(නිමන්ති රණසිංහ)
සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය.
රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඥානසාර හිමියන් නිදහස් කෙරිණි.
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාකර සාපරාධී බලහත්කිරීමේ යෙදුණැයි කියන සිද්ධියට අදාළව අද(21) සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබීය.
රටේ කුමන තත්ත්වයක් ඇති වුවත් අධීකරණය ඊට වග නොකියන බවත් පොලිසිය නිසි පරිදි කරුණු වාර්තා නොකිරීම මත ඒ හිමියන්ට ඇප ලබා දෙන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ,... ජාතියේ අපේ වීරයාණෙනි..., අපි ඔබ සමගයි..
2020 වසරේදී අපි ඥානසාර හිමියන්ව රටේ හිමිකාරත්වය ලබාදෙමු...
නිදා සිටි ජාතියක් අවදි කල හිමිනමක් !! ඔබ වහන්සේව ධර්මය ආරක්ෂා කරාවී !!!
ඔබ වහන්සේ මතු කල සියලු කරුණු ඇත්ත... මේ විනාස වෙන්නේ කරන්නේ අපේ රට, අපේ නුපන් දරු පරපුර.. නුපන් දරු පරපුරකට රට රැක දෙන්න ඔබ වහන්සේ කරන අමිල මෙහෙයට මගේ නමස්කාරය !!
නඩුත් අපේ, බඩුත් අපේ... මේ වගේ ඇප දෙන එකම එක රට අපේ ලංකාව වෙන්න ඇති... රටේ නීතිය කාටත් සමාන විය අයුතුයි... පොඩි මිනිහා මෙහෙම දෙයක් කළා නම් අද හිරේ..
ඔබ වහන්සේ අපේම රටේ අසරණ වී සිටින සිංහල අපේ පිනට පහළවූ හිමි නමක්.....