(ඔගස්ටින් ප්‍රනාන්දු)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ දිනවල රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් දියත් කර ඇතත් එම වෛද්‍යවරුන් හලාවත නගරයේ පිහිටි පෞද්ගලික රෝහල්වල සුපුරුදු ලෙසින් චැනල් සේවයේ යෙදුන ආකාරය අද (23) දැක ගත හැකි විය.
සයිටම් ආයතනයට එරෙහි විරෝධතාව අතරතුර දි සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු විශ්ව විද්‍යාල සිසුන් ඉවත්කිරීමට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදු වෙයි.
මෙම වර්ජනය හේතුවෙන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරු බාහිර රෝගින්ට ප්‍රතිකාර නොකළහ.
මේ අතර හලාවත නගරයේ පවත්වා ගෙන යන සියලුම පෞද්ගලික රෝහල්වලට පැමිණෙන ඕනම රෝගියකුට අද දවස පුරා ප්‍රතිකාර ලබා දුන් අයුරු දැක ගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම වර්ජන, තර්ජන, ගර්ජන දුප්පත් මිනිහා යන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට විතරයි. පස්ස දොරෙන් ඔක්කොම චැනල් කඩ අරගෙන වැඩ... ආණ්ඩුවත් නිදිනේ !!!
අනේ ඉතින් මොන්ටෙරෝ එකක් ගන්න තියෙන ආසාවනේ. ගෙයක් දොරක් අනිත් දොස්තර මහත්වරුන්ට වඩා ලොකුවට හදා ගන්නත් එපෑයෑ ඉතින්...
හලාවත නම් වූ මේ නගරය අමෙරිකාවේ පිහිටා තියනවා විය යුතුය. මොකද ලංකාවේ හලාවත නම් නගරයේ එවැනි දෙයක් කිසිසේත්ම සිදුවිය නොහැක. එහි දොස්තරවරු ජනතාවගේ බදු මුදලින් ඉගෙනුම ලබා අපගේ ජනතාවට කිසිදාක වර්ජන නොකර සේවය කරති. මෙය ජී.එම්.ඕ.ඒ. එක අපහසුතාවයට පත් කිරීමට වෙනත් රටක වෛද්‍යවරු කිහිප දෙනෙක් කළ වැඩක් විය යුතුය. ඇමෙරිකාවේ එහෙම වෙතත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
කළුතරත් එහෙමයි. රජයේ සේවයෙන් අස්වූ දොස්තර කෙනෙක් පුද්ගලික රෝහලේ opd එකේ වැඩ. හලාවතත් එහෙම වෙලා වගේ. දැන් තමයි වෙලාව සයිටම් දොස්තරලට ඇවිත් OPD වැඩ කරන්න කියමු.
නිදහස් අධ්‍යාපනය සුරකින්න උත්සාහ කරන දොස්තරලා නිදහස් සෞඛ්‍ය සේවය ගැන නොසලකන්නේ ඇයි?
මොකද්ද මේ වෙන්නේ? කවද්ද මේක ඉවර කරන්නේ? කවුරුහරි මැරෙනකම් ද ඉන්නේ...?
හොඳ වැඩේ.... යහපාලනයට ඡන්දේ දුන්නාට...
ඔක්කොම රජයේ රෝහල් පෞද්ගලික කළාම ප්රශ්නය විසඳෙනවා.
කෝ ඉතින් නිදහස් සෞඛ්‍ය සේවය? රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේවට මොකද කියන්නේ! ඒවාට සටන් නැහැ.
ඔයවගේ දොස්තර වරුන්ට කියන්න ඕන " දොස්තර " කියන නම නෙවෙයි . " මාර දූතයෝ" කියලා... ඒ අයට යන්න වෙනම අපායකුත් හැදෙයි.
ඔව්... ජාඇල පුද්ගලික ක්ලිනික් එකකුත් 6 සිට 10 දක්වා විවෘතව ඇත.
ඇයි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක වරදක්ද.. ස්ට්‍රයික් නොකර...