ඉන්දිකා රාමනායක
සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
රජයේ වෛද්‍ය නිලදධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුලූ පිරිසක් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබි ඇති බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම විද්වත් සමුළුව අද පස්වරු 1.30 ආරම්භ කර තිබු අතර එය අවසානයේ පැවති තේපැන් සංග්‍රහයක් අතර තුර ඇති වු සයිටම් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම පහර දීම සිදුව ඇති බවට පැමිණිලි ලැබුණ බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
සිද්ධයෙන් පහර කෑමට ලක්ව වූ වෛද්‍යවරයා කොළම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඩුම් බිඳුම් වෙලා තියනවනම් හොරිවිල වේද මහත්තය තමය් හොඳ වේද කමට . යවන්න එතනට. පසු හිය දවස් වල මහනුවර කාර් පාර්ක් කරන්නට ගිහින් දොස්තරලා දෙන්නෙක් ගහ ගත්ත. මේවා අලුත් දේවල් මෙනේ.
යාන්තම් ඇති ... ඔය ටිකනේ කරගන්න ඕනෙවෙලා තිබ්බේ...
මාෆියා කාරයෝ ගහගෙන විතරක් මදි උන් මරා ගන්න ඕනා. ඒ වගේම අර මාෆියා සංගමයේ කෙරුමෝ ටික ඝාතනය කළා නම් මේ රටම නිදහස්.
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පැන පොදු දේපල විනාශ කිරීම , සහ විරුද්ධ අදහස් දරන පුද්ගලයන්ට පහර දීම වැනි අපරාධ ප්‍රසිධියේ කිරීමට පවා. දොස්තර මාෆියාව ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ , මඩිය තර කරගැනීමට ඕනෑම දෙයක් කිරීමට මොවුන් පෙළබි ඇති බවය , මේ ප්‍රශ්නය විසදීමට නම් උසාවි නියෝග කඩා කරමින් අපරාද කරන පුද්ගලයන්ට හිර දඩුවම් දිය යුතුය , දොස්තරලට කියල විශේෂයක් නොකළ යුතුය , මොවුන්ගේ වර්ජන තර්ජන වලට බිය නොවී රජය කෙලින් තීරණ අරන් ක්‍රියාත්මක කල යුතුය .
මෙතරම් දොස්තරලා බලුවූ යුගයක් ඉතිහාසයේ තිබුනේ නැහැ . පොලිසිය හෝ අන් කිසිම ආයතනයක් දොස්තරලට කියල විශේෂයක් කිසිවිටකත් නොසලකා නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න.
මෙම දොස්තර වරුන් පුද්ගලික බස් රථවල කොන්-දොස්තර වරුන් ලෙස පත් කරන ලෙස ශ්‍රී ලාංකික රෝගීන්ගේ සංගමය කරුණා පූර්වකව ඉල්ලා සිටින්නෙමු චන්ද්‍ර
ජනාධිපති/අගමැති තනි තනතුරු නිසා ගහගන්න කෙනෙක් නැතිකමට ඉන්නව මිසක, අනෙක් සියළු දෙනා ඔය වගේ තමා. පාළු කඩේ වලං බිඳින්න හැමෝම දක්ෂයි. නමුත් අනෙක් කෙනෙක්ගෙ අදහසකට ගරුකරන්න දන්නෙ නැහැ. උගත් නූගත් කියල වෙනසක් නැහැ. රටක්, ජාතියක් විදිහට වලපල්ලට යන එක අහන්න දෙයක්ද.
ඉස්සර දොස්තරලා දෙවිවරු වගෙයි. දැන් ඉන්න උන්දලා රස්තියාදු කාරයෝ වගෙයි.
සයිටම් රජයට පවරාගෙන රජයට අයත් මුදල් ගෙවා උපාධි පවත්වන එන්. එස්. බී. එම්. (හරිත සරසවිය) ට බාරදීමට කටයුතු කිරීම මෙයට ඇති විසඳුමකි.
අවි ගත්තෝ අවියෙන්ම් නසිති. දිට්ඨධමම වේදනීය කම්ම විපාක දෙන්න පටන් අරන් වගේ ...
එකට වැඩ කරන තමන්ගේ සගයන්ට මෙහෙම සලකනවා නම් ලෙඩ්ඩුන්ට මේ ගොල්ල කොහොම සලකනවද කියල හිතා ගන්න පුළුවන්....
පුදුම ප්‍රමිතියක් තියෙන දොස්තරවරුන් තමයි..
විද්වත් සමුළුවකට ගැලපෙනම ක්‍රියාවක් ....
මේ අර්බුධයට හේතු දෙකක් තියනවා. ඒ නිසා අපපිට කවදාවත් ජාත්‍යන්තර තත්වෙට එන්න බෑ. අපේ රටේ සල්ලි පිටරටටමයි යන්නේ. 1 ඊරිසියාව 2. දේශපාලන වාසිය විරුද්ධව කතා කලොත් කන්න තමයි වෙන්නේ
හැබැයි Saitam දොස්තරලා නම් කවදාවත් ඒ වගේ පහත තත්වෙට වැටෙන්නේ නැහැ.
සාකච්ඡා, සම්මුතීන්, විද්වත් සමුළු, විවේචන වලදී මෙහෙම නම් අනෙක් ඒවායේදී කොහොම ඇත්ද?
විද්වත් සමලුවක් කිව්වා නේද ?
හොඳ වැඩේ මුන්ට ඔහොම තමා වෙන්න ඕනේ. අපේ බදු මුදලින් ඉගෙන ගෙන අපිටම කෙලිනවා.
දැන් නම් මේ වෘත්තිය ඉතාම නින්දිත පහත්ම වෘත්තියක් බවට පත්වෙලා ඉවරයි. කවුරුවත් මේ රටට ආදරේට ඔය වැඩ කරනවා නෙවෙයි. ආත්මාර්ථකාමී කමට තමන්ගේ බඩට වදින නිසා මිසක් .එකයි ඇත්ත
සංගමය නම් කියන්නෙ හිටගෙන තේ බීපු දොස්තරගෙ කෝප්පය, ඉඳගෙන තේ බීපු දොස්තරගෙ නහය උඩට වැටුන කියල. බලන්න මේ ප්‍රමිති දොස්තරලගෙ කතාව මොනතරම් තාත්විකද ? අපරාදෙනෙ මේගොල්ලන්ට අපහාස කරන්නෙ.
වෛද්‍යවරුන්ගේ දරුවනුත් ලකුණු අඩු උනාම සයිටම් යවනවනේ, ඔය කට්ටිය සාධාරනේ / අසාධාරණේ කියන දෙපිරිසක් උනාට, රජයේ නුගත් දේසපාලුවන් නම්බුව රැකගන්න සල්ලිවලට ළමයින්ට උගත් කම දුන්නත් අද දුක් විදින්නේ අහිංසක දුප්පත් ජනතාව, හොදම දේ කලේ ඇන'. ඇම්. පෙරේරා උතුමාණන්, චැනල් නැහැ, රජයට අදායමක් ගත්ත සත .50 ක මුද්දරයක්, අද රුපියල් 10/= අරගෙන චැනල් නැවැත්තුව නම්, දුප්පත් අපිට කොතරම් හොදද. අගනේද? ඇත්තටම අපේ කට්ටියට මොලයක් ඇත්තෙම නැද්ද? පාලනයට ආයෙත් සුද්දෙක් වත් ගමුද ???
අපි ඔය වැඩේ කරලා එලවන්න ඉස්සරවෙලා මෙයාලම ඕක කරගන්න එක හොදයි. අපි බැස්සොත් ඔහොම ලේසියෙන් ඉවර කරන්නේ නෑ. බෙහෙත් කඩ ඔක්කොම ගිනි තියනවා.
විද්වත් සමුළුවක්ද? බලු පොරයක්ද? විද්වතුන් නම් ගහ ගන්නේ නැහැ නොව? කා ගන්නේ සුනඛයෝ නේ හැබෑටම?
සාධාරණව සිතන දොස්තරලා නම් සැබෑ දෙවිවරුය.
දිල්ෂාන්..., බෙහෙත් කඩ ඔක්කොම ගිනි තියනවා කියන්න ඔබ කවුද? මොනවද බෙහෙත් කඩ මේ රටේ නීතියක් තියනවා.. ඔය පනින්නේ බළලා මල්ලෙන් එළියට...
සේරම දේශපාලනීකරණය වෙලා... ගුණවත්කම් කිසිදෙයක් නැහැ... අයියෝ රට? මෙහෙම ගියොත් ලංකාව ලෝක සිතියමෙන් පවා මැකිලා යනවා.
විශ්ව විද්‍යාලවලින් දැන් බිහිවන්නේ අමානුෂික ගුණ ඇති පිරිසක් නිසා උසස් අධාපනය සඳහා රටට වැඩදායක වන නීති පද්ධතියක් වහා ඇති කළයුතුයි. එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපනය උසස් පෙළ දක්වා පමණක් විය යුතුය.
මේ රට පස්සට මිස ඉස්සරහට නොයනු ඇත. ඉගෙන ගෙන, සම්මත විභාගයක් සමත් වූවත් දැන් ඔක්කොම එකයි. වෙනස අත්තේ හදවතේයි...
ඇතැම් දොස්තරලා මේ කරන්නේ දේශපාලන කුමන්ත්‍රණයක්... දොස්තරලා මේ තත්වයට පත්කළේ දේශපාලකයෝ. දොස්තරලාට වැඩිකල් යන්න ඉස්සර මහජනයගෙන් නියම සැලකිලි ලැබෙයි වගෙයි මෙහෙම ගියෝතින් නම්...
කං කං බූරූ - සිං සිං නෝරූ , මං කියන දේ අහනවද? එහෙනම් දුවලා දුවලා ගිහිල්ලා .... ගහලා කුඩු කරලා එන්න. අද බුද්ධිමත් යැයි කියන දරුවන් රට විනාශයට ගෙනයන පාලකයින් විසින් හසුරුවන්නේ මෙහෙමයි. ඔබලා රැවටෙන්න එපා. ගිය කාර්යය අහවර කරලා හෙට දින තම යුතුකම රටට දැයට ඉටු කරන්න.
මේ ත්‍රස්තවාදී වෛද්‍ය සංගමය රෝගීන්ගේ ජිවිත සමග සෙල්ලම් කිරීම මට්ටු කරන්න නම් රෝගීන්ට ප්‍රතිකාර වලදී සිදුවන වැරදි වලට උසාවි ගොස් වන්දි ලබාගත හැකි නීති වහාම පනවන ලෙස අපි ජනාධිපතිතුමාට බලකර සිටිමු. මේ ගැන ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු...