ඉන්දිකා රාමනායක

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි.

ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටිති.

රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටියහ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළේය.