(කාංචන කුමාර ආරියදාස )
සයිටම් විරෝධී වෛද්‍ය වැඩ වර්ජනය අතරේ මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු සම්බන්ධයෙන් අද (23) ගලේවෙල රජයේ රෝහල ඉදිරිපිටින් වාර්තා විය.
ඒ අනුව පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගිය අපහට දැකගත හැකි වූයේ විශාල රෝගීන් පිරිසක් පෝලිමේ සිටින ආකාරයයි.වෛද්‍යවරයා ඔවුන්ට ප්‍රතිකාර කරන ආකාරය ද දැකගත හැකිවිණි .
වෛද්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා එම අවස්ථාවේ ප්‍රතිකාර කරමින් සිටි රෝගියාද එතැන දමා කලබලෙන් මෙන් පිටව යන්නට වූ අතර ඔහු පැවසුවේ මෙදින වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවක් නොදන්නා බවය .
එහි වසා තිබු දොර සේවිකාවක යොදා විවෘත කරගෙන ඔහු ප්‍රධාන මාර්ගය හරහා පැන දිව යන්නට විය . ඔහු ගලේවෙල රජයේ රෝහල තුළට දිව ගිය අතර එහි සේවිකාවන් හා ආරක්ෂක නිලධාරින් පැවසුවේ එම වෛද්‍යවරයා ගලේවෙල රෝහලේ නොව කැකිරාව රෝහලේ සේවය කරන බවයි .
අප ගලේවෙල රෝහල් භුමියේ සිටියදී වෛද්‍යවරයාගේ තැරව්කරුවකු පැමිණ අපට තර්ජනය කළ අතර ඔහු කිවේ මුදලට ප්‍රතිකාර දීමට එරෙහිව මාධ්‍යයට බලපෑම් කිරීමට නොහැකි බවය ,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටන පාවා දෙන මේ වගේ අයව අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලම...
කලබලෙන් දිව්වේ රජයේ රෝහලේ අමාරු ලෙඩෙක් කෙරේ පහල වූ මහා කරුණාව හින්ද ද කියල කවුද දන්නේ
මහලොකුවට කතාකරන්නේ මහලොකු මානව හිතවාදියෝ විදියට... සයිටම් එකට විරුද්ධව වර්ජනය කරන එකට නම් අපිත් කැමතියි නමුත් මේ අය කරන්නේ ඒ මුවාවෙන් අහිංසක මිනිස්සුන්ව සූරාගෙන කන එක. මීට විරුද්ධව ඉක්මණින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
මෙම පුවත රූපරාමු සහිතව "දෙරණ" නාලිකාවේ දිවා පුවත් තුලින් විකාශය වුනා. ලුසේනා
මගේ අම්මට හොදටම උණ, ගෙදර කිසිම කෙනෙක් නැහැ, මම විතරමයි ඉන්නේ, මමත් කැබිතිගොල්ලැවෙන් කිලෝමිටර් 170 ඇත ඉන්නේ. අම්මා බෙහෙත් ගන්න දවස් දෙකක් ගියා, බෙහෙත් නැහැ. වෛද්‍යවරැ කරනු ලබන වැඩවර්ජනයට දොස් කියන්නැහැ. එත් මගේ අම්මා ගෙදරට වෙලා තනියම උණ හැදිලා ඉන්න කොට, බලන්න කෙනෙක් නැතිව, ඉස්පිත්තාලෙන් බෙහෙත් දෙන්නැතිව ඉන්න කොට හිතට මහ වෙදනාවක්, දොස්තරලාගැන පලිගැනීමක් ඇති වෙනවා. එත් මේ අවස්ථාවේ මේ දැවෙන පුශ්නය වෙනුවෙන් ඉවසනවා. එත් කවදාහරි මේ රටේ දේශපාලනය විසින් ඔය අරගලය ජයගත් දිනයකදී, මුදල් බලය, හා වෙනත් විධි මගින් මේ අරගලය යටපත්වූ විටක, අද දවසේ පීඩා විධින මිනිසුන්ට, මිසිසුන්ගේ ජීවිතලවට වන්දිගෙවන්නේ කවරැන්ද,වෛද්‍ය මහත් වරැනි, ඔබලා මේ කරනු ලබන අරගලය මේ මිනිසුන් වෙනුවෙන්නම් එක උතුම් වනු ඇත. එත් සයිටම් දෙමාපින් මුදල් හදල් ඇති මිනිසුන් විය යුතුය. ඔවුන් ලංකාවේ බෝහෝ පුද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගෙන සුව වෙතත්, අවිහිංසක මිනිසුන් මේ අරගලයේ ගොදුරැ බවට පත් වීම වෙදනාත්මකය. ඔබලා මේ අරගලය දිනු දවසෙක මේ අවිහිසක මිනිසුන්ගේ ජීවිතවලට, මරනයට පත්වන මිනිසුන්ගේ ජීවතවලට දෙනුලබන ඇගයීම කුමක්ද.
නිදහස් අධ්‍යාපනය සුරකින්න හදන දොස්තරලාගේ වැඩ තමයි මේවා... !!!
ඔය අපි දැක්කේ එක දොස්තර කෙනෙක් විතරයි. බොහෝ දෙනෙකුගේ පැටිකිරිය ඕකම තමයි. පෞද්ගලික සෞඛ්‍ය සේවය හරහා අසරණ රෝගීන්ගේ මුදල් ගසාකන ධනපති දොස්තරලා වෙනුවෙන් විප්ලව කරන ලෙඩ්ඩු ඉන්න ලෝකේ එකම රට මේ රට තමයි. වෙන මොනවා කියන්නද?
අසරණ බදු ගෙවන්නන්ගේ මුදලින් ඉගෙනගෙන දොස්තර උපාධිය ලබාගෙන රජයෙනුත්, පිටිනුත් හම්බ කරන මෙවැනි අය සමාජයෙන් ඉවත් කල යුතුය. වෛද්‍ය වෘත්තියේ මානුෂිකත්වය වනසන මෙවැනි අයගේ වෛද්‍ය උපාධි සහතිකය අවලංගු කරන්න බැරිද? ඒ මදිවට ආත්මාරක්ෂාව සඳහා "බොඩි ගාර්ඩ්" කෙනෙකුත් තියාගෙනනේ !!!
සටනක් නෙවෙයි දොස්තරවරු වර්ජනය කිරීමට ඉඩ නොදිය යුතුයි. ඒ අය කරන්නේ රැකියාවක් නෙවෙයි.... සේවයක් පමණි. ඒ සේවයට පඩියක් නෙවෙයි.. ඒ අයට දීමනාවක් ගෙවනවා.
ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර ලබාගන්න පුද්ගලික වෛද්‍ය සේවයෙන් හරි හැකියාවක් තිබේ නම් ඒක ලොකු දෙයක්...
පුද්ගලික වෛද්යසේවයෙන් හරි ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර ලබාගන්න හැකි නම් ඒක ලොකු දෙයක්... නමුත් ඒක පිටිපස්සෙන් සමහරක් මාධ්‍ය කරුවන් ගිහිල්ල කඩාකප්පල් කරනවානම් ඒ අයත් වෛද්‍ය වර්ජනයට සහයෝගය දෙනවා කියලයි මට නම් පෙනෙන්නේ....
දොස්තර මහත්වරු ඩොක්ටර්ස්ලා වෙලා තියෙන්නේ ඔය වැඩ හින්දනේ....
මේකද මිනිස්සුන්ගේ ජීවිත ජීවත් තරවන්න කරන සටන...?
ලංකාවේ දොස්තර මහත්වරුන්ගෙන් වැඩි හරියක් මුදලට වහල්වුන පුද්ගලයන්... ඔවුන් කැමති නැහැ ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් වැඩි වැඩියෙන් දොස්තරලා බිහි වෙනවට.. එ්කට ඔවුන්ට බියක් තිබෙනවා ඔවුන්ට ලැබෙන කුට්ටිය අඩු වේවි කියලා. මෙම ප්‍රශ්නෙට මුලත් ඒක තමයි. රජයේ රෝහල් වර්ජනය කරමින් පුද්ගලික ප්‍රතිකාර කිරීමෙන් ඔවුන්ට මෙම සටන දිනාගත නොහැක. ජනතාවගෙන් වැඩි දෙනෙක් පෝලිම්වල රස්තියාදු වීමට ඇති අකමැත්ත නිසාත්, අකාරුණිකව සලකන නිසාත් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීම නොකරති. රජය කලයුත්තේ කෙලින් සිටීමය. එතකොට මෙම වර්ජනය සති දෙක තුනකින් නිකන්ම දියවී යනු ඇත..
බලන්න මේවා විහිළුනේ. !!! මම නම් කියන්නේ මේකට කුහකකම කියලයි.
දිලංක - සටන පාවා දෙන මේ වගේ අයව අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලාම...සටන කියන්නේ රජයේ දේපොළ විනාශ කරන එකද? රටේ අනාගතේ උගතුන්ද කියල හිතෙනවා හිටපු අයව දැක්කම...