තිළිණි ද සිල්වා
බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේදී එරට තරුණයෙකු විසින් උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක්කොට ඇතැයි එරට පළවන ‘ද ඩේලි ස්ටාර් ‘ පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.
මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ චිතගොං හි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටි ලාංකික ශිෂ්‍යාවකි.
අදාළ තරුණිය විසින් බංග්ලාදේශ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඇයව දූෂණය කළා යැයි කියන බංග්ලාදේශ තරුණයාද මේවන විට එරට පොලිස් බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
දූෂණයට ලක්වූ ලාංකික තරුණිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අලෙවි විධායකවරයෙකු වන මෙම තරුණයා දින දහයකට පෙර එනම් ඉකුත් 11 වැනිදා ජංගම දුරකථන මාර්ගයෙන් තමන් සමඟ මිතුරු වූ බවත් පසුව කතා බස් කළ බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවතේ හැටියට වෙලා තියෙන්නේ වෙන දෙයක් වගේ...
මෙතරම් ලොකු ළමයෙක් බලෙන් දුෂණය කරන්නේ කොහොමද තනි මිනිහෙක්? සමහර විට අලුත් මිතුරා සමග මීවිතක රහ බලන අතර මෙය සිදුවෙන්න ඇති. වෙරි හිදුනම පොලිසි ගිහින් අර මිනිහා අමාරුවේ දාන්න ඇති.
මේ පුද්ගලයා මෙම තරුණිය රවටපු බවකුයි මට නම් පෙනෙන්නේ. ඉතාම කනගාටුයි. අපේ රටේ ඉගෙන ගන්න තිබුන නම් කවුද බංග්ලාදේශය වගේ රටකට යන්නේ. ඒත් ඉතින් අපේ කට්ට්ටිය පුද්ගලික වෛද්‍ය විදුහල් වහන්න කියල කරන දේවල් පේනවා නේ.
මෙයා යාලු වෙන්න ඇත්තේ වැලි බත් උයන්න වෙන්න ඇති - අපරාදේ බංගලි කොල්ල අමාරුවේ වැටුනා
කව්ද දන්නේ ඕනෑකමින් කරගත්ත දෙයක්ද කියලා... අපිට ඕවා විශ්වාස නැහැ.
විනයක් නැතිව ගිහිල්ලා දැන් නිකන් බබා වෙන්න හදනවා.