(විනීතා එම් ගමගේ)
සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ සමාව ඉල්ලා සිටියේය.
තමන් ගැන උන් වහන්සේලාගේ කළකිරීමක් ඇත්නම් ඒ ගැන කනගාටුව පළකරමින්ම සමාව ඉල්ලා සිටින බව අමාත්‍යවරයා කීවේය.
අස්ගිරි මහ නාහිමියන් ප්රමුඛ සංඝ සභාව රැස්වී ඊයේ (21) කර ඇති විශේෂ ප්‍රකාශයේ ඇතැම් කරුණු තමන්ට එල්ල කර ඇති බවක් පෙනී යන බැවින් මෙසේ සමාව ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
මහ නායක හිමියන් තමන්ට චෝදනා කරන්නේ ඥානසාර හිමියන්ගේ නම පමණක් පාවිච්චි කිරීම හා ගරු සරු නැතිව කථා කිරීම ගැන යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
කෙසේ වෙතත් පසුගිය සමයේ ඥානසාර හිමියන්ගේ විදේශවල හා මෙරට දී පෙන්වූ හැසිරීම් ගැන සිහිපත් කරද්දී ඒවා නිසා උන් වහන්සේට තිබු ගෞරවය අඩු වූ බව කිව යුතු යැයි ද දිසානායක මහතා කීවේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සමාජ සවිබල තැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍යංශයේ අද(21) පැවැති මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේගේ හැසීරීම හෝ ක්‍රියාව තමන්ගේ රට ජාතිය වෙනුවෙන්.. ඒක අත්තෙන් අත්තට පනින රට, ජාතිය ගැන හැඟීමක් නැති, තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන දේශපාලකයකුට තීරණය කරන්න අයිතියක් නැහැ.
ඒක හොඳයි... එහෙම තමයි වෙන්න ඕනේ. සාදු සාදු !!!
මොනවට කියනවද? මේ හාමුදුරුවන්ට හැසිරීම ගැන කියන්නේ.... කොහොමද මේවට හිනාවෙන්නේ?
මේ පුවත දැක්කම මේ රටේ පදිංචි මට, මෙහේ නිතර කියන කතාවක් මතක් වුණා. "යම් වචනයක් කටින් පිටකරන්න පෙර දිව කට ඇතුලේ හත්වරක් පෙරලන්න" කියලා ! ඕක ශ්‍රී ලංකා ජනවහරෙත් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. එස්.බී. මහත්තයාට ඒක කරන්න අමතක වුණා වගෙයි !!!
පැරදිලාවත් ගෙදර ඉන්න ඕනේ.. ඒක තමයි හොඳම වැඩේ..
අන්‍යාගමිකයින් එක්ක සාමයෙන් සහ සමාදානයෙන් ජීවත්වෙන්න ඉඩක් නැද්ද.? අනුන් තලා පෙලා, භේද බින්න කරගෙන සහ බය කරගෙන ඉන්න කියලද තියෙන්නේ ..? එතකොට එක ආගමක් වෙන්න බැහැනේ. එ්කෙන්ම තේරෙනවා මහපුටුවල ඉන්න උදවියගේ මානසිකත්වය....
ලොකුම වැරැද්ද, මහ ඡන්දයෙන් පැරදුණත් ඇමතිකමක් ලැබුණු එක... මේ වාගේ විශ්මිත වැඩ මෙහෙ පමණි හොඳේ...!!!
මේ සිදුවීමට ගරුතර පුජ්‍ය පක්ෂය කම්පා විය යුතු නැහැ. එළඹෙන අවස්ථාවලදී මහජනයා දැනුවත් කළාම මේ වගේ උදවිය පාඩම් ඉගෙනගනිවී...
සමාජ සවිබල ගැන්වීම, සුභසාධන.. වෙනකොට මහන්සිවෙලා කරපු වැඩවලට මොකද වෙන්නේ... ?
අනිකුත් නම් සඳහන් අය නිහඬව ඉදිද්දී ඔබ කඩිනමින් සමාව ඉල්ලීම ගැන අපගේ ප්‍රණාමය..!!! ඉදිරියේදී කතාවේදී හැකිතරම් ප්‍රවේසම් වන්න.
දැනට පෙනෙන්නේ සයිටම් සිසු අරගල හා කුණු පාරට ගෙනවිත් දැමීමේ අහිංසක විරෝධතාවන්ය. එය පොලිස් ප්‍රහාරයෙන් හෝ නඩු දැමීමෙන් නැවැත්වීමක් සිදු නොවේ. එ් නිසා මතුවිය හැකි අනතුර කොටි ත්රස්තවාදයට වඩා උත්සන්න විය හැකිය. අප රටේ ව්‍යාපාරික පදනම පළුදු වන තරමට අාර්ථිකය පළුදු වේ. අාර්ථිකය පළුදු වන තරමට ජන ජීවිතය පළුදු වේ. ගැමි කෘෂි අාර්ථිකය බිඳ දැමීම කුණාටුවක් ලෙස හමා එන්නේ නගරයේ ව්‍යාපාරික දේපළ වනසන රෞද්රත්වයක් ලෙසය. ප්රජාතන්ත්රය මැඩගෙන යහපාලනයක් හෝ රට වැසියා එක්සත්ව තබා ගැනීමේ සීමාවන් රටවැසියා ක්‍රියාත්මක වීමට පෙර පාලකයින්ට වැටහිය යුතුය.
මෙයා හැමදාමත් කලේ "උඩ බලාගෙන කෙල ගහ ගත්ත එකනේ"
සුද්දගේ කාලෙදිත් රට වෙනුවෙන් ඔයිට වඩා දරුණුවට වාග් ප්‍රකාශ එල්ල කරපු වීර සිංහල බෞද්ධ භික්ශූන්වහංසෙලා හිටිය...උන්වහන්සේලා නිසයි අපිට රටක් ඉතිරි උනේ... "ඝාන්ටාරේ සද්දේ ගෙන හොයන්නේ නැතිව ...ඝාන්ටාරේ ගහන හේතුව හොයන්න....."
අපේ සමහර හාමුදුරුවරුන්ට බුදු දහම අමතකවිම නම් ජාතියේ අවාසනාවක්ම තමයි...
අන්‍යාගමිකයින් එක්ක සාමයෙන් සහ සමාදානයෙන් ජීවත්වෙන්න ඉඩක් නැද්ද.? අනුන් තලා පෙලා, භේද බින්න කරගෙන සහ බය කරගෙන ඉන්න කියලද තියෙන්නේ ..? එතකොට එක ආගමක් වෙන්න බැහැනේ. එ්කෙන්ම තේරෙනවා මහපුටුවල ඉන්න උදවියගේ මානසිකත්වය....