ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි.
ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටිති.
රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටියහ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වාට්ටුවට ගත්තේ.... ඩෙංගු රෝගීන් ගන්න ඉඩ නැතිනම්?
සෞඛ්‍ය ඇමතිතුමා සනීපෙන් නම් අපට ඒ ඇති....
දැන් සංගමය ස්ට්‍රයික් කරන්නේ කවදද? මේගොල්ලන්ට පහර දුන්නට...
මේ වගේ හැසිරීම් ශිෂ්‍යයින්ට හොඳ නැහැ.
ශිෂ්‍යයන්ට ඕනේ නාකි වෙන කන් විශ්ව විද්‍යාලයේ ඉන්න වගේ....
ලැබූ නිදහස අයුතු ලෙස පාවිචි කරන්නේ කාගේ වුවමනවකටද? ශිෂ්‍යයිනි ඔබ කල යුත්තේ හොඳින් ඉගෙනගෙන හොඳ පුරවැසියන් වීම පමණයි.
මගේ රට ගැන ගොඩක් දුකඊ.පිටරට ඇවිත් ඉගන ගන්න දුක් විදින අපි හොද ජිවිතයක සිහින සබැ කරගන්න දුක් විදින අපිට මගේ රට ඉන්න උගත්හු කියන තණකොළ කන හරක් නිසා තව අවරුදු කීපයකින් බිහි වෙන්න ප්‍රතිපති තියන මිනිස්සු වෙනුවට තක්කඩි හොරු ටිකක් විතරඊ
මේ සැරෙත් නාවල ඉවරවෙලා බඩ කට පුරා කන්න දුන්නද ? කොච්චර දුන්නත් ඇති වෙන්නෙ නැහැ. ආයෙ ආයෙ ඉල්ලනවා.
අවිශේකේට උවමනා ත්‍රීමා වගේ තවත් බිල්ලක්.
මේ ආණ්ඩුවට පිස්සුද මෙහෙම පිස්සන්ට ඉඩදීලා බලන් ඉන්නේ? සිසුන් කරන වැඩද මුන් කරන්නේ. අවුරුදු 18 ට වැඩි අය කරන මෙවැනි ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකා දැඩි දඬුවම් කරන්න.
මේ සිසුන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට තම උසස් අධ්‍යාපන අවස්ථා පාඩු කර ගෙන බැටන් පොලු වලින් පහර කන බව හුගක් දෙනෙකුට නොතේරෙන මිනිස්සු ගැන කණගාටුයි.
බංකොලොත් දේසපාලකයන් මේ කඩාකප්පල් ක්‍රියා පිටුපස සිටිනවා .
විශේෂ කාර්ය බලකායට අපේ උපහාරය... රජය ඉක්මණින් තීරණයක් ගත යුතුයි...
විශ්ව විද්‍යාල වලට මුදල් අය.කල යුතුයි.එවිට මෙවැනි පිස්සෙක්.බිභි නොවෙනු.ඇත. විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේදී පිකටින් කිරීම තහනම් වගන්තියක් ඇතුලත් කළ යුතුයි..