( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසක් නීතිවිරෝධි ලෙස කඩා ඉවත් කීරීමේ සිද්ධියට අදාළව එම නිවැසියාගේ කඩවූ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් වන්දි ලෙස රුපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු විය.
ඒ අනුව අදාළ ගෙවීම ලබන අගහරුවාදා (27) සිදු කිරීමට හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
මර්වින් සිල්වා මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
කිරිබත්ගොඩ ඊරියවැටියයේ පදිංචි අසිත නානායක්කාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු කැළණිය ප්‍රා දේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර , කිරිබත්ගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති , හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
මීට පෙර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවේ පෙත්සම්කරු වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා සහ හිටපු කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ,ඊට වන්දි වශයෙන් හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 4ක මුදලක්ද , හිටපු කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක මුදලක් පෞද්ගලික මුදලින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු අය්යේ, දැන් ඉතින් ඔය දඩය ගෙවලා දාන්න.හිතන්නකෝ අය්යේ..දැන්වත් හැදෙන්නකෝ අය්යේ.
ආයෙමත් පක්ෂයක් හදාගෙන ඇවිත් මොනවා කරයිද දන්නේ නැහැ. මෙතුමාව පැත්තකට කරලා තියන එක හොඳා....
දැන් ඉතින් දඩය ගෙවන්නම වුණානේ ...
ස තොස වැඩ කරලා සමාජ සේවය කර ල ගෙවන්නන කොහෙද සල්ලි
ඇමතිකම නැති උනාට පස්සේ මර්වින් මල්ලිට මොලේ පැදිගෙන එනවා වගෙයි.