පස්වරු 5.05
පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ බව කියන විශ්ව විද්‍යාල සිසුහු 10 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
පස්වරු 4.55
(අංජුල මහීක වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒ අවට ප්‍රදේශයේ දේපොළ ආරක්ෂා කරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස් විශේෂ කාර්ය බළකායට අණ කර ඇත.
පස්වරු 4.50
(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කළ අතර මේ වනවිට එහි ඇතුළුවූ සියලු සිසුන්සි සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
මේ වන විට උද්ඝෝෂකයින් පළවා හැරීමට කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති අතර සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් පිටතට පැමිණ අවට මාර්ග ඔස්සේ ගමන් කරති.
පස්වරු 4.30
(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් සිටී.
මේ වන විට එක් මහලක සිසුන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීහු එහි ගොස් සිසුන් පළවා හැරීමේ නිරතව සිටිති.
(ඡායාරූප - ඉෂංක සුනිමල්)


පස්වරු 3.00
සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් හතරම මේ වනවිට උද්ඝෝෂණයට පැමිණි සිසිහූ අත්පත් කරගෙන සිටිති.
(ඡායාරූපය - ඉෂංක සුනිමල්)

පස්වරු 2.38
විරෝධතාවයේ නියුතු සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුළු වූහ.
එහි මහල් තුනටම ගොස් ඔවුහු විරෝධයේ නිරත වෙති.
(ඡායාරූපය - ඉෂංක සුනිමල්)

පස්වරු 2.28
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹ පුරහල අසලින් ආරම්භ කළ අතර මේ වනවිට පොලිසිය දමා තිබූ ආරක්ෂක බැරියර් ඉවත් කර සොඛ්‍ය අමාතංශයේ ගේට්ටුව කඩාගෙන සිසූහූ අමාත්‍යංශය තුළට කඩා වැදුණහ.
මේ මොහොතේ සිසුහු අමාත්‍යංශ භූමිය තුළ උද්ඝෝෂණ කරති.
(ඡායාරූප - ඉෂාන් සංජීව)


පස්වරු 2.00
(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹ පුරහල අසලින් ආරම්භ කර ඇත.
ඔවුහු පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන් කිරීමට නියමිතය. එම මාර්ගය අවට පොලිස් මාර්ග බාධක ද යොදා ඇත.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය වෙනුවෙන් ඉටුකළ යුතුය..
මේ රටට ශක්තිමත් නායකත්වයක් තිබුණා නම් මේ අනවශ්‍ය කරදරකාරි විරෝධය මේ වෙන කොටත් නවත්තලා...
ඔන්න ඔහේ ඉන්න ඉඩ දීලා ඉන්න සේවක මහත්වරුන්ට නිවාඩු දෙන්න. සයිටම් ප්‍රමිතියකට අනුව පවත්වාගත යුතුය.
මේ සයිටම් නම් අපිට එපා....
රට අරාජික වෙලා... යහපාලනය දැන් සනීපයිද?
සයිටම් ආයතනයෙන් ඉගෙන ගන්නා සිසුන් ඉවත් කොට, එම ආයතනය නැගෙනහිර ආරම්භ කිරීමට නියමිත මුස්ලිම් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කල යුතුය. ඒ තුලින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගත හැකිය. තවද, සුදුසුකම් වලින් යුත් විදේශ වෛද්‍යවරුන් ගෙන්වා මේ රටේ වෛද්‍ය පුරප්පාඩු පියවීමට පවතින රජය හෝ වෙනත් රජයන් පියවර ගත යුතුය. එවිට අපට සැනසිල්ලේ සිටිය හැකිය.
මේක අහිංසක ශිෂ්‍ය ජීවිත කීපයක් බිලිගන්නකම් නවතින එකක් නෙවෙයි. ආණ්ඩු දෙකම මේවට වගකියන්න ඕනේ. හැමදාම තැලෙන්නේ පාරේ ඉන්න අහිංසක මිනිස්සුයි. මොනම උපාධියක්වත් දෙන්න එදා දෙන්න නෙවෙයිනේ රජයක් තියෙන්නේ.....
මෙයාලාට දඬුවම් දෙන්න කවුරුවත් නැද්ද?
මේවාට ආණ්ඩු පළි නැහැ. අර අපිටත් වඩා දුප්පත් බංගලාදේශයේත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා.
නැගෙනහිර මුස්ලිම් විශ්ව විද්‍යාලයේත් සෞඛ්‍ය විද්‍යාල පටන්ගන්න දාලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍ය උපාධියත් දෙයි.
මේ පෙළපාලි හා උද්ඝෝෂණ වලට සහභාගිවන සිසුන්ගෙන් බහුතරයක් උද්ඝෝෂණවලට සහභාගී වන්නේ මරණ බයට. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ තර්ජන ගර්ජන වලට බියෙන්.... සමහර සිසුන් මාසෙන් දෙකෙන් විශ්ව විද්‍යාල හැරදමා යනවා.
මේක තනිකර දේශපලන උද්ඝෝෂණයක්. පහුගිය කාලේ අස්සේ හැංගිලා හිටපු වීරයො දැන් එලියට ඇවිල්ලා. පුද්ගලික විශ්ව විශ්ව විද්‍යාල ලෝකේ හැම රටකම තියෙනවා නම් ලංකාවට වැරදි ඇයි?
රටම වසංගත රෝග වලින් පීඩා විඳින්දිත් අතපය අකුලාගෙන නිදාගෙන ඉන්න ඔය අමාත්‍යාංශයේ බලධාරීන් ඕකෙන් අයින් කරලා දාන්න කෙනෙක් නැතිද හැබෑටම....
අපේ රටේ පුවත් පත් කලාව වෙනස් විය යුතුයි. රාළහාමි කෙනෙක් වැඩ ඇරිලා ගෙදර ගිහින් නෝනත් එක්කල ගොරියකට පටලුනොත් "පොලිස් නිලධාරියා බිරිඳට පහරදෙයි කියනවා". නමුත් සිරිපාල රාළහාමි වැඩ අරුණට පස්සේ නිකන්ම නිකන් සිරිපාල. මේ අපි වගේ. මේ ළමයිනුත් පාසලේ ඉගෙන ගන්න වෙලාවට සිසුන් වුනාට මේ වෙලාවේ නිකන්ම නිකන් "විරෝධතා කරුවන් විතරයි". එක නිසා සිසුන් සිසුන් කියල අපිව නොමග යවන්න එහෙම එපා.
මුන්ට එලව එලව ගහන්න ඕඅන...
වෛද්යවවරු රජයේ සේවකයින් නිසා වර්ජනය රජයට තහනම් කල නොහැක. නමුත් ඔවුන් ඉගනගත්තේ අපගේ මුදලින් නිසා අපට ඔවුන්ගේ වර්ජනය තහනම් කල හැක. නොහැකි නම් ඉදිරියේදී ඔවුන්ට වියදම් කිරීම නවතා දැමිය යුතුය. එනම් පුද්ගලික විද්යායල ඇතිකල යුතුය. පුද්ගලික විද්‍යා ල වල අවශ්ය්තාවය වැඩිකරනනේ ඔවුන්මය. මේ රටේ සිසුනට වෛද්යාවරු වෙන්න උගන්වන්න ඕනෙත් රටේ ජනතාවගේ සල්ලි, එයාල රජයේ ආයතන වල බඩු කැඩුවහම ඒව හදන්න ඕනෙත් රටේ ජනතාවගේ සල්ලි, ජනතාවට ලෙඩක් හැදුනහම බේත් කරන්න ඕනෙත් රටේ ජනතාවගේ සල්ලි. සයිටම් එකෙන් පිටවන දොස්තරලට රට තුල වෙදකම් කරන්න පෙර වෛද්‍යය සභාවෙන් තියන විභාගය හරියට තියන්න. ඒත් එක්කම අපේ සල්ලි වලින් ඉගනගන්න අයට චැනල් යන එක තහනම් කරන්න.