( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මින් පසු කොළඹ නගරයේ කැළිකසල කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයට බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව මීතොටමුල්ල කුණු ඉදිරියේදී බැහැර නොකරන බවද එම මහ නගර සභාව අධිකරණයට දැනුම් දී තිබිණි.
මීතොටමුල්ල ප‍්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට හා දිවි පැවැත්මට තර්ජනය වන අන්දමින් කුණු කන්දක් පවත්වාගෙන යාමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ මහනගර සභාව සිය නීතීඥවරයා මාර්ගයෙන් මේ බව අධිකරණයට දැන්වීය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් හමුවේ කැඳවිණි
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ දීරඝ කාලයක සිට නිසි ක‍්‍රමවේදයකින් තොරව කුණු බැහැර කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් අපේ‍්‍රල් මාසයේදී එම කුණු කන්දෙහි කොටසක් නාය යෑමෙන් පුද්ගලයින් 42 දෙනෙකු මරණයට පත්වූ බව එම පුද්ගලයින්ගේ මරණ සහතික පත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු ගොඩකට යටවී මියයන මිනිස්සු ඉන්න රටක්.......තම රටේ අපද්‍රව්‍ය ටිකවත් කළමනාකරණය කරගන්න බැරි රටක් බවට පත්වෙලා. තව මොන දියුණුවක්ද රටේ....? දිනෙන් දිනම අගාධයටයි යන්නේ. කොහොමද මෙහෙම බලා ඉන්නේ?