රංජන් කස්තුරි සහ ඩයනා උදයංගනී
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි.
වැඩ වර්ජනය පැවැතිය ද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද වෛද්‍යවරු පවසති.
සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය තුළට කඩා වැදුණහ. සිසුන් පළවා හැරීමට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබිණි. සිසුන් විසිරුවීමේදී තුවාල ලැබූ 90 දෙනෙක් අද රාත්‍රී වන විට රෝහල් ගත කර තිබුණු බව කොළඹ ජාතික රෝහල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මෙයාලගේ උගත් කම. දැන් පේනවා නේද?මෙතන සිසුන්ට පහර දුන්නේ එයාල අපරාද කල නිසා. අැත්තටම කියනවනම් පහර දීල මදි රජයේ දේපල වලට කරපු අපරාද වලට. කලින් ආණ්ඩුව වතුර ඉල්ලපුඅ යටත් වෙඩි තිබ්බ. එතොකොට ඔයාල කට පියන් හිටිය නේද? මේගොල්ල ගැන කතාකරල වැඩක් නැ
මුන්ට හෙට ගහමු
එතකොට ඔය විරෝධතාවෙට ගිහින් ගුටිකාලා අඬු කඩගත්තු කට්ටිය ඉන්න වාට්ටුවල දොස්තරලත් වැඩවර්ජනය කරනවද?
මේ වගේ ත්‍රස්ත්වධින් වගේ වැඩකරන මිනීමරු දොස්තරලා ඉන්නේ ලංකාවේ විතරද ? මොවුන්ට මාසෙකට පාරක්වත් වර්ජනයක් කරලා මිනිස්සු 100-200 වල පල්ලට යැවුවේ නැත්නම් නින්ද යන්නේ නැතිද ? ඔය සයිටම් එක ඇතිකළේ රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න දිලිදු ජනතාවද ? ඔබලාගේ ම පැලැන්තියේ ලොකු දොස්තර කෙනෙක් මහින්ද රාජපක්ෂ රජයේ උපකාර මත නේද ? ? තත්වය එහෙම තිබෙද්දී අසරණ දිලිදු ජනතාව ගේ ජිවිත සමග සෙල්ලම් කිරීම , සදාචාරාත්මකද ?
බලෙන් ගෙදරකට රින්ගුවම ගහල එලවන්නේ නෙතුව තේ අල්ලන්න කියලද යකෝ කියන්නේ. මේ ටික තේරුම්ගන්නවත් නොදන්නා අය කොහොමද දොස්තරලා උනේ.
කුණු බිත්තර පෙට්ටි ලැස්ති කර ගන්නද ඕනේ ?
කැස්සටත් වැඩ වරණ එකේ මේක අරුමයක්ද? ඔක්කොටොම මුල නිකන් දෙන අද්‍යාපනය...... වෙන රටවල වගේ තමුන්ගේ අතින් වියදම් කරලා ඉගෙනගත්තනම් අගේ දැනේවි. හනේ, මෙහෙම දොස්තරලා ඉන්න මේ රටේ ලෙඩුන්ගේ අවාසනාව
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැර සංගමයක් ලෙස නම් කල යුතුයි.
සයිටම් ගැන නෙවෙයි මේ කියන්නේ. දෙවිවරු වැනි දොස්තර මහතුන් ඉන්නේ මා දන්නා පරිදි ඉතාලියෙයි. ලංකාවේ බහුතර දොස්තරවරුන්ගේ යතාර්ථය දැන් කාටත් පැහැදිලියි. මම සයිටම් විරෝධියෙක්.
දැන් මේගොල්ලෝ කියන්නේ ආයතනයකට බලෙන් ඇතුලු වෙලා අලාභහානි කරල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරනකොට මල් කළඹක් දීල පිළිගන්න කියලද? දරුවන් උසිගන්වන වෙද සංගමයට දැන් ඕනෙ ලේ ද?
සිංහල උගතුන් සහ සිංහල දේශපාලඥ යන් රටේ සිංහල ජනතාවගේ ජිවිත විහිලුවක්සේ සලකයි . අපි ගෙවපු බදු නැවත අපට දී වැඩවරන්න නැතහොත් සදාකාලිකව නිවාඩු ගන්න. දේශපාලන අරමුනුවෙනුවෙන් රටේ ජනතාව මරණ මංචකයට ගෙනියන්න එපා.
මුන්ට ගැහුවා මදි. ඉගෙන ගන්නේ නැතුව පාරවල් බ්ලොච්ක් කරලා මේ රටේ මිනිසුන්ට වද දෙන මුන්ට ගහන්න ඔයිටට වඩා. දොස්තරලl බලාගෙන හිටියේ ඕක වෙනකන් තමයි. මෙරටේ මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන රටේම අසරණ මිනිසුන්ට වැඩ දෙන මේ ලේ මාපිල්ලු කියන විදියට ආණ්ඩුව වැඩ නොකළ යුතුයි.
කොහොම හරි ශිෂ්‍යයෝ හතර පස් දෙනෙක්වත් මරාගන්න තමයි උද්ගෝෂණය සංවිධානය කරන කණ්ඩායම් දෙක බලන්නේ.මෝඩ ශිෂ්‍යන්ට මේ ටික තේරෙන්නේ නැත්තේ ඇයි?
එන්නකෝ කතිරේ ගහගෙන පාරේ දෙන්නම් කෝ ඉඩ යන්ට. මොකට ගරු සැලකිලි ද මෙහෙම උන්ට
මේ උන්දලා කියන්නේ එතකොට සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කුඩුකරන්න මේ තක්කඩින්ට ඉඩ දීල බලාගෙන ඉන්න කියලද ? මෙහෙමත් ගෝත්‍රිකයෝ.
ගහන්නේ නැතුව තොටිල්ලේ දාල නලවන්න ද කියන්නේ
මේ වගේ රටේ වසංගත තත්වයක් පවතින වෙලාවල්වල ආණ්ඩුව මීට වඩා වෛද්‍යවරු සමග සහයෝගයෙන් සහ අවබෝධයෙන් වඩා වැඩකළ යුතුයි. මිනිස්සු කොහොම විවේචනය කරත් වෛද්‍යවරුන්ටත් අයිතියක් තියනවා ඒගොල්ලන්ගේ වුර්තීය ක්‍රියාමාර්ග ගන්න. රියදුරෙක් වැඩ වර්ජනය කරපුහම පාරේ යන වහනයක් නතර වුනාට වෛද්‍යවරු වැඩ වරපුහම නතරවෙන්නේ රෝහල් පද්ධතිය. ඒබව පවතින රජය තේරුම්ගත යුතුයි, එම නිසාම මොවුන් සමග ගනුදෙනු කෙරිමේදී අනවශ්‍ය මට්ටමට නොගොස් සාමකාමී තත්වයෙන් බේරුම් කරගත යුතුයි, මේ තත්වයෙන් බැට කන්නේ අහිංසක රෝගීන් බව ආණ්ඩුව තේරුම්ගත යුතුයි.
ඊයෙ කැම්පස් ළමයින්ට ගහපු එක මම නම් තරයේ හෙළා දකිනවා. ඇත්තටම එහෙම ගහපු එක අන්තිම අමානුෂිකයි. ඒ ළමයි ඉතාම සාමකාමීව ටවුන් හෝල් එක බ්ලොක් කළේ. ඉතාම සාමකාමීව තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා හම්බවෙන්න අමාත්‍යංශෙට ආවෙ. ඔව් ඉතිං 1,000ක් විතර එකපාර ඇතුළට ආව තමයි, ගේට්ටු කැඩුවත් තමයි, සටන් පාඨ කිය කියාත් තමයි ආවෙ. ඒ වුණාට සෞඛ්‍ය අමාත්‍යංශෙට වරකට ඇතුළුවෙන්න පුළුවන් උපරිම ගාණ මේකයි කියල නීතියක් නෑ නෙ. ළමයි හරි. මිනිස්ට්‍රියෙ සේවය කරන මිනිස්සුන්ගෙ හැසිරීම නම් අන්තිමයි. අපි නම් ගෙදරකට කවුරුහරි ආවම 'එන්න වාඩිවෙන්න' කියල පිළි අරං, තේ එකක් හෙම දීල, දුර ඉඳන්ද ආවෙ, අම්ම සනීපෙන්ද වගේ සැපදුක් අහල, පිළිගන්නවනෙ. අර විඩියෝ එකේ ඉන්න කෙනා ඒකවත් දන්නෑ. ඌ නහයෙන් අඬනවා "මේ බිල්ඩිමේ දරුවො අම්මල ඉන්නවා, එයාලට ගෙදර යන්න දෙන්න" කියල. ඒ වුණාට ළමයි නරක නෑ. සේවකයො සේරටම යන්න දීල ළමයි සෞඛ්‍ය අමාත්‍යංශෙ තමන්ගෙ යටතට ගත්ත. (ඔව් ඔව් හිනාවෙන්නෙපා බිල්ඩිමකට බලෙන් පැනල උඩ තට්ටුවෙන් බැනර් එකක් දැම්මම ඒකට කියන්නෙ යටත් කරගන්නව කියල තමයි.)
සිසුන් කළ වැඩෙත් ,දොස්තරලා වැඩෙත් දෙකම එකයි. රජය ඉක්මන් තීන්දුවක් පෞද්ගලික අධ්‍යාපනය ගැන ගත යුතුයි. මේ සිසු නායකයින්ට විරුද්දව නඩු පවරන්ඩ ඕනා.
මෙයාලගේ හොරි කහන්න ගිහින් ගුටි කාපු මෝඩයන්ට බෙහෙත් දෙන්නේ කවුද එතකොට?
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු ............... .....රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි පට්ට ආතල් දෙන්න එපා පාදෙණිය .... අපි බදු ගෙවනවා.. උන් බලහත්කාරයෙන් ඇතුල්වෙලා කඩාබිඳ දානවා..... මුන් සෙට් එක ඒවගේ එවුන්ට සහයෝගයට ස්ටයික් කරනවා... ආම්ප මුන් ඉගෙනගෙන වැඩිවෙලා ඔලු කුරවලු වෙච්ච දොස්තරලද කොහෙද...
ජනතාව එකතු වෙලා මොවුන්ට කොසු වලිනේ ගහන්ට ඕන- මෝඩ හැත්ත
වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ හැම දේටම උද්ගෝෂණ, වැඩ වර්ජන...ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම ගියොත් රටක් විදිහට ඉස්සරහට යන්න පුලුවන්ද? හැමෝම ආත්මාර්ථකාමියි, මේ ඉගෙණ ගත් කියන දොස්තරලත් දැන් කී පාරක් අනවශ්‍ය විදිහට ස්ට්‍රයික් කලාද? කාවද මේ තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්න ප්‍රාණ ඇපයට ගන්නේ? බලධාරීන් භාවනා කරලා කර කර ඉඳලා රටේ ප්‍රශ්න මේ විදිහට විසදන්න බෑ, කෙලින් තීරණ ගත හැකි නායකයෙක් ගේ අවශ්‍යතාව දැන් තමයි කාටත් දැනෙන්නේ..
අපේ රටේ දොස්තරලගේ සංගමය තුට්ටුවට වැටිලා. කම්කරු සංගමයකටත් වැටිය බාලයි. දැන් වැඩ වර්ජන කරන දවස් වෙනුවට වැඩ කරන දවස් විතරක් ප්‍රසිද්ද කලොත් ලෙඩ්ඩුන්ට ලේසියි.
මුන් ජනතාවාගන් ගුටිකන මට්ටමටම තමන්ගේ වෘත්තීය ගරුත්වය කෙලසා ගන්නවා
මහා ලොකු දොස්තරලා . පන බයේ දඟලනවා සයිටම් එකට . අය ඉතින් සයිටම් දොස්තරලාගේ තත්වෙට මෙගොල්ලට එන්න බැහැනේ.
මිනිසුන් විසින් අවබෝධ කරගතයුතු දෙයක් ඔවුනට නේතේරෙන බවක් පෙනේ. මේ උපවාසයට එන වෛද්‍ය සිසුන් සියලු දෙනාටම හොද රැකියාවක් හා, අවශ්‍යනම් වෙනත් රටකට පදින්චියට යාමටද හැකියාවක් ඇත. එසේ තිබියදී ඔවුන් ඔව්නට ලැබුණු නිදහස් අද්‍යාපනය අනාගත පරපුරට ඉතිරි කිරිකරදීමට ගන්නාවූ වෙහෙස පැසසිය යුතුය. අවබෝධ කරගතයුතු තවත් කරුණක් ඇත. එනම් අප නිදහස් අද්‍යපනය නැති කරගතහොත් එය නැවත කිසිදිනක යළි ලබාගත නොහැක. මමද නිදහස් අද්‍යාපනයේන් අසීමිත ප්‍රතිඵල ලැබුවෙක්මි. ඉතාමත් පිටිසර ගමකින් ඇරබුන මගේ ජීවිතය පෙරාදෙණිය සරසවියටත් (ඉංජිනේරු පීඨයට ) ඉන්පසුව දෙවෙනි හා ආචාර්ය උපාදිය සදහා වෙනත් රටවල් 2 කටත් යාමට මට හැකිවුනේ නිදහස් අද්‍යාපනයට පින් සිදුවන්නටය. මා වැනි තවත් ළමයින් කොතරම් අදත් නිදහස් අද්‍යාපනයේ ප්‍රතිලාඹ ලබනවා ඇත්ද. එය අනාගත පරපුරට ඉතිරි නොවුනහොත් අනාගතේ උපදින දුප්පත් හා මද්‍යම පාන්තික පවුල්වල දරුවනට කුමක් වනු ඇද්ද?
දෙවි වරු වැනි වෛද්‍ය වරු ද සිටිති. බලයට පත් වූ රජය වෙනස් කිරීමේ අරමුණ ඇති වෛද්‍යවරු ද සිටිති. ඔවුන් කඩාකප්පල් කාරී වැඩ නොකර, පක්ෂයක් හැටියට ලියාපදිංචි වී, ඒ සඳහා වැඩ කරනවානම් අනෙක් වෛද්‍ය වරුන්ගේ ගරුත්වය වත් ආරක්ෂා වේවි.
මේ වගේ මිනීමරු දොස්තරලා ඉන්නේ ලංකාවේ විතරයි.මෙගොලන්ගේ මූලික අවශ්‍යතාවය වන්නේ අසරණ රෝගීන් තලාපෙලා දැමීම, තම පුද්ගලික බෙහෙත්සාල ටික මගින් මඩි තරකරගනීම සහ කාර් පෙර්මිට් උඩ පිහිනීමයි .මුන්ට මතක නෑ ඉගනගත්තේ කගේ සල්ලිවලින්ද කියල.මේ අයට ඉතා දැඩි පියවර රජය මගින් ගතයුතුයි මේ ඔක්කොම ගෙදර එළවලා ත්‍රිවිධ හමුදා දොස්තරලා කැදවිය යුතුයි සේවයට.මේ තක්කඩි දොස්තර ශිෂ්‍ය රැල්ල මහා පුදුම අත්මර්තකමී මෝඩ රැලක්.ඇත්තතට දැන් හොඳම වෙලාව තමයි ආණ්ඩුව හමුදාව කැඳවන එක මේ උද්ගෝෂණ කරන හැම එකාම එලවල ගෙදර. හමුදාවේ හොද දක්ෂ අය ඉන්නවා මේ රාජ්‍යසේවය හොදට කරන්න පුළුවන්.ඒවගේම විනය අතින් ඒගොල්ලෝ උඩින් ඉන්නේ. මේ තක්කඩි වගේ නෙමෙයි.මුන් තමන් කරන සේවයේ ගුණාත්මකබව ගැන කතාකරන්නේ නෑ.කොච්චර ලෙඩ්ඩු මුන්ගේ වැරදි හින්ද මැරෙනවද.ඊයෙත් කරාපිටියේ ළමයෙක් මරල.ලොකු දොස්තර දන්නෙත් නෑ කව්රු කරාද කියල සැත්කම.ඉතින් මේවට මිනිස්සු පාරට බහිනවද.මේ වගේ උනොත් අපේ රට කවදාවත් දයුණු වෙන්නේ නෑ.
ඇත්තම කතාව මේ කුහක පිරිසගේ සටන් පාඨය සයිටම් අහෝසි කිරීමම නෙවෙයි. සයිටම් ප්‍රමිතියක් නැතිනම් අහෝසි කිරීම වෙනම කාරණයක්. නමුත් මොවුන්ගේ සටන් පාඨය NO-PMC . එකියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියල. තමන්ගේ බඩට වධී කියල. ඔච්චරම සයිටම් ප්‍රමිතියක් නැතිනම් ඉල්ලන්න්කෝ ඒක වහල ප්‍රමිතියක් තියෙන වෙන එකක් ගෙන්න කියල. වැඩේ ඉවරනේ. මහලොකුවට නිදහස් අධ්‍යාපනේ රකිනවා කිව්වට වෙන සියලුම උපාධි (Law,IT,QS,Accounting,Engineering,Biomedical) සමහර ප්‍රමිතියක් නැති ආයතන වලින් දෙනකොට මෙයාල නිදි.
දැන් නම් ඉවසුවා හොඳටම ඇති, ආණ්ඩුව මුන් ගැන තීරණයක් ගන්නම ඕන.
මෙහි දක්වා ඇති ජනතා අදහස් දොස්තර කෙනෙක්ගේ දෙමව්පියෙක් හෝ දරුවෙක් දැක්කොත් තමන්ටම ලජ්ජා හිතේවි...!!!
කසෙන් තලන්න ඕනේ.. වෙන දඬුවමක් නම් රාජ දඬුවමක් දෙන්න ඕනේ..
අප සමාජයේ සිටින අනුවණයින් කොච්චරක්ද කියලා මේකෙ දාල තියෙන සමහර කමෙන්ට් වලින් පේනවා. නිදහක් අධ්‍යාපනය වලපල්ලට යාමට කැමැත්ත්තෙන් සිටින්නත්, අධ්‍යාපනය හදාරන දරුවන්ට මිලෙච්ඡ විදියට පහර දීම සාධාරණීය කරන්නත්, නිදහස් අධ්‍යාපන වෙනුවෙන් කතා කරන උගතුන්ව පහත් මානසිකත්වයකින් යුතුව හෙලා දකිමින් කතා කරන්නත් සමහරු ඒක ඔප්පු කරලා පෙන්නනවා. මේ කොට්ඨාශයට සයිටම් සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ මිත්‍රයින්, නිදහස් අධ්‍යාපනය ලබන අවධියේදී රස්තියාදු ගසා අධ්‍යාපනය ලබා නොගත් පිරිස ඇතුළත් වෙනවා. මෙවැනි මානසිකත්වයකින් යුතු පුද්ගලයන්ගේ අදහස් හරියට සුලඟට අහුවෙච්ච දූවිලි වගේ... කිසිඳු වැදගත්කමක් නැත. මෙවැනි පුද්ගලයින් බහුතරයක් රජයකට නම් ඉතා වැදගත්...
රජය විසින් පුද්ගලික බෙහෙත් ශාලා තහනම් කළ යුතුයි. ඒක කරනකම් අපි බෙහෙත් කඩ ගැන බලගනිමු.
සමහර දොස්තරලා ගුටිකන මට්ටමටම තමන්ගේ වෘත්තීය ගරුත්වය කෙලසා ගන්නවා.... හොඳ දොස්තර මහත්වරුත් මේකට බැණුම් අහනවා.
පාරේදී බූවල්ලෙන් ගහන කාලේ ඉතාම ලඟයි වගේ පෙනෙන්න තියෙන්නේ....
රූපවාහිනියේ මේ දැන් යන නිවුස්වල යන්නේ සියලු ප්‍රතිකාර නවතා ඇති බවක් පෙන්වමින් වෛද්‍යවරුන් අපකිර්තියට පත් කිරිමේ පුවත්. ආණ්ඩුවට පහසුවෙන් මෙම ප්‍රශ්ණය විසඳිය හැකිව තිබියදී මෙවැනි තත්වයකට සිසුන්, වෛද්‍යවරුන් පත් කර මහජනතාව වෛද්‍යවරුන්ට එරෙහිව උසි ගැන්වීමේ රජයේ ක්‍රියාකලාපයට බලවත් අප්‍රසාදය පල කරමි.
මේක දොස්තර මාෆියාවක්. මේකෙන් කරන්නේ අසරණ ලෙඩුන්ව ප්‍රාණඇපයට ගැනීමයි. ලෙඩුන්ට හිරිහැර නොකර ගෙදර ගියා නම් හොඳයි. ආණ්ඩුවටම එවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකියි.
දොස්තරලා පොලිසියට බෙහෙත් නොකළා කියන්නේ අැත්තද?
රජය සතු මහජන දෙපොලකට කරපු අලාබෙ ගෙවන්නේ මහජනතාවම නේද?" සීනි කිලෝවෙන්, කිරිපිට පැකට්ටුවෙන්, පරිප්පු 500න් නේද ඕව ගෙවන්න වෙන්නේ දුප්පත් මහජනතාවට? නැතිනම් වෙන කවුද ඒවා ගෙවන්නේ ?" එකට පහරදෙනකොට අලාබ හානි කරනකොට මේ උගත් කට්ටියට හිතුනේ නැද්ද මේ අපි විනාස කරනේ අපේම ජනතාවගේ දේපොළ නේද කියල? ඉතින් එහෙම උදවිය ඔය සටන් කරන්නේ මහා ජනතාව වෙනුවෙන්මද? දොස්තරලා සටන් කරන්නේ මහජනතාව වෙනුවෙන්මද? අපි මහජනතාව හැටියට කොහොමද හිතන්නේ එහෙම? ඔය දේ කරපු මහත්තයෙක් අපිට කියල දෙනවානම්?
ඉන්දියාවෙන් දොස්තරල ගෙන්නපල්ල.මහින්දගෙ GMO එකේ මාන්නෙ බිදින්න ඕන.මේ වගේ කුහකයො මානසික ලෙඩ්ඩු වෙදකමට ගැලපෙන්නෙ නෑ.
ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද වෛද්‍යවරු පවසති. පුවත ඇත්තටම ක්‍රියාත්මකද ඩෙංගු රෝගීන් ගෙන් රෝහල් පිරි ඇති නිසා, මේක තමයි අවස්ථාව . සැලැස්ම හරිම පැහැදිලි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තියා ත්‍රස්තවාදීන් සංවිදානයක් ලෙස ක්‍රියා කරනුපෙනේ .
පව් අප්පා, සයිටම් කඩෙන් තේ බොන උදවිය සැහෙන්ට කොමෙන්ට් කරනවනේ, කමක් නැහැ, කමක් නැහැ, පිස්සෝ කලබල කරාට දොස්තරලා කලබල නැහැ. රටේ බහුතර උගත් ජනතාව දන්නවා අපි මේ පාරට බැහැල දුක් විදින්නේ කාගේ දරුවෝ හින්දද කියල
වැඩ.කල හැකි.දොස්තරලා පිට රටින් අවුරුදු 5ට ගෙන්වමු.
පින් පඩි ගන්න පුරවැසියෙකුගේ මාසික ආදායම මසකට රුපියල් 2000. දොස්තර කෙනෙක්ගෙ දිනක අදායම ලක්ෂ 2 . ලෙඩ්ඩු පොලු අතට ගන්න දවස.වැඩි.ඈත නෑ.