(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය.
මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සමග තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණීමත් සමග ළහිරු වීරසේකර පළා යාමට උත්සහ කළත් එය අසාර්ථක වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාට කරදරකරනවට නිසි දඩුවම් දෙන්න ඕන. ඉගෙන ගන්නේනේතුව මහපරමේ තම මේගොල්ලෝ ඉන්න හදන්නේ. කාගේ සල්ලිද මේ නාස්ති කරන්නේ.
මොහු රටක මුළු සිසු පරම්පරාවක්ම අගාදයට ගෙනයන ත්‍රස්තවාදියෙකි
අද පටන් මොහු ලංකාවේ දේශපාලන අපාධිය සමත් වෙනවා. ඔහු දැන් සරසවි සිසුවෙක් නොවෙයි.
මේ රටට දැන් කොන්දක් තියෙන ආණ්ඩුවක් අවශ්‍යයි ...මේ වගේ අයට අනුග්‍රහය දෙන ජ.වි.පෙ. එක හැමදාම කලේ මෙහෙම වැඩ තමයි..
මුළු රටටම කොඩි විනයක්...උපරිම දඬුවම් දෙන්න.
රටේ බුද්ධිමත්ම යයි සැලකෙන ළමයින්ගේ කාලය සහ ශ්‍රමය කා දමමින් කරන ජාති ද්‍රෝහී ක්‍රියාවට නිසි දඬුවම් දිය යුතුයි. රටේ සංවර්ධනයට ගත හැකිව තිබුණු ශ්‍රමය පැය කී ලක්ෂයක් දැනටමත් නාස්ති කළාද?
ත්‍රස්තවාදි ක්‍රියා වලට අහිංසක දරුවන් බලෙන් රැගෙන ගොස් දෙමව්පියන්ට දරුවන් නැති කරන රටට වින කරන මෙම ප්‍රධාන ත්‍රස්තවාදීන්ව අල්ලා නිසි දඩුවම් ප්‍රමාධ නොවී ලබා දිය යුතුයි.
අනිවාර්යෙන් ඕක තමයි කරන්න ඕනේ. ගම්වල ඉදන් විශ්වවිද්‍යාල වලට එන අහිංසක දුප්පත් ළමයින්ව කන්නේ ඔය වගේ උන් තමයි. පුලුවන්නම් අවුරුදු 10 කට විතර හිරේට යවන්න. එක මේ රටේ හැමෝම වෙනුවෙන් කරන ලොකු පුන්‍යකර්මයක්.
අවුරුදු දෙකක් වත් දාන්න හිරේ ....
මෙතන අදහස් දාන අය වැස්සකට වත් විශ්ව විද්‍යාලයකට ගිහිල්ල නැහැ. හීනමානයකින් පෙලෙන උදවිය. මුන් හිතන්නේ නැහැ අය් මේ කොල්ලෝ මහා පාරේ ඉන්නේ කියල, කව්රු වෙනුවෙන්ද, මොකක් වෙනුවෙන්ද කියල. අපි එදා ඔහොම සටන් කරපු නිසා තමය් අද ඉන්න ලමය් ඔය තියෙන පහසුකම් බුක්ති විඳින්නේ. මේක නොතේරෙන, එහෙම නැත් නම් කුහක කම නිසා හෝ ඊර්ෂියාව නිසා මේ කොල්ලන්ට බනින්නේ.
මොකද මේ වීරයා පොලිසිය දැකල දුවන්න හැදුවේ? තමන් විභාග අසමත් වුණා මදිවට අනිත් සිසුන්ද එ්වාටම ඇද දමන්නයි මොහු බලන්නේ. මොහු පිටුපස සිටින සිසුන්ගේ ජීවිත විනාශ කරන්න තැත්කරන දේශපාලන පක්ෂයේ නායක කාරකාදීන්ද අත් අඩංගුවට අරගන්න ඕනේ....
සිසුන්ගේ මුළු අනාගතයම විනාශ කරනවා නම් සෞදි අරාබියේ දඬුවම් දුන්නත් මදි. මොහුව වැරදි වලට පොළඹවන දේශපාලකයන්ටත් එම දඬුවම් ලබා දෙන්න.
අනේ අවුරුදු කීපයක් ඇතුලෙම තියන්න. අපිට නිදහසේ පාරකවත් යන්න....
මෙයාගේ අක්කා ඉගෙන ගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක. ඒත් රටේ අනික් ළමයින්ට ඒවායේ ඉගෙන ගන්න දෙන්නේ නෑ. කුහකකමේ උපරිමයටම ගිහිල්ලා....
සුදුසු දඬුවම් දී මහජන ආරක්ෂාව සලසා දෙන්න....
රජයේ දේපලට හානිකිරීම සහ මහජනතාව අසීරුවට පත්කිරීම යන චෝදනාවලට අඩුම වශයෙන් අවුරුදු තුනකටවත් ඇතුලට දමන්න ඕනේ....
හන්ගපු ආයුධ පෙන්නන්න එක්කගෙන ගියානම් හරි....
රටේ නිතිය කාටත් සමාන විය යුතුය. පොදු දේපල විනාශ කරන්නන් ඔවුන්ට අනුබල දෙන පුද්ගලයන් සහ ඔවුන් මෙහෙය වන පුද්ගලයන් වහාම හිරගෙට යැවිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙම නීතිය එකසේ ක්‍රියාත්මක කළ යුතුය.
එළියට නම් එවන්න එපා.... ඔයවගේ මිනිස්සුන්ව....
මුළු රටක්ම ආපස්සට ගෙන යන මෙවැන්නවුන් අත් අඩංගුවට ගත යුතුය .
මෙවැනි අයගේ චරිත ස්වභාවයන්ද හොඳ නැත.
මෙහෙම අයට නිසි දඬුවම් දෙන්න වෙනවා කියන එකයි මගේ අදහස...
ශිෂ්‍යභාවය අහෝසිකර දැමිය යුතුය. සරසවි තුළ සියලුම සංවිධාන තහනම් කල යුතුය. මොවුන් නිසා ලංකාවේ උසස් අධ්‍යාපනය ලිං මැඩි තත්වයට තල්ලු කිරීමට පත්වනු ඇත.
මේ අන්තරේ කියන්නේ කැම්පස් වනසන කණ්ඩායමක්... මේගොල්ලෝ කරන විකාර විරෝධතා නිසා මහජනතාව හෙම්බත් වෙලා ඉන්නේ... මොහු සහ ගෝලයෝ සේරම ඇතුඅළට දැම්මා නම් ඉවරයි. ඇප දෙන්න එපා. රටක් මේ විදියට කොහොමද ඉස්සරහට යන්නේ?
රටටම පිළිලයක් වෙලානේ..... අවුරුදු 2 කට හා 3 කට ඇතුළට ගියා නම් හරි...
සුළුතරයකගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සමස්ත ශිෂ්‍ය පරපුරම හෑල්ලුවට ලක්වෙමින් පවතී. දෙමව්පියන් වේලක් හැර වේලක් කමින් මොවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොවිඳිනා දුක් ගැහැට විඳීයි. නමුත් තම දරුවන් එම දුක් ගැහැටවලට කෘතගුණ සලකන්නේ පාරවල් ගාණේ රස්තියාදු වෙමින් තමාගේ අධ්‍යාපනය ලැබීමේ කාලය නාස්ති කරමින් හා ලෙක්චර්ස් කට් කරමිනි. එපමණක් නොව තම දෙමව්පියන් නොකඩා හැදූ තම අත පය පොලීසිය ලවා කඩා ගනිමිනි. එහෙත් මෙම උගත් ශිෂ්‍යයන් උජාරුවෙන් පවසන්නේ මෙය අනාගත පරපුර වෙනුවෙන් බවයි. එකක් පැහැදිලියි. තමන්ගේ සහ තම අසරණ දෙමව්පියන්ගේ අනාගතය ගැන නොසිතන අයගේ අනාගතය ගැන සිතීම හාස්‍යයකි..