(නිමල් අල්ගෙවත්ත)
හදවතේ සිදුරක් සහිත වු මාස 02 ක් පමණ වයසැති දරුවකු ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුමකින් තොරව කරනු ලැබු ශල්‍යකර්මයකින් පසුව මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි.
එම දරුවා අනුරාධපුර සිට ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර එවා ඇති අතර ගාල්ල කරාපිටිය රෝහලේ දී අදාළ ශල්‍යකර්මය කිරීමෙන් පසු මෙම දරුවා මියගොස් ඇත.
මේ සම්බන්ධයෙන් නම සදහන් කිරීමට අකමැති වු කරාපිටිය රෝහල් බළධාරියෙක් මෙසේ පැවසීය.
“මේ වගේ ඔපරේෂන් එකක් කරන කොට හදවත නතර කරලා කරන්නේ. බයිපාස් මැෂින් එකෙන් තමයි මේ වගේ වෙලාවේ දී ලේ දෙන්නේ. එහෙම නතර කරලා තියන්න පුළුවන් උපරිමය පැයක වගේ කාලයක්. නමුත් මේ දරුවා මියගිය සැත්කමේ දී පැය තුනක් පමණ මේ විදියට හදවත නතර කරලා තියෙනවා.ලංකාවේ වෛද්‍යවරියක සමඟින් වයස අවුරුදු 74 ක් පමණ වන විදේශීය වෛද්‍යවරයකු තමයි මේක කරලා තියෙන්නේ. කිසිම සුදානමක් නැතිව කරලා තිබුණු නිසා මෙහෙම වුණා කියලා තමයි විශ්වාසය. එසේම මෙම සැත්කම සම්බන්ධයෙන් රෝහලේ හෘද රෝග විශේසඥ වෛද්‍යවරයා දැනුවත් කර නෑ“
කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග විශේසඥ වෛද්‍ය මංගල ගුණතිලක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා මෙසේ පැවසීය.
“මෙහෙම දරුවෙක් එන බව මුලින් කියලා තිබුනා. නමුත් මේ සැත්කම සම්බන්ධයෙන් මාව දැනුවත් නොකර තමයි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමකදී අපේ අංශය හා මාව දැනුවත් කළ යුතුයි. නමුත් මේ දරුවා මිය යන තුරු මා මේ ගැන දන්නේ නෑ. පිට රෝහලකින් වෛද්‍යවරයෙකු ගෙනත් කරා කියලා කියනවා. ඒ ගැනත් මම දන්නේ නෑ. “
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.
“සැත්කමෙන් පස්සේ එම දරුවා මියගොස් තියෙනවා. වයස අවුරුදු 74 ක විදේශ වෛද්‍යවරයෙකු සමඟ ලංකාවේ වෛද්‍යවරියක තමයි මේක කරලා තියෙන්නේ. මම දන්න තරමට නීති විරෝධී දෙයක් වෙලා නෑ. ඒ විදේශීය වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය අනුවයි වැඩ කරන්නේ. කොහොම වුණත් එතුමා ලබන 26 වැනි දායින් පසුව වැඩ නෑ. දැන් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කීපදෙනෙකුත් මාව දැනුවත් කළා. අදාළ දෙමාපියන්ගේ අවසරය මත තමයි මේ සැත්කම කරලා තියෙන්නේ. සැත්කම ඉක්මනින් කර යුතු නිසා කළා වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් සැකයක් ඇත්නම් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් පරීක්ෂණයක් කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් තියන තත්ත්වය අනුව පරීක්ෂණයක් කරන්න වෙයි වගේ.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙය මිනීමැරුමක් ලෙස සලකා පරීක්ෂණයක් වහාම ආරම්භ කරන්න. ශල්‍ය වෛද්‍ය පලපුරුදුකම දියුනුකෙරෙන ක්‍රමවේදයක් තිබෙද්දී මෙහෙම අනුමැතියකින් තොරව ෆෝමලීන් ගහපු ගෙම්බෝ කපන්නාක් මෙන් මිනිස්සුන්ගේ හදවත කැපිය හැකිද?
ඩොක්ටර් කෙනෙක් සැත්කමක් කරද්දී එකේ 100% ක් වගකීම රෝගියා ගන්න ඕන. දොස්තර අතින් මොනදේ උනත් එයාලට කිසිම වගකීමක් න. ඒ විදිය වැරදියි. දොස්තරට 20%ක වත් වගකීමක් තියන්න ඕන. එතකොට කරන්න පුළුවන් හැකියාව තියෙන අය කරාවි.
දැන් අර GMOA එකේ ඉන්න උගත් (කියාගන්න) බුද්ධිමත් (කියාගන්න) දොස්තර මහත්වරු මොකද කියන්නේ කරන්නේ මේ ගැන ? SAITM එකට බැනල හරියන්නේ නැහැ නේ නේ වැරැද්ද ට
මගේ බයිපාස් සැත්කම කලේ කරාපිටිය රෝහලේ නාමල් ගමගේ සර්. දැන් හිටියටත් වඩාහොදින් වැඩපල කරගෙන ඉන්නවා. දරුවාගේ අවාසනාවකට තමයි එතුමා වෙත යොමු නොවුනේ.
ඔය නෝනට ඇත්තේ සයිටම් වගේ උපාධියක්වත්ද
ඔන්න බලන්න පිටරට වෛද්‍යවරුන්ගේ වැඩ...