“ආදරණීය රෝහණ“ ප්‍රසංගය ඉතාලියේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ‘ආදරණීය රෝහණ“ ප්‍රසංගය මාර්තු 25, 26 සහ අප්‍රේල් 2 දිනවල ඉතාලියේදී පැවැත්වීමට නියමිතය. 24 March 2017
ඇමැතිවරු නවයකට වාහන ගන්න කෝටි 37 ක පරිපුරක ඇස්තමේන්තුවක් ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු සඳහා නව වාහන මිලදී ගැනිමට රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනුහත් දහසක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක් අද (24) ඉදිරිපත් කැරිණි. 24 March 2017
අගමැති ජන්ම දිනයට ගංගාරාමයේ පිංකමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වැනි උපන් දිනය නිමිත්තෙන් අද (24) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී විශේෂ බෝධි පූජා පිංකමක් සංවිධානය කර තිබිණි. 24 March 2017
හිටපු ජනපති පරීක්ෂණ කොමිසමට කැඳවයි පසුගිය ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියකදී රුපියල් මිලියන ගණනක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) ජනාධිපති පරීක්ෂණ කොමිෂමට පැමිණියේය. 24 March 2017
කොටි සමයේ මොටාර් උණ්ඩ මන්නාරමෙන් හමුවෙයි මන්නාරම, පාප්පමොටෙයි ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදී විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ හා බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පෙරේදා (23) වවුනියාව කුරුක්කල්පුදුකුලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. 24 March 2017
වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මැලේසියාවේ පැවැත්වෙන රාජකීය පොලිස් දිනය නිමිත්තෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශගතවන නිසා වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා පත්කරනු ලැබ සිටී. 24 March 2017
සරණාගතයින් 200 කට වැඩි පිරිසක් මුහුදේ ගිලුනාදැයි සොයයි ලිබියා මුහුදේ තිබී හිස් ඔරු දෙකක් හමුවී ඇතැයි ද එහි සිටි 260ක් පමණ මිය ගොස් ඇති බවට සැක කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 March 2017
මුදල් අමාත්‍යාංශ කියන කියන විදිහට වැඩ කරන්නේ නෑ - ඛණිජ තෙල් ඇමති චන්දිම කිසිම ආකාරයකින් ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 24 March 2017
අධිකරණයට අපහාස කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ් අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසුරුම් ගබඩාවක් කඩා විවෘත කර එහි තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අළෙවි කර අධිකරණයට අපහාස කළැයි ව්‍යාපාරිකයෙකු හෙට (24) දක්වා රිමාන්ඩි කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (23) නියෝග කළේය. 23 March 2017
කොන්දොස්තරවරුන් 237කට වැඩ වරදී මගීන්ට ටිකට්පත් නොදුන් පෞද්ගලික බස් රථ කොන්දස්තරවරුන් 237ක් ද කොළඹ දී අල්ලා ගත් බව බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියයි. 23 March 2017
සීමා නිර්ණ වාර්තාව ගැසට් කළ දිනය නොකියා ඇමති මගහරී පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කඩිනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට සෘජුව උපදෙස් දුන් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.සීමා නිර්ණය වාර්තාව ගැසට් කර ප්‍රසිද්ධියට පත් කර තිබෙන බව අමාත්‍යවරයා කියයි. 23 March 2017
ශ්‍රී ලංකාවට වසර දෙකක කාල දිගුවක් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව කටයුතු කිරීමට තවත් වසර 2ක් කල් දිය යුතු බවට ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ප්රමුඛ රටවල් 4 ක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි මහසභා සැසියට ඉදිරිපත් කළ යෝජනාව ඡන්දයකින් තොරව අද(23) සම්මත විය. 23 March 2017
මෑන්පවර් උද්ඝෝෂණයට එරෙහිව කරුණු දැක්වීමට කොටුව පොලිස් ස්ථානාධිපති කැඳවයි මෑන් පවර් සේවකයින් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් මූලස්ථානය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට එරෙහිව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන අපේ‍්‍රල් 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු හත්දෙනෙකුට අභියාචනාධිකරණය අද (23) නොතීසී නිකුත් කළේය. 23 March 2017
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාස 11 ක කුළිය කෝටි 27 ක් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන භාවිතයට නොගත් ගොඩනැගිල්ලකට මාස 11ක් සඳහා කුලිය ලෙස රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් ගෙවා ඇතැයි අද(23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 23 March 2017
ඩෙංගු රටම ගිලගන්නට සැරසෙයි. නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉතා තදින් පැතිරෙන ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට රජය උපරිම අයුරින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 March 2017
මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේලාවෙන් අද පස්වරු 2.25 ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 23 March 2017
විමල්ගේ දියණිය රෝගාතුරවී රෝහල් ගතකරයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබේ. 23 March 2017
ඩෙංගු රෝගයෙන් කින්නියාවෙි 14 ක් මරුට ඩෙංගු රෝගයෙන් කින්නියා ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි පළාත් සහා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. 23 March 2017
පැහැරගැනීම් 2 ක පරීක්ෂණ වලට නාවික හමුදාපති සහයෝගය නෑ සුදු වෑන් යොදගෙන 2009 දී කළ බව කියන පැහැරගැනීම් දෙකක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට සහයෝගය දෙන්නැයි අධිකරණය දුන් නියෝගවලට එරෙහිව වර්තමාන නාවික හමුදාපතිවරයා කටයුතු කරන බවත් එම පරීක්ෂණවලට නාවික හමුදාපතිවරයා සහය නොදෙන බවත් අපරාධ විමර්ශන කොට්ඨාසය අද(23) අධීකරණයට දැන්වීය. 23 March 2017
ඒකාබද්ධයේ මන්ත්‍රීවරු උද්ඝෝෂණයට නෑ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (23) ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් නොපැමිණි නිසා ඔවුන්ට එරෙහිව නිකුත් කළ නොතීසි භාරදීමට නොහැකි වූ බව බොරැල්ල පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. 23 March 2017
අධිවේගී මාර්ගයේ අනතුරකින් කතක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ගමන් ගත් මෝටර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 23 March 2017
මුහුදු ක්ෂිරපායින්ගේ ඡායාරූප ගත් 6 ක් අත්අඩංගුවට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කිමිදෙමින් ඡායාරූප ගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ලාංකීක පුද්ගලයන් දෙදෙනෙකු තල්අරඹ වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 March 2017
ඉදිරි සති දෙක තුළ වැදගත් තීරණ කිහිපයක් - ලක්ෂ්මන් යාපා දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් හා ශක්තිමත් තීන්දු කිහිපයක් ජනාධිපතිවරයා විසින් ඉදිරි සති කිහිපය ඇතුළත දී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 23 March 2017
ග්ලයිෆොසේට් පොලිසියේදී ඇමෝනියා වෙයි උඩප්පුව වෙරළ තීරයේ දී බදාදා (22 ) අත් අඩංගුවට ගත් ග්ලයිපෝසෙට් නම් උග්‍ර විෂ රසායනිකය අඩංගු වල් නාශක පැකට් 4205 පොලිසිය විසින් රේගුව වෙත ඉදිරිපත් කොට ඇත්තේ ඇමෝනියා පොහොර වශයෙන් බැව් ආරංචි මාර්ග කියයි. 23 March 2017
දිනේෂ් ඇතුළු නව දෙනකුට නොතීසි වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සලකා බලා සුදුසු නියෝගයක් ලබාදෙන්නැයි බොරැල්ල පොලිසිය අද (23) අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 23 March 2017
පුත්තලම අවටින් දරුණු වෙෙරස් උණක් ඩෙංගු උණට සමාන ලක්ෂණ සහිත දරුණු වෛරස් උණක් පුත්තලම අවට පැතිරි යමින් තිබෙන බව පුත්තලම රෝහල් අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පවසයි. 23 March 2017
වාහන අවභාවිතා කළ ව්‍යාපෘති කළමනාකරුගේ වැඩ තහනම් වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් වූ චෝදනා මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකාර රන්බණ්ඩා සිරිසේන මහතාගේ සේවය වහා අත්හිටුවනු ලබයි. 23 March 2017
හිඟුරක්ගොඩ ප්‍රා සභාවේ වැඩ පරීක්ෂක අල්ලස් දැලේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන වැඩ පරීක්ෂකවරයකු ගරාජ් හිමියකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගැනීමට යාමේදී අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 March 2017
උඩුවේ හිමිට ඇප අධික ශබ්දයක් සහිතව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළැයි චෝදනා ලැබු ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ වරෙන්තු ආපසු කැඳවු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය උන්වහන්සේට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළාය. 23 March 2017
ශ්‍රී ලංකා රුසියන් ජනපති හමුව අද රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා හමුවෙයි. 23 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026