(නිමන්ති රණසිංහ)

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය.

රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඥානසාර හිමියන් නිදහස් කෙරිණි.

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාකර සාපරාධී බලහත්කිරීමේ යෙදුණැයි කියන සිද්ධියට අදාළව අද(21) සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් ඥානසාර හිමියන් අත්අඩංගුවට  ගනු ලැබීය.

රටේ කුමන තත්ත්වයක් ඇති වුවත් අධීකරණය ඊට වග නොකියන බවත් පොලිසිය නිසි පරිදි කරුණු වාර්තා නොකිරීම මත ඒ හිමියන්ට ඇප ලබා දෙන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසීය.