(තරිඳු ජයවර්ධන)
ආගම් අතර අසමගිය ඇතිවන ප්‍රකාශක කළැයි ලැබී ඇති පැමිණිලි 21 ක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි, රිෂාඩ් බදියුදීන් මහතා සහ එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසකට විරුද්ධවද පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ අතර මැයි 14 වැනිදා සිට ජූනි 20 දක්වා පහරදීමේ සිද්ධීන් 14ක් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැකපිට 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් සහ බෞද්ධ නෙමෙයි. කතෝලික පල්ලි වලටත් ප්රහාරයන් එල්ල වුණා. ඒවත් හොයන්න...
ජයකොඩි මහතාණෙනි, ඔබතුමාලගේ නියෝග මත සිංහල සිසුවෙකු අත්අඩංගුවට ගැනුණා. එසේනම් බුදුපිළිම විනාශ කල අන්‍ය ආගමික අයත් වහාම අත්අඩංගුවට ගන්න. ඒක පාර්ශවික නීතිය හා දඬුවම් ක්රියාවේ යෙදවීම වහාම නවතන්න. මේ නිසාවෙන් ඇතිවිය හැකි විනාශය කිසිවෙකුට ගණනය කල නොහැක. ඉහත කී පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන හිමිනමට කළ ක්‍රියා පිළිවෙතම කරන්න. නීතිය වළක්වා දීමට ඉඩ නොතබන්න. උතුරේ පන්සල් හා නැගෙනහිර පන්සල්, පුජාභූමි රැක ගැනීම හා යළි ගොඩ නැගීමට ඇවසි සියලු නීතිමය පියවර ලබා දෙන්න...