(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අනෙකුත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් අතුරින් පසුගිය කාලයේ වැඩිම ලාභය වු රුපියල් කෝටි 504ක් ලබාගෙන ඇති පර්පචුවල් ටේරෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු හෝ ගෙවා නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා අද (21) හෙළි කළේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම ලබාගෙන ඇති රුපියල් කෝටි 504ක් වු වැඩිම ලාභය ප‍්‍රතිශතයක් ලෙස බැලීමේදී සීයයට 80.4ක් බවද බැඳුම්කර වෙළඳ පොළේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කරමින් සේදර මහතා පෙන්වා දුන්නේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම හැර ‘ෆස්ට් කැපිටල්’ යන ප‍්‍රාථමික ගැණුම්කරුද 2015/2016 මුදල් වර්ෂය සඳහා ආදායම් බදු ගෙවා නැති බවත් අනෙක් සියලු ප‍්‍රාථමික ගැණුම්කරුවන් ආදායම් බදු ගෙවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දොපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂක සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා සාක්කි දෙමින් මෙම තොරතුරු හෙළි කළේය.
සුරේෂ් ප‍්‍රසන්න සේදර මහතා බැඳුම්කර වෙළඳපොළේ ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් හා සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එම මුල්‍ය වාර්තා අධ්‍යනය කිරීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දුන් අවස්ථාවේදී ප‍්‍රාථමික ගැණුම්කරුවන් 16දෙනෙකුගේ මුල්‍ය වාර්තා වල රහසිගත මුල්‍ය තොරතුරු අඩංගු හෙයින් අදාළ ආයතන වල නම් මකා දැමීමෙන් පසු මේවායේ පිටපත් ලබාදිය හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පර්පෙචුවල් සමාගමට ජයවේවා! යි මගේ පැතුමයි.
මේවා තමයි අපරාධ. 60,000ක ලාබෙටත් පොඩි සමාගම් බදු ගෙවනවා. ගෙවන්නේ නැත්නම් නඩුත් දානවා. අනේ අපොයි!!! මෙහෙම රටකනේ අපි ජීවත් වෙන්නේ .....
මේ රට ඉදිරි කාලයේ දේශපාලකයන්ටත් තක්කඩියන්ටත් පමනයි . සාදාරණ සාමානyය මිනිසුන් ලොකෙ වෙනත් තැනක් ජීවත්වන්න හොයගන්නවා හොදයි. කොයි පක්සෙත් එකයි, කොයි දෙශපාලකයත් එකයි.
හොරු අල්ලන්න ආව අය දැන් මොන හොරාවද අල්ලන්නේ? විනිමය හොරාවද හිටපු හොර රැලද?
මේ තරම් වැරදි කරලත් මොවුන් තවම වැජබෙනවා. පොඩි එකෙක් වරිපනම් රුපියල් 100 නොගෙව්වම ගෙදර තියෙන බඩු මුට්ටු ටික උස්සගෙන යනවා. මේක පිටිපස්සේ ඉන්න තෝරු මෝරු ටිකට ගැලවිලා යන්න පුළුවන් විදියට කොමිසමක් දමාගෙන කරන්නේ එක නෙමෙයිද ? මේකද කියපු යහපාලනය ?
මේකෙන් දැන් ආදර්ශය, බස් වල, කොච්චි වල පොකෙට් ගහන්නේ නැතුව කෙලින්ම බිලියන ගානක් හොරකම් කරන්න ඕනි. පොලීසියෙන් බැටන් පොලු ප්‍රහාරත් නැ, සැලියුට් ගහල පිළිගන්නේ.
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ වගේ වුණාම නීතියක් නැහැනේ....
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ