳ විද්වත් සංවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම සංවාදයේදී ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා, නව ආර්ථික අවස්ථා, ජාත්‍යන්තර සහයෝගිතාව, නව තාක්ෂණය, ආයෝජන සහ තිරසර සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කෙරිණ .
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි , කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, මලයාසියාවේ ක්වාලා ලාම්පූර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ආර්ථික පර්යේෂක ආචාර්ය අමාලි වෙදගෙදර යන මහත්ම මහත්මීහු මෙම සංවාදයට එක්වූහ.
මෙම සංවාදයට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මෙසේ අදහස් දැක්විය.
"අද වෙනකොට ඉතිහාසය තුළ තිබු ස්වාධීන ආර්ථික අවස්ථා වෙනස්වී තිබෙනවා. හැමදෙයක්ම හැමෝම එකතුවෙලා තමයි කරගන්න වෙලා තියෙන්නේ. තව දුරටත් එක රටකට තනි තනිව පිළිතුරු සොයනවා වෙනුවට සමූහික යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. එක රටක වෙනස් වීමක් මුලු ලෝකයටම බලපාන්න පුලුවන්. ඒවා සෞඛ්‍ය ගැටලු වෙන්න පූලුවන්, පාරිසරික ගැටලු වෙන්නත් පුලුවන්. මෙවැනි දේවල් එක්ක අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතා කරනවිට, අපිට කියන්න පුළුවන් 2024 වසරේදී යම් වෙනසක් සිදු වුණා. රටේ එකල පැවති අර්බුද, විශේෂයෙන්ම විදේශ විනිමය ගැටලු මේ වන විට බොහෝ දුරට අවසන්. රාජ්‍ය ආදායම වැඩි කරගන්නත් මේ වන විට පුළුවන් වෙලා තියෙනවා. අයවැය පරතරයද අඩු කරගන්නට අපිට හැකි වී තිබෙනවා. යළි නැගිටින රටක් ලෙස ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන්ට පැමිණි වසරක් ලෙස 2025 අවුරුද්ද අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම එදා පටන්, චීනය අපිත් සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ඇවිල්ල තියෙනවා.ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී රටවල් අතර සහයෝගිතාව සහ සාමූහික ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් .
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ චීන ජනාධිපතිවරයාගේ දුෂණයට එරෙහි වැඩපිළිවෙළක් අපිට අපේ රටට ගත හැකි විශේෂ ආදර්ශයක්. ඒ අතරම නව තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පාරිසරික ආරක්ෂණය පිළිබඳ වැඩපිළිවෙල අප වගේ දියුණුවෙමින් පවතින රටවල් හට ඉතාම වැදගත්"යැයි වැඩිදුරටත් පැවසීය
සංවාදයට එක් වූ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙසේ පැවසීය.
"ලෝකය ප්‍රධාන වශයෙන් ගැටලු හතරකට මුහුණ දෙනවා. එහි මූලික ප්රවණතාවන් වන්නේ,
- ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ අවිනිශ්චිතතාව
- ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්රයේ අස්ථාවරත්වය
- තාක්ෂණය තුළ ගෝලීය පෙරළිය මත ඇති නැති පරතරයක් ඇතිවීම (ඩිජිටල් ඩිවයිඩ්)
- මිනිසා විසින් ඇති කරගත් ප්‍රශ්න සහ පාරිසරික වෙනස්වීම් වැනි ප්රවණතාවන් මත සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ඇතිවී තිබෙන ගැටලුවලට මුහුණදෙන්නට සිදුවීම.
දැන් චීනය හමුවේ තියෙන දේ තමයි ඔවුන් උත්සාහ කරනවා හැම විටම ගෝලීය සහයෝගීතාවය තියාගන්න, වැඩි දියුණු කරගෙන ඉදිරියට ගෙනියන්න. හැබැයි මේ වන විට ලෝකයේ පවතින භූ දේශපාලනයේ යුදමය තත්ත්වයන් තුළ එම ගෝලීය සහයෝගීතාවයට යම්තාක් දුරකට බලපෑමක් එල්ල වෙලා තිබුණත් දියුණු වෙමින් පවතින රටවල් ලෝකයට එකතු කිරීමට, හැමෝම සමග ගනුදෙනු කිරීමට සංවර්ධන ණය ලබාදීම එවැනි දේවල්වලට චීනය විශාල පහසුකම් සලස්වා තිබෙනවා. මේ සඳහා නවීන තාක්ෂණය ද යොදාගන්නට චීනය අමතකක කරන්නේ නැහැ.
වැදගත්ම කාරණය වන්නේ මේ හැම දෙයක්ම සිදුකිරීමට චීනය ඉදිරිපත් වන්නේ තිරසාර සංවර්ධනයටද මුල් තැනන දෙමින්. එයයි චීනයෙන් අපට ගත හැකි ආදර්ශය" යැයි සඳහන් කළේය.
ආචාර්ය අමාළි වෙදගෙදර මහත්මිය එහිදී මෙසේ අදහස් දැක්වූවාය.
"ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට ගත්තම අපේ රටේ තියෙන වැදගත්ම දේ තමයි අපේ රට පිහිටි වටපිටාව. ගෝලීය දකුණ තුළ අප රට අන්තර්ජාතික වෙළඳාම සමඟ කරට කර යාම, තාක්ෂණික අධ්‍යාපනයන් හුවමාරු කරගනිමින් කටයුතු කිරීම වැදගත් දේවල් ලෙස පෙන්වා දෙන්නට පුලුවන්. ඒ අතරමින් ලෝකයත් සමග ශ්‍රී ලංකාව ගනුදෙනු කරනවා ශ්‍රමිකයන්ගේ ශ්‍රම බලකායෙන්. මේ සියලු දේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා දැඩි කර ගන්නේ විවිධ ගිවිසුම් අත්සන් කරමින් ලෝකය විවිධ රටවල් සහ විවිධ සංවිධාන සමග එකතුවෙමින් වැඩ කරගෙන යමින්. අවුරුදු ගාණක් පුරාවට මේ යන ගමනේ මේ මොහොතේ ශ්‍රී ලංකාව විශේෂයෙන් අවධානයට ලක්කරන්න ඕනේ බල ව්‍යුහයන් සමඟ ඝට්ටනයක් ඇති නොකර ගනිමින්, ශ්‍රී ලංකාවට හානියක් ගෙන නොදී ඉදිරියට යන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd