(උපාලි ආනන්ද)
කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
දැනට ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ප‍්‍රතිකාර ලබයි.සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේය.
හදගල රලපනාවේ කාන්තාවක පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී ඇත. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා තිබේ.
ඉන්පසුව එම කාන්තාවගේ නිවසට අද (21) ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර ඇත.
සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.
පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දන්වා තිබේ.
පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත් හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතාගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි විජිත් අල්විස් මහතා කටයුතු කර තිබේ.
රාජකාරියකට යන බවට පොලිසියේ පොත් වල සටහන් තබා මෙම සැරයන්වරයා පොලිසියෙන් පිටව ගොස් ඇත්තේ නිල ඇදුමින් බව මූලික විමර්ශනවලදි හෙළි වී ඇතැයි කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්කාශන වාර්තාවට සුදුසුද කියල බලන්න වෙන්න ඇති හදල තියෙන්නේ?
කාන්තා පරපුරට මනා ආදර්ශයක්...! රජයෙන් ඇයට වීර පදක්කමක් පිරිනැමිය යුතුය.
මෙහෙම හරි .... මේ විනයක් නැති නිලධාරීන්ට නීතිගරුකව හැසිරෙන්න ඉගැන්නුවා නම් තමයි හොඳ...
මෙයාව රජයේ වියදමින් රෝහලකට සතියට දෙසැරයක් වත් යවන්න.
නිවාඩු දාලා මේ ගමන ගියා නම් වරද පටවන්න තිබුණා. ඒ වුණත් රාජකාරි වෙලාවේ නම්, නිල ඇඳුමෙන් ගිහිල්ලා නම්, පොලිසියට තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඉහල නියෝගයකුත් මේකට සම්බන්ධයිද කියල සොයලා බලන්න?
මෙහෙම කරන උදවියගේ නිලතල හා තනතුරු ප්‍රසිද්ධියේ මහජනයා ඉදිරිපිටදී ඉවත් කලයුතු වේ.
රටේ පොලිස් නිලධාරීන් මෙහෙම කටයුතු කරන්නේ ඇයි? පොලිසියටත් හොඳ නැහැ
අර පොලොන්නරුව පැත්තේ රාළහාමිට කරපු දඬුවම දුන්නා නම් හරි..