මන්ත්‍රීවරුන් දිගටම රිමාන්ඩ් කර තැබීම නිසා ජනතාවගේ රාජකාරී කරන්න බෑ-දිනේෂ් මන්ත්‍රීවරුන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබාගැනීමෙන් ජනතාව ඔවුන්ට පවරා ඇති රාජකාරී කිරීමට නොහැකි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 March 2017
පූනානි කැලෑවෙන් ටී56 අවියක් හා පතරොම් සොයා ගනී පුනානි කැලෑ ප්‍රදේශයක වල දමා තිබු ටි 56 ගිනි අවියක්,හිස් පතොරම් කොපුවක් සහ එල් ටි. ටි.ඊ අංක තහඩුවක් සොයා ගත් බව වාලචිචෙන පොලිසිය කියයි. 21 March 2017
ශ්‍රී ලංකාවට ලැබෙන කාල දිගුව වසරකට අඩුවෙයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසරක කාලයක් ලබා දිය යුතු බවට වන නව යෝජනාවේ මූලික කෙටුම්පතද මේ වන විට සභාගත වී තිබෙන බව ජිනීවා හි තානාපති ආරංචි මාර්ග පවසයි. 21 March 2017
හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්නේ නෑමයි-අගමැති යුද අපරාධ සොයා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම මිස හයිබ්‍රිඩ් අධිකරණයක් කිසිසේත්ම පත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. 21 March 2017
‘ආවා‘ කල්ලියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා කොළඹදී අල්ලයි පසුගිය සමයේ යාපනය ප්‍රදේශයේ කඩු ඇතුළු ආයුධ භාවිත කරමින් විවිධ අපරාධයන්හි යෙදුණු සන්නද්ධ ‘ආවා‘ කල්ලියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු අද (21) කොළඹ කොටහේනේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 21 March 2017
කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ මණ්ඩලයේ කෝප්‍රල්වරයා මාර්තු 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 21 March 2017
පර්පෙචුවල් සමාගමේ පෙත්සම විභාගය හෙටට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පෙචුවල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2ක් ගොනු කර ඇති රිට් පෙත්සම් විමසීම හෙට (22) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 21 March 2017
පරිසර විනාශයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඞීමට අවසර දීම හේතුවෙන් පාරිසරික ගැටළු ගණනාවක් මතුව ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. 21 March 2017
ත්‍රිකුණාමලයේ මදුරු මර්දන ක්‍රියාකරුවන් 42ක් ස්ථීර කරයි ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු තර්ජනය අධික වීමට හේතුව මදුරු මර්දන ඉසීම් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ සේවය ස්ථීර නොකිරීම නිසා බවත් ක්‍රියාකරුවන් 42 දෙනෙකුගේ සේවය ස්ථීර කිරීමට පියවර ගත යුතු බවත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය වී ඇත. 21 March 2017
මහින්ද රාජපක්ෂ රටට නොකළේ මොනවාදැයි බැසිල් අසයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රටට නොකළේ මොනවාදැයි තමන් ප්‍රශ්න කරන බව හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 21 March 2017
විදුලි රැහැන් - ගොඩනැගිලි අතරට අවම පරතරයක් එයි විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගිතා කොමිසම කියයි. 21 March 2017
ගාල්ලේ ආසන තුනකට ශ්‍රීලනිපෙන් නව සංවිධායකවරු ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අක්මීමන සහ රත්ගම ආසන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු තිදෙනෙක් අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ. 21 March 2017
පොලිසියේ දෙදෙනෙක් අල්ලස් දැලේ මැටි ප්‍රවාහනය කරන ලොරියකින් රුපියල් 100 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 21 March 2017
ඉදිරියටත් ධීවර ඇමතිධුරය දරන්න අමරවීර කැමැත්තෙන් ඉදිරියටත් ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අකැමැත්තක් නැති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 21 March 2017
දුර ගමන් සේවා බස් සේවකයෝ පුත්තලම - කොළඹ මාර්ගයේ විරෝධයක පුත්තලම කොළඹ මාර්ගයේ දුර ගමන් සේවා බස් රථවල මගීන් හා බස් රථ රියදුරන් පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේදි පැය දෙකකට ආසන්න කාලයක් මාර්ගය වසා රථවාහන පොලිස් නිලධාරින්ට විරෝධය පළ කිරිම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය. 21 March 2017
විමල්ගේ ඇප අයදුම්පත විසිවේ රජයේ වාහන 40ක් අවභාවිත කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝදන ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියෝග කළේය. 21 March 2017
ශ්‍රී ලංකාවට සහයෝගය නොදෙන්න’යි මෛත්රීයන් කියයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් ලබා දෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් කර ඇති යෝජනාවට ඉන්දියාව විරෝධය පළ කළ යුතු යැයි ඒ.අයි.ඒ.ඩි.එම්.කේ. පක්ෂය සඳහන් කරන බව ඉන්දියාවේ එක්ස්ප්‍රස් නිව්ස් පුවත්සේවය අද (21) වාර්තා කළේය. 21 March 2017
අපිරිසිදු ජලය විකුණු ව්‍යාපාරිකයා අත්අඩංගුවට අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානිය ජල බෝතල් ඇසිරිමේ ගබඩාවක් බලහත්කාරයෙන් කඩා විවෘත කර එම ගබඩාව තුළ තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අලෙවි කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ව්‍යාපාරිකයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා එප්පාවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අධිකාරි මහතාට නියෝග කළේය. 21 March 2017
ජාතික සම්මාන උළෙලට ගිය ලූෂන් බුලත්සිංහලට බාධා ජාතික වීර දිනයට සමගාමීව නෙළුම් පොකුරණ රඟහලේ දී මේ වන විට පැවැත්වෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ගිය ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතාට ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වී තිබේ. 20 March 2017
බස්නායක නිලමේ නිවසේ ඇත්දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා තලාතුඔය පොලීසියේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතාගේ නිවසේ තිබී ඇත් දළ ජෝඩුවක් සොයා ගෙන තිබේ. 20 March 2017
හමුදා සේවය හැරගිය 1994 ක් අත්අඩංගුවට පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සාමාජිකයින් 41 000ක් අතරින් 1994 දෙනෙකු මේ වනවිට විට අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. 20 March 2017
පේරාදෙණිය සම සෞඛ්‍ය පිඨ සිසුන් විරෝධතාවක සම සෞඛ්‍ය පිඨ සිසුන්ට සායනික පුහුණුව සදහා රෝහල් ලබා නොදීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පිඨ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක් කළේය. 20 March 2017
කොල්ලකරුවන් ගැන පරීක්ෂණ කළ ස්ථානාධිපතිවරයා මිය යයි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ල කා පලා යමින් සිටියදි අත් අඩංගුවට ගත් මාල හොරුන් දෙදෙනා සම්බන්ධ විමර්ශන කටයුතු කළ හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අද (20) දහවල් හදිසියේ රෝගාතුරවි රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි. 20 March 2017
මල්වාන ඉඩම වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ කැලණි ගඟට මායිම්ව පිහිටි අක්කර 16ක මල්වාන ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (20) නියෝග කළාය. 20 March 2017
වැඩ බාරගෙන දවස් දෙකෙන් කොට්ටාව ධර්මපාල විදුහල්පති අස්වෙයි කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ලෙස සිකුරාදා(17) වැඩ බාරගත් කේ කේ විජේරත්න මහතා ඉල්ලා අස්වී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 20 March 2017
ලක්ෂ 80ක කේරළ ගංජා වනාතවිල්ලුවෙන් අල්ලයි වනාතවිල්ලුව හයේ කනුව ප්‍රදේශයේදි වැන්රථයකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ අසුවකට ආසන්න කේරළ ගංජා තොගයක් අද(20) අලුයම සැකකරුවකු සමග අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 20 March 2017
රට සිඟරට් ගෙන්නූ අයෙක් අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් 880 ක් සහ දුම්කුඩු කිලෝ හතරක් ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි. 20 March 2017
බස් මංතීරුව ඉදිරියට ගෙනයෑමේ තීරණය අද සවස කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලූ බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද (20) සවස තීරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 20 March 2017
මඩකලපුවෙන් බිම් බෝම්බයක් සොයාගනී මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් තාලංගුඩාවෙන් බිම් බෝම්බයක් සොයාගත් බව කාත්තාන්කුඩි පොලිසිය කියයි. 20 March 2017
මාධ්‍යයට පහර දීමට වෙනමම කල්ලියක් සිටි බවට සරත් ෆොන්සේකා හෙළිකරයි සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධව හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂක කපිල හෙන්දවිතාරණගේ මෙහෙයවීම යටතේ මාධ්‍යයට පහරදීම සඳහා විශේෂ කල්ලියක් තිබු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශය මගින් අනාවරණය වු බව සීඅයිඩීය අද (20) අධිකරණයට පැවසීය. 20 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026