(ඩයනා උදයංගනී)
භික්ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාරණ ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීම නිසා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
ඊට පසුබිම් වූ එම හේතු නොසලකා භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිකුලින් යුතුව හෙළා දකින බවත් රාමඤ්ඤ මහා නිකාය පවසයි.
ජාතික හා සාසනික ගැටලූ හමුවේ ඇතැම් සංවිධාන ක්‍රියාකළ අපරිණත ස්වරූපය නිසා ද බුදු සසුනට හානියක් වූ බව එහි දැක්වෙයි.
එවැනි ගැටලූ හමුවේ ක්‍රියාකළ යුත්තේ දේශපාලන පක්ෂ හා පුද්ගලයන්ගේ න්‍යාය පත්රවලට හසුනොවෙමින් හා දුරදක්නා නුවණින් යුතුව ශික්ෂිත ස්වරූපයකින් බව ද නාපානේ පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්ගේ අත්සනින් නිකුත් කළ එම ප්රකාශනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි ප්‍රශ්නේ..., ඊයේ මංගල සමරවීර මහතාගේ පෝයදාට බාර් අරින කතාවත් එවැන්නකි. නිකමට හරි හජ්ජි දවසේ බාර් අරින්න එතුමාට හිතෙන්නේ නැත්තේ බය නිසා වෙන්න ඇති. බුද්ධාගමට කරන නිගාවටත් සමාව ගත යුතුයි !
ආගමක්, ජාතියක් ගැන කැක්කුමක් නැති නිසයි මෙවැනි ප්‍රකාශ කරන්නේ. පෝයදාටත් මෙහෙම සලකන්න කතාකරන්නේ ඒකයි. අනේ අපේ රටේ තීරණ ගන්නා උදවියද?
බටහිරට ඕනේ විදියට නටන පාලකයෝ නිසා, සිංහල බෞද්ධයාට වන හානිය නම් සුළු පටු නොවේ. එ්කයි ඔවුන් හැමතිස්සේම ජාතිවාදය ගැන කතාකරන්නේ...
අපේ හාමුදුරුවනේ,... ඉස්සෙල්ලාම ගෝලයෝ ටික හරියට හදාගන්න ඕනේ...
පොහොය දවසටත් බාර් අරිනවා කියල කටක් අරින්න තරම් අපේ රට දැන් බාල්දුවෙලා ඉවරයි. ඒ නිසා අන්තවාදීන් කියල කියන එක සාමාන්‍ය දෙයක් වෙලයි තියෙන්නේ...
මම උපතින්ම කතෝලික.... ඒත් ඉස්සර පෝය දවස් වලට සහ වෙසක් පොසොන් කාලවලදී ඇතැම් මාධ්‍ය ක්‍රියා කල ආකාරය මීට අවුරුදු කිහිපයක ඉඳන් වෙනස් වෙලා තියෙනවා. අපි තවමත් ආසයි පොහොය දවස් වලට ඇහෙන පිරිත් බණ වැඩසටහන් වලට. ඒ වගේම විහාරස්ථාන ලගින් යනකොට දැනෙන ඒ සුවඳට. ඒත් ආණ්ඩු සහ ඒ ආණ්ඩු වල ඉන්න අය තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්රයන් ක්‍රියාත්මක කරන්න ගිහින් අද වෙනකොට රටේ ඇතිවෙලා තියෙන මේ විපරිත ස්වභාවය අපේ හිත් වලට ඇති කරන්නේ පුදුම කණස්සල්ලක්....